සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල තවමත් නැහැ... ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් දෙන්න විදිහක් නැතැයි නිලධාරීහු කියති... දරුවන් අර්බුදයක
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඒ සඳහා නැවත ප්‍රතිඵල සමීක්ෂණ ඉල්ලුම්කළ දරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
මීළඟ වසරේ සාමාන්‍යපෙළ විභාගය සඳහා කාලසටහන ද නිකුත්කර ඇති පසුබිමක නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබානොදීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද සඳහන්ය.
දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසීමේ දී එම නිලධාරීන් පවසා ඇත්තේ "ඔලුවෙන් හිටගෙන කිව්වත් නැවත ප්‍රතිඵල ලබාදිය නොහැකියි" බව යැයි දෙමාපියෝ චෝදනා නගති.
අප මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් පවසන්නේ මෙවර වෙනත් වසර වලට වඩා ප්‍රතිඵල පසු සමීක්ෂණයට වැඩි දෙනෙකු ඉල්ලුම් කර ඇති බවත්, ඒ සදහා ගුරුවරුන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය නිලධාරීන්ගේ බැරිකම වසාගැනීමට ඔවුන් ලබාදෙන පිළිතුරු බවය.
එමෙන්ම උසස්පෙළ සඳහා විෂයන් තෝරා ගැනීමේ දී මෙම ප්‍රතිඵල ප්‍රමාදය නිසා දරුවන් දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති අතර, මෙම ප්‍රතිඵල මත විද්‍යා විෂය දාරාව තෝරාගැනීමට හැකි දරුවන් නිකුත්කර ඇති ප්‍රතිඵල මත කලා විෂය දාරාව තෝරාගැනීමට අකමැත්තෙන් හෝ යොමුවීමට සිදුව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. එනිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව විවිධ පාර්ශව පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා