අපේ පර්යේෂණ නැව් එන එක තහනම් කර වෙනත් රටවල පර්යේෂණ නැව්වලට එන්න අවසර දුන්නේ ඇයි? - චීනය ශ්‍රී ලංකාවට කනස්සල්ල පළ කරයි
ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරේෂණ යාත්‍රා ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙයි.
චීන නෞකාවලට එම තහනම නිකුත් කළ ද ඒ හා සමාන ජර්මාණු යාත්‍රා වලට එම අවසරය ලබා දී ඇතැයි ද එහිදී චීන අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද පැවසේ.
ඉකුත්දා චීනයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන අග්‍රාමාත්‍ය ලීවයැන්ග් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී චීන අගමැතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ජර්මානු නෞකාවලට එම අවසරය ලබා දී ඇත්තේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පමණක් බවය.
ශ්‍රී ලංකාව කිසිම රටකට සිය භූමිය තවත් රටක අවශ්‍යතාවයන්ට අනුව අවභාවිතා කරන්නට නොදෙන බවද එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා චීන අගමැතිවරයාට අවධාරණය කර ඇත.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයුධ සුදු කිරීමට චීන සමාගම්වලට සාධාරණ හා විනිවිද පෙනෙන සුළු භාවයෙන් යුක්ත පරිසරයක් අවශ්‍ය බවය.
තීරණ ගන්නා විට අනෙකුත් රටවල් විසින් අනවශ්‍යාකාරයෙන් තමන්ගේ මිතුරු රටවලට කරන බලපෑම් සම්බන්ධයෙන් චීනය අසතුටෙන් පසුවන බවද එහිදී චීන නායකයා සඳහන් කර තිබේ.
– කැළුම් බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා