News Category
From Date
To Date
Maximum Number of Result

වික්‍රමසිංහ පාලනයේ "පරගැති සැලැස්මට" එරෙහිව "සටන් වැදීම" සඳහාත් ඊට අවශ්‍ය කරන "පුළුල්තම සමගිය නිර්මාණය කිරීම" සඳහාත් එක් වෙමු! - විමල් වීරවංශ

May 1, 2024 at 07:40 AM
|

ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කළ කම්කරු දින පණිවිඩයෙන් පවසන්නේ වික්‍රමසිංහ පාලනය අද මේ රට රැගෙන යමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ දිසාවට නොව, නැවතත් කිසි දිනක ගොඩඒමට නොහැකි ඉරණමක් කරා බව ය.

පාලකයන් සහ වත්මන් මහබැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික බලධාරීන් අද මේ ආර්ථික අර්බුදය යොදාගනිමින්, හිතාමතාම  ශ්‍රී ලංකාවට වැළඳී තිබූ "ආර්ථික සෙම්ප්‍රතිශ්‍යාව", "ආර්ථික නියුමෝනියාවක්" බවට තීව්‍ර කොට ඇති බවත්, එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරකර ඇති බවත් ඒ මහතා පවසයි.

විමල් වීරවංශ මහතා නිකුත් කළ කම්කරු දින පණිවිඩය පහළින්... 

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් එම සටන ඇරඹි දිනය 1886 මැයි පළමුවැනිදාය. 1890 සිට ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය එම විරුවන් වාර්ෂිකව සැමරීමට තීරණය කළ අතර ඒ අනුව අදට යෙදී ඇත්තේ 134 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය උදාවන්නේ ලොව යුදමය වාතාවරණය උග්‍ර වී ඇති මොහොතකය. එක් පසකින් ගාසා තීරය සහ පෙරදිග මුල් කොටගත් දරුණු මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති අතර අනෙක් පසින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා බලවතුන් යුක්‍රේනය පෙරට දමා රුසියාව සමඟ යුද වැදී සිටිති. ඒ අනුව පෙනී යන්නේ ලෝක පරිමාණව ගත් කල අන් කවරදාටත් වඩා වැඩ කරන ජනතාව සහ සමස්ත මානව සංහතිය අභියෝග කන්දක් පාමුල සිටින බවය. එසේ වුවත් සමස්ත මානව සංහතියට සුබවාදී, ජයග්‍රාහී අනාගතයක පෙරමග ලකුණු දැකගත හැකිය; එනම් ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඒකධ්‍රැවීය බලයට අභියෝග කරන බලයක් ලොව තුළ ගොඩනැඟෙමින් පැවතීමය. ගොඩනැඟෙන බලය විසින් වඩා වාසිදායක වාතාවරණයක් වැඩ කරන ජනතාව ප්‍රමුඛ ප්‍රගතිශීලී මානව සංහතියට උදාකර දෙන බව අපගේ විශ්වාසයයි.

එසේම අප රටක් ලෙස මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය උදාවන විට සිටින්නේ ලබාගත් ණය පවා ගෙවාගත නොහැකි ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවය. මේ ආර්ථික අර්බුදයට මුල් වූ හේතුවලට පිළියම් යොදමින් රටක් ලෙස පෙරට යාමක් අද සිදුවන්නේද? විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින අප අද යමින් සිටින්නේ විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයන මාවතක ද? විදේශ විනිමය අඩුවෙන් වියදම් කරන මාවතක ද? වෙළඳ පරතරය දවසින් දවස අඩු කරගන්නා මාවතක ද? යන සියල්ල දෙස බැලුවද පිළිතුර වන්නේ 'නැත' යන්නය. එපමණක් නොව  වික්‍රමසිංහ පාලනය අද මේ රට රැගෙන යමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ දිසාවට නොව, නැවතත් කිසි දිනක ගොඩඒමට නොහැකි ඉරණමක් කරා බව ද ඉතා පැහැදිලිය.

මෙම පාලකයන් සහ වත්මන් මහබැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික බලධාරීන් අද මේ ආර්ථික අර්බුදය යොදාගනිමින්, හිතාමතාම  ශ්‍රී ලංකාවට වැළඳී තිබූ "ආර්ථික සෙම්ප්‍රතිශ්‍යාව", "ආර්ථික නියුමෝනියාවක්" බවට තීව්‍ර කොට තිබේ. එසේ කොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරකර තිබේ. දැන් අපට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරව ඔවුන් පවසන පරිදි පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ පරිදි අලුතෙන් 18%ක වැට් බද්ද පනවනු ලැබුවේ දේශීය නිෂ්පාදන පද්ධතිය අඩාල වන පරිදිය. "ආර්ථික නියුමෝනියාව" වැළඳී සිටින රෝගියා මෙසේ තව තවත් ඔත්පල කොට මේ හදන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය වසර දහස් ගණනක් තිස්සේ රැකගත් ස්වෛරීත්වය අහිමි කරවන්නටය; අපගේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු වැඩ කරන ජනතාව දිනාගත් අයිතීන් පොඩිපට්ටම් කිරීමටය. 70  දශකයේ දී සමගි පෙරමුණු රජය මෙරට බලශක්ති ස්වෛරීත්වයට අදාළව ගනු ලැබූ තීරණ, දේශීය නිෂ්පාදන පද්ධතිය බලගැන්වීමට ගනු ලැබූ තීරණ සියල්ල අංශක 180කින් ආපසු හරවන ගමනක් වත්මන් පාලකයෝ අද යමින් සිටිති.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව, ජයග්‍රහණය කරවන්නේ කවුරුන්දැයි තීරණය කරනු ඇත. එහෙත් ඊට පෙර මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව අහිමි කර, වැඩ කරන ජනතාවගේ අයිතීන් පොඩිපට්ටම් කර, ශ්‍රී ලංකා රාජ්‍යය කියා එකක් නැත්තටම නැති කරනවා නම් කවුරුන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් ලැබෙනු ඇත්තේ "අලියා ගිලපු දිවුලක්" වැනි රාජ්‍යයක් මිස අන් යමක් නොවේ. මුලින්ම අපි "අලියාට" මේ "දිවුල" ගිලින්නට නොදී සිටිය යුතුය. එසේ නොමැතිව "අලියා" "දිවුල" ගිල්ලාට පසුව ඒ "මදය රහිත දිවුල" රැගෙන "මමයි ජනාධිපති" යැයි කිව හැක්කේ කොතරම් නරුම දේශපාලන තක්කඩියෙකුට ද?

"ජනාධිපති සිහින" දකිනවා විනා කවර විරුද්ධ පක්ෂ වේදිකාවකවත් මේ වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට අභියෝග කරන්නේ නැත;  ඊට එරෙහිව සිහින් කෙඳිරියක්වත් නඟන්නේ නැත. අද අප  මේ පරගැති සැලැස්ම පිළිබඳව දිගින්දිගටම ජනතාව දැනුම්වත් කරමින්, ඊට එරෙහිව ජනතාව පෙළගස්වමින් සිටින එකම දේශපාලන  වේදිකාව බවට පත්ව තිබේ. ඒ බව ද සිහිපත් කරමින්, මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ දී වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට එරෙහිව සටන් වැදීම සඳහාත් ඊට අවශ්‍ය කරන පුළුල්තම සමගිය නිර්මාණය කිරීම සඳහාත් මෙරට වැඩ කරන ජනතාවට මෙන්ම ජාතිකවාදී, ප්‍රගතිශීලී දේශමාමක සියලු  බලවේගවලට ඇරයුම් කර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.