News Category
From Date
To Date
Maximum Number of Result

ඔටිසම් ගැන දැනුවත් වෙමු

Apr 1, 2024 at 08:20 PM
|

(සත්‍ය කතාවක් ඇසුරෙන්. සියලුම නම් ගම් මනංකල්පිත වෙයි.)

මගේ නම චතුරිකා, මට ඉන්නේ පුංචි පුතාලා දෙන්නෙක්. මගේ මහත්තයා වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙක් . ලොකු පුතා සෙහස් එයා දැන් තුන වසරේ ඉගෙන ගන්නවා. 

මගේ කතාවේ කතා නායකයා වෙන්නේ මගේ චූටි පුතා ,එයාගේ නම දහම්. එයාගේ වයස  තවම අවුරුදු හතරයි. මගේ ලොකු පුතත් එක්ක බලද්දි එයාගේ ක්‍රියාකාරකම් පුංචි කාලෙ ඉඳන් ම පොඩ්ඩක් අඩුයි. ඒවගේම එයා ලොකු පුතා වගේ නෙමෙයි අපිත් එක්කවත් වැඩිය කතා කරන්නේ නැහැ. එයා පැත්තකට වෙලා තනියම තමයි සෙල්ලම් කරන්න හදන්නේ. මම අපේ අම්මටත්, මගේ මහත්තයටත් මේ ගැන නිතරම කිව්වම දෙන්නම කිව්වෙ කාලයත් එක්ක ඕක හරියයි කියලා. අවුරුද්දකට කලින් පුතාව අපි පෙරපාසලට දැම්මා. එක දවසක් පෙර පාසලේ දෙමාපිය රැස්වීම තිබ්බා. එතනදි පන්තිය භාර ගුරුතුමිය පැත්තකට කතා කරලා පුතා ගැන මෙන්න මේ විදිහට තමයි කිව්වේ “පුතා චුට්ටක් වැඩ කරන්න හොරයි. අනිත් අය වගේ නෙමෙයි පැත්තකට වෙලා ඉන්න තමයි හදන්නේ. කතා කරන එකත් අඩුයි නේද? මුහුණ බලල උත්තර දෙන්නෙත් නැහැ . ගෙදර මොනවා හරි ප්‍රශ්න තියෙනවද?  ඇයි දරුව මේ විදිහට හැසිරෙන්නෙ?” එතකොට මම කිව්වේ” ඇත්තටම ගෙදර මුකුත් ප්‍රශ්නයක් නෑ ටීචර් ,අපි එයාට ගොඩක් ආදරෙන් සලකනවා පුංචි කාලෙ ඉඳන්ම ඔය විදිහ තමයි ඉතින්”, මුකුත් ප්‍රශ්නයක් නැත්නම් වෛද්‍යවරයෙක් ළඟටවත් ගිහිල්ල හම්බ වුනොත් හොඳ නැද්ද කියල ටීචර් මට යෝජනා කළා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මහත්තයාටත් මගේ අම්මටත් මේ ගැන කිව්වහම ,දෙන්නම ආපහු කිව්වේ ඕක කාලයත් එක්ක හරියයි ඔයා බයවෙන්න එපා කියලා . ඔය විදිහට මාස තුනක් විතර කාලය ගතවෙලා ගියා.පුතාගෙ ගති ලක්ෂණ වෙනස් වුණේ නැහැ. එයා තාමත් පැත්තකට වෙලා එයා තනියම සෙල්ලම් කරන්න හදන්නේ. අයියත් එක්ක එකතුත් නැහැ. ගෙදරට ළමයි ආවට පස්සේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්නෙත් නැහැ. වැඩි කතාවකුත් නැහැ. ක්‍රියාකාරකම් එහෙමත් ගොඩක් අඩුයි. තාමත් වචන 10-15කට වඩා කතා කරන්නෙ නැහැ. 

මේ විදිහට කාලයක් ගත වෙද්දී මගේ මහත්තයගෙ නංගී ඔස්ට්‍රේලියාවෙ ඉඳන්  ලංකාවට ආවා. ඒ ආපු වෙලාවේ අපේ ගෙදරත් ආවා දවස් කීපයකට නතර වෙන්න. මගේ චූටි පුතාව පුංචි කාලේ දැකලා තිබ්බට ලොකු කාලෙ නංගි දැකල තිබුණේ නැහැ .මොකද ඒ ගොල්ලෝ ලංකාවට ආවේ අවුරුදු තුනකට පස්සේ. නංගී ඔස්ට්‍රේලියාවෙදි වෘත්තියෙන් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. නංගි මට කිව්වා චූටි පුතාගේ පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනවා අපි ඩොක්ටර් කෙනෙකුට පෙන්න ගමු නේද කියලා. නංගිට මේ  වගේම දරුවෝ හම්බවෙලා තියනවා කියලා කිව්වා ඕස්ට්‍රේලියාවේදී. මම කිව්වා නංගිට මහත්තයට චුට්ටක් තේරුම් කරල දෙන්න කියලා. නංගි මහත්තයට කතා කළාට පස්සේ එයත් කැමති වුණා ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. ඉතිං අපි ළඟම තිබුණු ළමා රෝග සායනයට ගියා අපේ පුංචි පුතත් එක්කම.

ඒ වෙලාවේ අපිව විශේෂඥ ළමා රෝග වෛද්‍යතුමිය වෙත යොමු කළා. විශේෂඥ වෛද්‍යතුමිය අපේ පුංචි පුතාව පරික්ෂා කරනු ලැබුවා.

ඊට පස්සේ විශේෂඥ වෛද්‍යතුමිය අපිට ගොඩක් දේවල් පැහැදිලි කරල දුන්නා මගේ පුංචි පුතාට ඇත්තටම තියෙන්නේ ඔටිසම් කියන තත්ත්වය. මේක ලෙඩක් නෙවෙයිලු. දරුවන්ගේ ස්නායු සංවර්ධනයේ ඇතිවන වෙනස්කම් නිසාවෙන් ඇතිවෙන තත්වයක් කියලා තමයි කිව්වෙ. ගොඩක් වෙලාවට මේ වගේ දරුවෝ සමාජ සම්බන්ධතා සහ සමාජ සන්නිවේදනයේ ගැටලු තියෙනවා කියලා කිව්වා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ඇස් දෙක දිහා බැලීමේ අඩුවක් තියෙනවා කියලා  කිව්වා. හරියට මගේ පුංචි පුතාගේ තිබ්බා වගේ තමයි. සාමූහික ක්‍රියාවන් කිරීමේ හැකියාව අඩුවක් තියෙනවා කියලත් කිව්වා. පුංචි පුතාටත් ඒ දේ එහෙමම තිබ්බා. සාමාන්‍යයෙන් දරුවන්ට මුහුණෙ හැඟීම්වලින් අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා, එයාල සතුටු වුණහම එයාල දුක් උනහම ඒ දෙකම අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒත් අපේ පුංචි පුතාට එහෙම හැකියාව තිබුණේ නැහැ තිබ්බත් ගොඩක් අඩුයි වගේ තමයි මට හිතුණේ. .වෛද්‍යතුමිය කිව්වා ගොඩක් දරුවන්ට භාෂාව කතා කිරීමේ ප්‍රමාදයක් තියෙන්න පුළුවන් කියලා. එතුමිය කියපු විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනකොට දරුවෙක් වචන තුනක් විතර කතා කරනවලු. 

 අවුරුදු දෙකක් යද්දි වචන 25ක් විතර ඒගොල්ලෝ දැනගන්නවලු. ඒ වගේම තමයි අවුරුදු තුනක් විතර ගියාට පස්සේ  වචන දෙසිය පනහක් විතර වචන ප්‍රමාණයක් ඒගොල්ලෝ දන්නවලු. සමහර වෙලාවට මගේ පුංචි පුතා එයාගෙ භාෂාවකින් කතා කරන්න හැදුවට ඒක අපිට තේරුනෙත් නෑ. ඔටිසම් තියෙන දරුවෝ තුනෙන් දෙකකටම ඉතාමත් හොඳ බුද්ධිමටමක් තියෙනවා කිව්වා. ඇත්තටම  පුංචි පුතාටත් හොඳ බුද්ධිමට්ටමක් තිබුණා. ඒ නිසාමයි අපි මේ ගැන ගොඩක් හිතුවේ නැත්තෙත්. ඉතින් මේ හැම දේ ගැනම විශේෂඥ වෛද්‍යතුමිය ඉතා පැහැදිලිවම අපිට කියලා දුන්නා. ඇත්තටම දරුවාට බොන්න මුකුත් බෙහෙත් දුන්නේ නැහැ. ප්‍රතිකාර ක්‍රම විදිහට විශේෂඥ වෛද්‍යතුමිය අපට පැවසුවේ චිකිත්සක සහ චර්යාමය ප්‍රතිකර්ම තියෙනවා කියලා. ඒ දේවල් කරන්න ඕන අපි ඔක්කොම එකතුවෙලා ගෙදර කරන එදිනෙදා ක්‍රියාකාරකම් වලදී සෙල්ලම් විදියට තමයි. ඒ දේ කරන හැටි ඉගෙන ගන්න අපිව චිකිත්සක සහ චර්යාමය ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු කළා. දැන් අපි මාසෙකට දවස් දෙකක් ඒ සඳහා දරුවාව එක්කගෙන යනවා. අපි හැමෝම එකතුවෙලා ගෙදරදිත් පුතා එක්ක සෙල්ලම් විදියට ඒ ක්‍රියාකාරකම් කරනවා. සායනයේ ඉන්න වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ගොඩක් ආදරෙන්  දරුවට සලකනවා. අපිට සායනයේ දී කියලා දුන්න ක්‍රියාකාරකම් ටික අපි පෙර පාසැල් ගුරුතුමියටත් කියලා දුන්නා.ගුරුතුමියත් දැන් දරුවාට පෙර පාසලේ දී ඒ ක්‍රියාකාරකම් ටික කරවනවා. දැන් ප්‍රතිකාර වලට ගිහිල්ලා මාස හයක් විතර වෙනවා ඇත්තටම හිටියට වඩා දැන් දරුව ගොඩක් හොඳයි.

 ටික ටික දැන් දරුවාගේ ක්‍රියාකාරකම්වල ලොකු වෙනසක් තියෙනවා. මම තාමත් දුක් වෙනවා මුලදීම මේ තත්ත්වය හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවීම ගැන.විශේෂඥ වෛද්‍යතුමියත් කිව්වේ පුළුවන් තරම් අඩු වයසින් මේ තත්ත්වය හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කළහොත් දරුවාගේ ප්‍රතිකාරවලින් ලොකු වෙනස්කමක් කරන්න ඒගොල්ලන්ට පුළුවන් කියලා.

ඉතින් ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය හැම අවුරුද්දෙම අප්‍රේල් දෙවෙනිදාට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් මම ඔයාලට මගේ කතාව කිව්වේ තවත් දරුවෙකුට මේක උපකාරී වෙයි කියලා හිතලා. මට හිතෙන විදිහට අපි හැමෝම ඔටිසම් ගැන දැනුවත් වෙමු ,ඉක්මනින්ම හඳුනා ගනිමු, ඉක්මනින්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත අපේ දරුවාව යොමු කරමු.



සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.