News Category
From Date
To Date
Maximum Number of Result

වීසා නිකුත් කිරීමේ බලය විදේශීය පුද්ගලික සමාගමකට පැවරීමට හේතුවූ තොරතුරු මහජනයාට හෙළිදරව් කරන්න - දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ආගමන විගමන පාලකවරයාට ලිපියක්

May 8, 2024 at 09:43 AM
|

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය විදේශීය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් විදේශීය පුද්ගලික අංශයකට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බවත් ඒ මහතා එම ලිපියෙන් පෙන්වා දී තිබේ. 

ආගමන විගමන පාලකවරයාට ලැබී ඇති බලතල අනුව ඔහු විසින් අනුමත කරනු ලැබූ අත්තනෝමතික තීන්දුව අත්හිටුවන ලෙස සහ ඔහුට එවැනි නීති විරෝධී තීන්දුවක් ගැනීමට සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තොරතුරු මහජනයාට එළිදරව් කරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

අදාල ලිපිය පහළින්...

ආගමන විගමන පාලක,
ආගමන විගමන දෙපාර්තමේන්තුව,
බත්තරමුල්ල.

ගරු මැතිතුමනි,

නීති විරෝධී ආකාරයට විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික ඉන්දියානු සමාගමකට පැවරීමේ වරද පිළිබඳව

පසුගිය මැයි 01 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ඇති වූ ප‍්‍රමාදය නිසා පැන නැගුණු විරෝධය තුළින් ආගමික විගමන දෙපාර්තමේන්තුව විසින් එසේ වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලිකම ඉන්දියානු සමාගමකට පවරා ඇති බව රටට එළිදරව් විය. නමුත් ජාතික ආරක්ෂාවට පවා ප‍්‍රබල බලපෑමක් ඇති කරන එවැනි රාජ්‍ය වගකීමක් පුද්ගලීකරණය කෙරෙන බවට කිසිදු වගකිවයුත්තකු විසින් රටේ ජනතාව දැනුවත් කර තිබුණේ නැත.

ඊට පෙර 2012 සිට ක‍්‍රියාත්මක කරනු ලැබූ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සහ පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔබගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. එම නිලධාරීන් විසින් එම වගකීම මැනවින් ඉටුකළ බව සහ ඒ පිළිබඳව දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයෙකු විසින් විරෝධතා දැක්වීමක් සිදුකර නොමැති බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි.

ඒ ආකාරයට රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් පුද්ගලික අංශයට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාවලිය තුළ වීසා නිකුත් කිරීමේ පටිපාටිය සංකීර්ණ වීම සහ අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසාම එසේ සංචාරකයින් අධෛර්යමත් වීම සිදුවන බව ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැක. ඒ අනුව දළ වශයෙන් එක් වීසා බලපත‍්‍රයක් සඳහා ඇමරිකානු ඩොලර් 25කට අධික අමතර පිරිවැයක් දැරීමට සංචාරකයාට සිදුවන බව ඔබ පිළිගන්නවා ඇත. එම මුදල් රජයට නොලැබෙන අතර ආණ්ඩුවේ ඉලක්කවලට අනුව වාර්ෂිකව දළ වශයෙන් සංචාරකින් මිලියන 3ක් රටට පැමිණියහොත් එම සරල සේවාව සැපයීම මගින් අදාළ සමාගම උපයාගන්නා ආදායම ඩොලර් මිලියන 75ක් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එනම් ප‍්‍රසම්පාදන පටිපාටියට විරුද්ධව එම පුද්ගලික සමාගමට අදාළ වගකීම පැවරීම මගින් අදාළ ක‍්‍රියාවලියට ආශිර්වාදය ලබා දුන් පිරිසකට අයුතු ප‍්‍රතිලාභයක් ලැබෙන බවට එල්ල වන චෝදනා සාධාරණීකරනය වන බවද ඔබ පිළිගන්නවා ඇත.

කෙසේ වෙතත් දැනට පවතින නීතිය යටතේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට යටත්ව හෝ ඒ ආකාරයට වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමට පැවරීමට ඔබට බලයක් නැති බව ඉතා පැහැදිලිය. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියට අදාළව පත් කරනු ලැබූ කමිටුවක් මගින් පවතින නීතිය සංශෝධනය කිරීමකින් තොරව එවැනි පුද්ගලීකරණය කිරීමක් සිදුකළ නොහැකි බවට මතයක් ප‍්‍රකාශ කළ බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය. එසේ නම් ඔබ විසින් අනුමැතිය ලබා දුන් ක‍්‍රියාවලිය නීති විරෝධී බවට ඔබට ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය.

යම් රටවල් වීසා අයදුම් පත‍්‍ර සකස් කිරීමේ ක‍්‍රියාවලිය අදාළ ඉන්දියානු සම්භවයක් සහිත සමාගමට පවරා ඇතත් වීසා නිකුත් කිරීමේ බලය සහ ආගමන විගමන තොරතුරු පද්ධතියට ඇතුල්වීමේ බලය ලබාදී නොමැත. ඒ අනුව ඔබ විසින් අනුමැතිය ලබාදී ඇති ක‍්‍රියාවලිය කිසිසේත්ම සාධාරණිකරණය කිරීමට හැකියාවක් නැත. ඊට අමතරව මෙම තීන්දුව යම් බලපෑමක් මත කඩිනම් කිරීමට සිදුවූවාද යන්න පිළිබඳව සැකයක් මතුවේ. ඊට හේතුව ඔබගේ ආයතනයේ වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශයට පත් කර තිබූ ආකාරයට චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය ආදී රටවල් කිහිපයක සංචාරකයින්ට 2024 මැයි 31 දා දක්වා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කරන බව ප‍්‍රසිද්ධියට පත්කිරීමය.

අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නීති විරෝධී තීන්දුවක් ඔබ මත පැටවීමට උත්සාහ කරන අවස්ථාවක අදාළ ක‍්‍රියාවලිය නීතියට අනුකූල නොවන බව පෙන්වාදීම ඔබගේ අවම යුතුකමක් බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව ජාතික ආරක්ෂාව අනතුරට පත්වන තීන්දුවක් නීති විරෝධීව ක‍්‍රියාත්මක කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවෙන් ඔබට ගැලවිය නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එසේම වගකිවයුතු රට වැසියන් ලෙස එවැනි ක‍්‍රියාවන් ඉවසා සිටීම බලවත් වරදක් බවද ඔබ පිළිගන්නවා ඇත. එම පිළිගැනීමට අනුව ඔබගේ නීති විරෝධී පරිපාලන තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළව අප සංවිධානය විසින් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමු.

පුද්ගලිකව ඔබට නීතිමය බැඳීමෙන් සහ හෘද සාක්ෂියේ පීඩාවෙන් ගැලවිය හැක්කේ මහජන යහපත සඳහා සද්භාවයෙන් යුතුව අදාළ තොරතුරු එළිදරව් කිරීමෙන් පමණක් බව අපගේ පිළිගැනීම වේ. බොහෝ රටවල එසේ මහජන යහපත පිණිස තොරතුරු එළිදරව් කරන සහ කණගාටුව ප‍්‍රකාශ කරන ඉහළ රාජ්‍යය නිලධාරීන්ට නීතිය මඟින් සමාව ලැබේ. අවසානයේදී අප රටේ එවැනි නීතියක් සම්මත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

එම නිසා පනත් මගින් ඔබට ලැබී ඇති බලතල අනුව ඔබ විසින් අනුමත කරනු ලැබූ අත්තනෝමතික තීන්දුව අත්හිටුවන ලෙස සහ ඔබට එවැනි නීති විරෝධී තීන්දුවක් ගැනීමට සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තොරතුරු මහජනයාට එළිදරව් කරන ලෙස අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්,
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.