News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය ගැන විවාදයකට එන්න - නන්දලාල්ට ගම්මන්පිලගෙන් අභියෝගයක්

May 9, 2024 at 07:51 AM
|

විදේශ විනිමය මෙරටට අහිමි කරමින්, අධික විදුලි බිල හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් නිර්මාණය කර විදුලි බල මණ්ඩලය ලබන ලාභයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

පිරිවැය නිරූපිත මිල ක්‍රමයකට විදුලිය ලබාදීම විය යුතු වුවද  අතීත විදුලි පාරිභෝගිකයාගේ පිරිවැය ද වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනී සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමය නායකයා ප්‍රකාශ කරයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කර සිටියේ  පාර්ලිමේන්තුවේ පැවති ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබද විවිාදයට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය.

දූෂිත දේශපාලකයා පමණද?

ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගි වීමට ලැබීම සතුටක්.  අපි 2021 දී ඛනිජතෙල් සම්පත් සංවර්ධන පනතක් ඉදිරිපත් කළා. මේ පනත සම්මත කිරීමට අමතරව අධිකාරියක් බිහි කළා.  ගවේශන සිතියමක් සැකසුවා.  නිලධාරින් බඳවා ගත්තා.  ගුවන් යානා සහ නැව් භාවිතා කරලා ගවේශන කටයුතු ඇරඹුවා.  නමුත් ලංකාවේ තෙල් සහ ගෑස් ගවේශනය පිළිබඳ මෑතක දී නම් නැවුම් ප්‍රවෘත්තියක් අපට අහන්න ලැබුණේ නෑ.  අද ලෝකය පාරිසරික හේතු මත සීඝ්‍රයෙන් ඛනිජතෙල් භාවිතයෙන් ඈත් වෙනවා.  අපේ ඛනිජතෙල් වලට වඩා තිබෙන්නේ ස්වභාවික ගෑස්.  තවත් කලක් ගියාම ස්වභාවික ගෑස් භාවිතයත් අවසන් වේවි.  වත්මන් ආර්ථික අර්බූදයට වඩාත් නිශ්චිත විසඳුම තමයි  හැකි ඉක්මනින් අපේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගන්න එක.  ඒක හැකි ඉක්මනින්ම සිදු කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ ඊයේ ඇමතිවරයා සාකච්ඡාවක් කැඳවා තිබුණා.  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැවුම් නීතියක් ගෙන ආ යුතුයි.  තරගකාරි පසුබිමක කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.  බිහි කරන  නැවුම් සමාගම්වල වගේම උපදේශක සභාවේත් පත්වීම් කරන්නේ ඇමතිවරයා නිසා ඇමති සතු බලතල ඉවත් කරන්න එතැන දී සමහරු යෝජනා කළා.  මේ අදහසට අපි විරුද්ධයි.  ඇමතිවරයා හරහා තමයි රාජ්‍ය ආයතන මහජනතාව සමග ගැට ගැහෙන්නේ.  අපි ආයතන ස්වාධීන කරනවා කියලා මොකක්ද කරන්නේ?  නිලධාරි පාලනයකට නතු කරන එක කරන්නේ.  දේශපාලකයින් දූෂිතයි.  ඇත්ත.  සමහර දේශපාලකයින් දූෂිතයි.  එතකොට නිලධාරින්?  අර වගේම සමහර නිලධාරින් දූෂිතයි.  ඒක තමයි තිත්ත ඇත්ත.

දේශපාලකයා වසර පහකට වරක් ජනතාව ඉදිරියට එන නිසා ජනතාවට බයයි. සමහරු එහෙමහ ඇවිත් සමත් වෙනවා. සමහරු අසමත් වෙනවා. ඒ නිසාම දේශපාලකයා නිලධාරියාට වඩා ජනතාවට බයෙන් තමයි වැඩ  කරන්නේ.  නිලධාරින් කවදාවත් ජනතාව ඉදිරියට එන්නේ නැති නිසා එහෙම බයක් නෑ.  දේශපාලකයාට වරදින තුරු බලා ගෙන ඉන්න විපක්ෂයක් ඉන්නවා.  නිලධාරින්ට එහෙම එකක් නෑ.  අපි බලයට පත් වුණාමත් වැඩ කරන්න වෙන්නේ මේ නිලධාරින් සමග නේද කියලා හිතමින් විපක්ෂය නිලධාරින් පිළිබඳ කටයුතු කරන්නේ ප්‍රවේශමෙන්.

2002 දී සිහළ උරුමයේ ක්‍රියාකාරකමකට පරිත්‍යාගයක් ඉල්ලන්න මමත් චම්පික රණවක මන්ත්‍රිවරයාත් ව්‍යාපාරිකයෙක් හමු වුණා.  ඒ පරිත්‍යාගය නම් ලැබුණේ නෑ.  නමුත් මසුරන් කතාවක් කිව්වා.  දේශපාලකයෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ තිබෙන්නේ අවුරුදු පහයි.  නිලධාරියෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ අවුරුදු 30ක් 35ක් ලබා ගන්න පුළුවන්.  ඒ නිසා දේහපාලනීකරනයට බියෙන් ස්වාදීන කරන්න කතාකරන එක ඊට වඩා භයානකයි.

ස්වාධීන වූ මහ බැංකුව සිදු කලේ කුමක්ද?

පසුගිය අවුරුද්දේ ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා පනතක් ගෙනාවා.  මහ බැංකුව මහජනතාවට වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් වෙන බව අපි දැක්ක නිසා අපි ඒකට විරුද්ධ වුණා.  නමුත් විපක්ෂයේ බහුතරය ඒකට හුරේ දැම්මා.  මේක පාර්ලිමේන්තුවේ බේරා ගන්න බැරි බව තේරුණු නිසා අපි අධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් නිර්දේශ කර ගත්තා.  ඒ සංශෝධනත් කර ගත්තේ නැතිනම් මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වෙන්න තිබුණා.  හැමෝම මහ උජාරුවට කතා කරන ස්වාධීනත්වය ලබා දුන්නාම ඒ අය මොකද කලේ? ලංකාවේ කිසිම ආයතනයක නොකළ ආකාරයකට ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තා.

විවාදයකට එන්න –  මහබැංකු අධිපතිට අභියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම පාඩු ලබන අතරේ තමයි ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තේ කියන එක මම පසුගිය 6දා මාධ්‍ය හමුවක් තියලා රටට දැනුම් දුන්නා.  2023 මහ බැංකු වාර්තාවට අනුව  ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්.  2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්.  මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි.  ඊයේ මහ බැංකු අධිපතිතුමා මාධ්‍ය හමුවක මට ප්‍රතිචාර දක්වමින් කිව්වා මහ බැංකුව තිබෙන්නේ ලාභ ලබන්න නොවේ ආර්ථික ස්ථාවරත්වය හදන්න.  ලාභ පාඩු මත මහ බැංකුව සාර්ථක ද අසාර්ථක ද කියලා තීරණය කරන්නේ අවබෝධයක් නැති අය කියලා.  මහ බැංකු අධිපතිවරයා ඉතාම නින්දිත අයුරින් දේශපාලකයෙකුවත් නොකරන අයුරින් මගේ ප්‍රකාශය තමන්ට වාසි වන අයුරින් වෙනස් කරගෙන තමන් හදා ගත්තු ප්‍රකාශයට පිලිතුරු දීලා මම ඇත්තටම මතු කළ කාරණයට පිලිතුරු දීම මග හරිනවා.

මම එතුමාට ආරාධනා කරනවා මගේ කතාව සාවධානව ඇහුම්කන් දෙන්න කියලා.  පාඩු ලැබීම නිසා මහ බැංකුව ආයතනයක් විධියට අසාර්ථකයි කියලා මම කොතැනවත් කියලා නෑ.  මහ බැංකුව තිබෙන්නේ ලාභ උපයන්න නොවේ. ඒ ගැන විවාදයක් නෑ.  නමුත් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගෙන ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම කර ගත්තේ දිගින් දිගටම පාඩු ලබන වාතාවරණයකයි කියලායි මම කිව්වේ.   මහ බැංකුව පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා ද කියා එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා.

අපනයන කුඩු – මණ්ඩල ලාභ ලබයි

අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම.  නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි.  2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී.  විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු මාස තුනක් රට අකර්මන්‍ය කළ අරගලයක් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අපනයන ආදායම අඩු වෙලා.  මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි.  වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි.  නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා.  හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 60ක් ලාභ ලබලා.  කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු.  කර්මාන්ත වැහිලා ගිහින් අපනයන ආදායම වැටිලා රැකියාවල් නැති වුණාට පස්සෙ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්.  අපි විදුලි බිලේ අසාධාරණය පෙන්වන්න සම්මන්ත්‍රණ දෙකක් පැවැත්තුවා. මාධ්‍ය හමු ගණනාවක් පැවැත්තුවා.  අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කිරීමේ ආදිනව කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කලේ නෑ.  ඇත්තෙන්ම ආණ්ඩුව උත්සාහ කලේ වත්මන් විදුලි බිල දැවැන්ත ලෙස වැඩි කරලා ඉතිහාසය පුරා විදුලි බල මණ්ඩලය ලැබූ පාඩුව අය කර ගන්නයි.

පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් වෙනුවෙන් අපි හැමදාමත් පෙනී හිටියා.  විදුලි නිෂ්පාදනයේ පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් මිස වෙන කාගෙන්වත් අය කිරීම සාධාරණ නෑ.  නමුත් මෙතැන වුණේ අතීත විදුලි පාරිභෝගිකයාගේ පිරිවැය වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමයි.  ඒක කරන්න ගිහිල්ලා තමයි අපේ නිෂ්පාදන පිරිවැය ඉහල ගිහිල්ලා අපට ලෝක වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා අපේ අපනයන ඇදගෙන වැටුණේ.

අවම පිරිවැයෙන් විදුලිය ජනනය කිරීම

අපි නැවතත් යෝජිත විදුලිබල පනතට යමු. අපේ ජනන සැලැස්මක් හදන කොට අපේ පදනම් ප්‍රතිපත්තිය වුණේ අවම පිරිවැයෙන් විදුලිය ජනනය කිරීම.  මොකද පවතින විදුලි බල පනතේ ඒක සඳහන් වෙනවා.  එහෙම නීතිමය විධිවිධානයක් තියාගෙන තමයි රු31ට විකුණන විදුලි ඒකකයක් ඩීසල් විදුලි බලාගාර වලින් රු 140/-ට මිල දී ගත්තේ.  අවම පිරිවැයෙන් විදුලි ජනන ප්‍රතිපත්තිය මේ පනතේ අරමුණක් ලෙස සඳහන් වෙලා නෑ.  එතකොට විවිධ සාධාරණීකරණයන් ඉදිරිපත් කරමින් ඩීසල් විදුලි බලාගාර වගේ වැඩි මිල විකල්ප වලට වුණත් යන්න මේ පනතෙන් සිදුරක් නිර්මාණය කරලා තිබෙනවා.

ඒ විතරක් නොවේ.  අපේ බලවත් විරෝධය මැද 2022 දී විදුලි බලය සැපයීමට තිබුණු තරගකාරි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කලා.  ඒ නිසාම අවම පිරිවැය ප්‍රතිපත්තිය මේ පනතේ සඳහන් වීම අත්‍යාවශ්‍යයි.  එහෙම නොකලොත් නව පනත හරහා බලාපොරොත්තු වෙන විදුලි බිල අඩු කිරීමේ අරමුණ ඉටු කර ගන්න බැරි වෙනවා.

විදුලි උත්තපාදන ක්‍රියාවලියේ විදේශ සහභාගිත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙන්න ඕනි.  ඒ නිසා විදේශ සහභාගිත්වය සමස්ත නිෂ්පාදනයෙන් උපරිම සීමාවක් මේ පනතට හඳුන්වා දිය යුතුයි කියා යෝජනා කරනවා. ඒ උපරිම සීමාව පනතේම සදහන් කරලා තිබුනොත්, ඒ විධිවිධාන වලින් පිට ගිහිල්ලා විදුලි නිෂ්පාදනයට යම් සමාගමක් ගෙනාවොත් ඒ පිලිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනවා.

ජාතික පද්ධති ක්‍රියාකරු වැදගත් ඇයි ?

නව පනතේ පිහිටුවන ආයතන වලින් වැදගත්ම ආයතනය විධියට අපි දකින්නේ ජාතික පද්ධති ක්‍රියාකරු කියන සමාගම.  මේ සමාගම තමයි කුමන සමාගම් වලින් කුමන මිලකට කොපමණ ප්‍රමාණයක් විදුලිය මිල දී ගන්නවා ද කියන එක තීරණය වන්නේ.  ඒක 100%ක්ම රජයට අයිති සමාගමක්.  ඔතැන තමයි වැඩිම දූෂණයට ඉඩ තිබෙන තැන.  එක් එක් සමාගමෙන් වැඩි ඒකක ප්‍රමාණයක් මිල දී ගන්න අත යට ගනුදෙනු සිදු වෙන බවට චෝදනා එල්ල වෙන්නේ ඔය සමාගමට.  ඒ නිසා මේ සමාගම විනිවිද භාවයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්.  සමාගමේ විගණනය කරපු ගිණුම් ප්‍රසිද්ධ වෙන්නේ ගනුදෙනුව වෙලා වසර එකහාමාරකට පස්සේ.  එතකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි.  ඒ නිසා සෑම දිනකම කුමන සමාගමෙන් කුමන මිලට කොපමණ විදුලි ඒකක ප්‍රමාණයක් මිල දී ගත්තා ද කියන එක දිනපතා තමන්ගේ වෙබ් අඩවියේ දාන්න ඕනි.  ඒක පනතට සිදුවිය යුතු අත්‍යාවශ්‍ය සංශෝධනයක් විධියට අපි දකිනවා.

විදුලි පාරිභෝගියන්ට කර්මාන්ත කරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය වන අවම පිරිවැයෙන් විදුලිය ලබාගැනීමේ අයිතිය මේ පනත තුලින්වත් ඉටුකරගන්න හැකිවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.