ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කල් යයි... කාරණා දෙකකට එකඟ නෑ
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ලබන ජුනි මාසයට පෙර එම කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බවද රත්නායක මහතා කීය.
ණය හිමියන් සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු වූ අතර එයින් කරුණු දෙකකට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණු බව රත්නායක මහතා සඳහන් කළේය.
මින් පෙර පැවති සාකච්ඡා වලදී ණය හිමියන් සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කාරණා රාශියක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බව කී රත්නායක මහතා තවමත් එකඟතාවයට පැමිණීමට නොහැකි වී ඇත්තේ අවසන් කාරණා හතරෙන් දෙකක් ගැන පමණක් බවද කීය.
පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවද රත්නායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලුම ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සිය තෘප්තිය ප්‍රකාශ කර ඇති බවද සාගල රත්නායක මහතා කීය.
ද්විපාර්ශ්වික ණය කරුවන්ගෙන් සමන්විත නිල ණයකරුවන්ගේ කමිටුව (OCC) සමඟ ලංකාව සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව කී රත්නායක මහතා ලංකාව චීනය සමඟ ද සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා ඇතැයි සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
– Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා