ඊශ්‍රාලයේ ටෙල් අවිව් නුවර පැවැති විරෝධතාවයකට කඩා වැදුනු මෝටර් රථයක ගැටීමෙන් පස් දෙනෙකුට තුවාල

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ටෙල් අවිව් නුවර පසුගිය 6 වෙනිදා විරෝධතාවයක යෙදුනු පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. කෙසේ වුවද රියදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
එරට පොලිසිය සමාජ ජාලා වෙත කරන ලද කෙටි ප්‍රකාශයකට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී රැලියක් පැවැත්වෙන ටෙල් අවිව් නුවර "නමිර්" මාර්ගයේය.. මෙම රැළිය ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට ඉවත්වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවල කොටසක් වූ අතර එහිදී ඊශ්‍රායල ජනතාව තවමත් ගාසා තීරයේ හමාස් ත්‍රස්තයන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසද බල කර සිටියේය.
කෙසේ වුවද විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය ඊශ්‍රායල දේශපාලඥයින් කිහිප දෙනෙකු විසින් හෙළා දකින ලද අතර, "ප්‍රචණ්ඩත්වය යනු කිසිදා තරණය නොකළ යුතු රතු ඉරක්" බවට ජනාධිපති අයිසැක් හර්සොග් අනතුරු ඇඟවීය.
ඊශ්‍රායලයේ හිටපු අධිකරණ අමාත්‍ය ගිඩියොන් සාර් විරෝධතාකරුවන්ට පහර දීම “පැහැදිලි බරපතල වෛරී අපරාධයක්” ලෙස හැඳින්වමින් වැරදිකරු නීතිය හමුවට පමුණුවන ලෙසද ඉල්ලා සිටියේය. තවද ඊශ්‍රායලයේ හිටපු අමාත්‍යවරයෙකුවූ හිලි ට්‍රොපර් ඊශ්‍රායල නායකත්වයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරය “සෘජුව සහ පැහැදිලිව” හෙළා දකින ලෙසයි.
කෙසේ වෙතත්, සන්නිවේදන අමාත්‍ය ශොලොමො කර්හි ප්‍රචන්ඩ විරෝධතා උත්සන්න වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් “වාමවාදී” දේශපාලකයන්ට දොස් පැවරූ අතර ඔවුන් සමාජය ඉරා දැමීමට කටයුතු කරන බවට චෝදනා කළේය.
හමාස් සංවිධානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධය හයවැනි මාසයට එළැඹීමත් සමඟම ඊශ්‍රායලය තුළ මහා පරිමාණ විරෝධතා යළි ආරම්භ වී තිබේ. ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් නිදහස් කිරීමට තුඩු දෙන හමාස් සංවිධානය සමඟ සකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂකයින් ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන්ගේ නායකත්වයෙන් පෙළපාලි මාලාවක් ඊශ්‍රායලයේ නගර කිහිපයක පැවැත්විණි. ඔවුහු හිතාමතාම සාකච්ඡා අසාර්ථක කිරීමට නෙතන්යාහු කටයුතු කළ බවට චෝදනා කළේය.
පසුගිය සතිය මුලදී විරෝධතාකරුවන් ජෙරුසලමේ නෙතන්යාහුගේ නිවසට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ තත්වය නරක අතට හැරුණු අතර කැරලි මර්දන ක්‍රම භාවිතා කිරීමට පොලිසියට බල කෙරුනි.
ඔක්තෝබර් 7දා යුද්ධය ආරම්භ වීමට බොහෝ කලකට පෙර නිත්‍ය විරෝධතාවලට මුහුණ දුන් නෙතන්යාහු, හමාස් සංවිධානය සමඟ වන යුද්ධය "සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය" ලබා ගන්නා තෙක් ඊශ්‍රායලය දිගටම සටන් කරන බවත්, යුද්ධය අවසන් වූ පසු යුදෙව් රාජ්‍යය ගාසා තීරයේ "පූර්ණ ආරක්‍ෂක පාලනය" පවත්වාගෙන යනු ඇති බවත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා