රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නේ යැයි ඩේලි නිව්ස් පුවත් පතේ පල කළ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු සමූහ ආණ්ඩුවේ තානාපති කාර්යාලය
“ඩේලි නිවුස්” පුවත් පතේ අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලාංකික කුලී හේවායන් රුසියානු යුක්‍රේන යුද්ධයට රුසියානු පාර්ශවය නියෝජනය කරමින් කුලී හේවායන් ලෙස සටන් පෙරමුණේ සිටින්නේ යැයි ගයාන් කුමාර වීරසිංහ විසින් සම්පාදනය කර ඇති ලිපියේ කිසිදු සත්‍යතාවයක් නැති බව අපි අවධාරණය කරමු. එනම් රුසියානු පාර්ශ්වයෙන් යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වය පිළිබඳ තොරතුරු හෝ ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් වන සංඛ්‍යා දත්ත කිසිවක් තානාපති කාර්යාලය සතුව නොමැත. එලෙසම ඔවුන්ගේ සැබෑ ස්වභාවය මුළා කරමින් යුද කටයුතුවලට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නා දේශීය නියෝජිතායතනයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කිසිවක් නොදනී. ගයාන් කුමාර වීරසිංහ විසින් “ඩේලි නිවුස්” පුවත් පතට රචිත “ජනප්‍රිය ටෙලි නිළියන් කුලී හේවායන් බඳවා ගත් බව” අනාවරණය කරන ලිපියෙන් දැක්වෙන පරිදි, සටන් පවතින කලාපයෙන් පලා ගිය බව කියන කෝප්‍රල්වරයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. රුසියාවේ භූමිය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බල සීමාව යටතේ පවතින බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.
Popular tele actresses found recruiting mercenaries
ඒ අතරම, ශ්‍රී ලාංකිකයන්ට කොළඹ කොන්සියුලර් අංශය මගින් වීසා නිකුත් කරනු ලබන්නේ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ නොවන ඔවුන්ගේ ගමන් ඉලක්ක සනාථ කිරීම සඳහා අයදුම්කරුවන්ගේ වලංගු ලියකියවිලි මත බව අවධාරණය කරමු. එවැනි අරමුණු ඇති පුද්ගලයින් රුසියාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාලය ඔවුන් සමඟ අතිරේක සම්මුඛ සාකච්ඡා පවත්වනු ලබයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සංචාරක ඉලක්කය හෝ රුසියාවේ සිදුකරන ක්‍රියාකාරකම්වල ස්වභාවය වෙනස් කිරීමට තීරණය කරන්නේ නම්, එසේ කිරීමට බාධා කිරීමට රුසියානු තානාපති කාර්යාලයට හැකියාවක් නැත. කොළඹ රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රුසියානු පුරවැසියන්ගේ ආරක්ෂාව භාරව සිටින අතර රුසියාවේ වෙසෙන විදේශිකයන් සම්බන්ධ ගැටළු මොස්කව්හි අදාළ රාජ්‍යතාන්ත්‍රික නියෝජනයන්හි බල පෑමට යටත් බවද අපි නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු.
කෙසේ වුවද ශ්‍රී ලංකා රජයේ බලය ලත් නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට නිල ඉල්ලීමක් ලැබුණහොත් අප සතු තොරතුරු ලබා දීමට කටයුතු කරමු.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය- කොළඹ
2024 අප්‍රේල් 19

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා