
මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරනවා - මිහින්තලේ හිමියෝ පවසති
නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (28 දා) මිහින්තලා රජමහා විහාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
නිදහස් අරගලය වෙනුවෙන් පවත්වනු ලබන සමුළුවට පෙර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා බවත්, එළැඹෙන ඔක්තෝබර් මාසයේ 14 වැනිදා සවස 2.00 ට සිව් කොණේ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හා ආගම් භේදයකින් තොරව සියලුම ගිහි පිරිසගේ සහභාගිත්වයෙන් එම සමුළුව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.
රටේ ක්‍රියාත්මක වන විනයක් නොමැති අසංවර දේශපාලනය අවසන් කිරීමට සියලුම දෙනාටම ඒකරාශී වන ලෙස ඉල්ලීමක් කර සිටින බව ද ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.
ඔක්තෝබර් මාසයේදී මහා සඟ සමුළුවක් පවත්වා රටට අවැසි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නායකත්වයෙන් කටයුතු කරන බව මෙහිදී සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
සමාජ මාධ්‍ය වාරණ පනත වැනි විවිධ පනත් ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න වසං කිරීමට කටයුතු කරන බවත් ඒ වැඩ පිළිවෙළවල් වහා හකුලා ගත යුතු බව පැවසූ උන්වහන්සේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යෙදවීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනුයේ උද්ඝෝෂණ හා මාධ්‍ය සාකච්ඡා වාරණය කිරීම පමණක් බවත් ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව මෙරට ස්වජාතික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත වැඩ පිළිවෙළක් ඔක්තෝබර් මාසේ දී ඓතිහාසික මිහින්තලා පුද බිම මැද මළුවේ දී ජාතියට ප්‍රකාශ කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.
අදාළ සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (28 දා) පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසන රතන යන හිමිවරු ද අදහස් පළ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
