රාජ්‍යයේ අකටයුතුකම් පිළිබඳව නලාව පිඹින මිනිසුන් ආරක්ෂා කළ යුතුයි... ඒ අනුව ගුවන්තොටුපොළේ දී තම යුතුකම් ඉටුකළ නීතිඥයා ආරක්ෂා කළ යුතුයි - ජාතික සංවිධාන කියයි
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ තමන් දුටු වරදක් උස් හඬින් පෙන්වා දුන් නීතිඥවරයා පොලිසියට කැඳවා අඩන්තේට්ටම් කිරීම පිළිබව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස්,
"රාජ්‍යයේ අකටයුතුකම් පිළිබඳව හෙළිදරව් කරන රට වැසියන් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විශේෂිත නීති පනවා තිබෙනවා. ඒවාට කියන්නේ නලාව පිඹින්නන් ආරක්ෂා කිරීමේ නීති කියලා. නමුත් අපේ රටේ සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එම නීතිඥ තරුණයා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව සහ ඊට මුල්වූ හේතුවට අදාළව උස් හඬින් කරුණු දැක්වීම වරදක් වන්නේ කෙසේ ද?.
ඔහු එතැන කැළඹීමක් කළේ නැහැ. නිලධාරින්ගේ රාජකාරියට බාධාවක් කළේ නැහැ. ඔහු ඉටුකළේ රටවැසියකුගේ වගකීමක්. එහිදී හඬ උස්ද පහත් ද යන්න වැදගත් නැහැ.
රාජ්‍ය ආයතනයක සාමාන්‍ය ක්‍රියාවලියක් වෙනස් කිරීම නිසා අපහසුතාවකට මහජනයාට මුහුණ දීමට සිදුවුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් පූර්ව දැනුම්දීමක් කළ යුතුයි. එසේ නොකර ගැටලුවක් මතුවූ පසු ඒ ගැන කතා කළ පුද්ගලයා දඬුකඳේ ගැසීම ලැජ්ජා නැති වැඩක්.
ඒ ලැජ්ජා නැති මුග්ද ක්‍රියාව මගින් පාලකයන් බලාපොරොත්තු වන්නේ එවැනි ක්‍රියාවන්ට පෙළඹිය හැකි සෙසු පුද්ගලයන් බියවැද්දීම සහ ඔවුන්ට මානසික බාධක පැනවීමයි. ඒ නිසා යුක්තියට ගරුකරන සියලු මිනිසුන් මේ අසාධාරණ බලහත්කාරකමට විරුද්ධ විය යුතුයි.
ඊට අමතරව මේ සියල්ල ඉන්දියානු බලහත්කාරයේම කොටසක් ලෙස තේරුම්ගත යුතුයි. ජාතික සංවිධාන හැටියට අපි මේ බියගුළු නිවට ක්‍රියා තරයේ හෙළාදකිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා