News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙළිකරයි

Apr 11, 2024 at 08:06 PM
|

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම සඳහා ප්‍රකාශ කෙරුණු කැබිනට් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මඟින් ඊයේ(10)  ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී, මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී, මෙම කැබිනට් තීරණය මඟින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අංශයන් හි පවතින ගැටලූ උග්‍ර වන ආකාරයත්, රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට ඇති වන බලපෑමත්, මෙම කැබිනට් තීරණය පිටුපස පවතින පටු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයන් සම්බන්ධයෙනුත් අදහස් පළ කෙරිණි.

1981 අංක 68 දරන කොතලාවල ආරක්ෂක විද්‍යාල අභ්‍යාස ආයතන පනත මගින් ආරක්ෂක අංශයන් හි නියත පුද්ගලයන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමේ අරමුණ මූලික ව ආරම්භ කරන ලද සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා, පසුකාලීන ව නොයෙකුත් ආණ්ඩු මගින් ගෙන එන ලැබූ සංශෝධන මගින් වෛද්‍ය අධ්‍යාපනය සිවිල් පුද්ගලයන්ට මුදලට විකිණීමට තැත් කෙරුණු බව එම කමිටුව පෙන්වා දෙන ලදී. 

2018 අප්‍රේල් 11 වෙනි දින ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන ලද මේ ආකාර යෝජිත සංශෝධන අඩංගු කොතලාවල පනත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එල්ල වූ දැඩි විරෝධතාවයන් හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වූ බවත් නැවත වරක් 2021 සහ 2022 වසර වල කොතලාවල පනත සංශෝධනයන්ට ගත් සියලූ උත්සාහ ව්‍යර්ථ වූ පසුබිමක, කූට ලෙස කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා මෙම වසරේ සිට වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම යන තීරණය,  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරන ලද බවත් එම කමිටුව මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 12 තුල භෞතික, මානව සම්පත් ආශ්‍රිත ගැටලූ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය මෙන්ම අනධ්‍යයන සේවක ගැටලූ රාශියක් පවතින අවස්ථාවක ඒවා නොසලකා ආරක්ෂක අමාත්‍යංශයට ඉහත යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ලාංකීය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තව දුරටත් වලපල්ලට ඇද දැමීමක් බවද, එක පසෙකින් Lyceum, NSBM, SLIIT, GATEWAY වැනි යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත්, අනෙක් පසෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට ගනු ලැබූ තීරණයත්, ආණ්ඩුවේ ගජ මිතුරු හවුල් කිහිපයක පෞද්ගලික මූල්‍ය ලාභ ප්‍රයෝජන අරමුණ කරගෙන ලාංකේය රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය බිල්ලට දීමක් ලෙස දකින බවත් එහිදී එම කමිටුව විසින් පෙන්වාදෙන ලදී.

ඉහත සඳහන් ගැටලු වලට අමතර ව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ස්වාධීන ව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ, ආරක්ෂක සේවාවන් හී නියත අයවලූන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් බැවින්, එහි දී සිවිල් සිසුන්ට ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය, ගුණාත්මක භාවය සහ මිලිටරි ව්‍යූහය පිළිබඳ ව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක් බවද එම කමිටුව පවසයි. 

2018 වසරේ දී ගැසට් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් තවදුරටත් පවත්වාගෙන යන අයුරින් සිවිල් සිසුන් හට මුදලට වෛද්‍ය උපාධි පිරිනැමීමට නම් කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙහි භෞතික හා මානව සම්පත් ඉහළ නැංවීමට රජයට තවත් අධික පිරිවැයක් දැරීමට සිදු වන බව පැහැදිලි බවද, ආරම්භ කර වසර 4කට අධික කාලයක් ගත් වී මුත් තවමත් නිසි ආකාර වෛද්‍ය පීඨයක් හෝ ශික්ෂණ රෝහලක් නොමැති මොරටුව වෛද්‍ය පීඨය, අවසන් වසර මහාචාර්ය ඒකක අඩුපාඩු හේතුවෙන් පීඩා විදින වයඹ වෛද්‍ය පීඨය සහ සබරගමුව වෛද්‍ය පීඨය, මෙම වසරේ ආරම්භ කරන ලද භෞතික හා මානව සම්පත් ආශ්‍රිත ගැටලූ රාශියක් සහිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය සහ සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුධය මෙන් ම අනධ්‍යයන සේවක ගැටලූ වලින්, සමස්ත රාජ්‍ය වෛද්‍ය පීඨයන් පීඩා විදින වාතාවරණයක් තුල දී, රජයේ මූලික අරමුණ විය යුත්තේ ඒවාට ප්‍රතිපාදන සැපයීම මිස, දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය සහ මිලිටරි ව්‍යූහයන් තෘප්තිමත් කිරීම නොවන බව ද එම කමිටුව සඳහන් කරයි.

එමෙන්ම, මීට පෙර, උතුරු - කොළඹ වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ සටන, SAITM සටන සහ කොතලාවල පනත ආදී රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට තර්ජන එල්ල වූ අවස්ථාවන් හී දී ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පැවති සෑම ආණ්ඩුවකටම එරෙහිව සටන් මෙහෙයවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සුරක්ෂිත කළා සේම, අද මෙන්ම හෙටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අනෙකුත් ශිෂ්‍ය සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, සිවිල් සංවිධාන සහ සියලූ ප්‍රගතිශීලී බලවේග සමඟ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් එක් ව නැගී සිටින බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.