News Category
From Date
To Date
Maximum Number of Result

අපි බංකොලොත් රටක්... ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි... අපි වාසනාවන්ත නම්, ඉදිරියේ දී 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබේවි - ජනපති ජර්මනියේ බර්ලින් නුවරදී කියයි

Sep 29, 2023 at 09:00 AM
|

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි.

එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.

වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වී සිටියහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.

සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝග වලට ලක්වී තිබෙනවා.

2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි.

දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා.

ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින බොහේ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍ර වල ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.

දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා.උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක් බව කිවයුතුයි.

නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100 න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි.

මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලු මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළයුතුයි.

2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.

ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.

අද අප සාකච්ඡා කළ බොහෝ අභියෝග එකිනෙකට සම්බන්ධ බව ප්‍රකාශ කෙරුණා. ඒ වගේම අප ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. අද පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම වසර 80 කට පමණ පෙර නිර්මාණය කර ඇති බව අපි සියලු දෙනාම පිළිගෙන තිබෙනවා.

ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ බොහෝ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ගෝලීය ආර්ථික බලවතුන් බවට පත්වීමත් සමඟ ලෝකයේ විවිධ වෙනස්වීම් අප දැක තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සැලැස්ම සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙනවා.පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ණය ප්‍රශස්තකරණය ඉතා සංකීර්ණ කරනවා. මේ සඳහා අප සියලු දෙනා එකඟ වී තිබෙනවා. අද සාකච්ඡා කෙරෙන අභියෝගවලට මුහුණදීම සඳහා අප අධිෂ්ඨානශීලිව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාවක් නැහැ. බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ලබා ගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ශීඝ්‍ර වැඩිවීමක අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සතුව සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් පවතිනවා. එය අපට අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදවිය හැකියි. බදු ක්‍රමයන් තවමත් මෙම ගැටලුවෙන් බැහැරවයි පවතින්නේ. ආර්ථික අවධානම්වලට මුහුණ දෙන මධ්‍ය ආදායම් ලබන රටවල් ද ඇතුළුව, තවත් රටවල් සමඟ අප සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ විය යුතුයි.

2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතලකම සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තිබුණද, එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබී නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා මෙම තත්ත්වයන්ට ගැළපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි.එය තවමත් පෙර පැවති පැරණි සාකච්ඡා ක්‍රමයමයි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? බ්‍රිජ්ටවුන් මුලපිරීමේ සිට එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට යෝජනා රාශියක් තිබෙනවා. පැරිස් දේශගුණ සමුළුවේ මාර්ග සිතියම සකස් කරමින් සිටිනවා.

මම දැන් එයට වැඩි යමක් එකතු කරන්නේ නෑ. මම කියන්නේ තෝරා ගැනීමක් සිදු කරන ලෙස පමණයි. ඒ අනුව අපි ක්‍රියා කරමු. එහෙත් පවතින තත්ත්වය උග්‍ර වී ඇත්තේ ණය ඉල්ලීම, තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම සහ වෙළඳාම, ආයෝජනය, ප්‍රාග්ධනය, තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා විවෘත ප්‍රවේශයක් පැවතීම ඇතුළු පවතින ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග නිසයි.

එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්ත්වයන් එවැනි වෙළඳපොල සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ විසංයෝජනය කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවලට, දැන් අප සමඟ සාකච්ඡා නොකරම අංශක 180 ක් හැරී ආපසු ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, එය කුමක් වුවත්, පවතින ක්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. අපට එයට ඇතුල් වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා.

ඒ වගේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා අනෙකුත් රටවල් අප දෙස සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙනවා. මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් වනු ඇති අතර, මේ හරහා ගෝලීය වශයෙන් සිදුවී තිබෙන ධ්‍රැවීකරණය වඩාත් පැහැදිළිව දර්ශනය වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවෙයි.

ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වෙන ඔවුන්ගේ මැතිවරණය සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම තත්ත්වය මේ වන විට රික්තයක් නිර්මාණය කරමින් සිටිනවා, මන්ද එක්සත් ජනපදයට නව පාලනයක් අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඒ සඳහා නායකත්වය දිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතැන් සිට ලබන වසර අවසානය දක්වා, ඔවුන් 2024 මැතිවරණයට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට පටන් ගන්නා නිසා එම නායකත්වය ගැනීමට ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙනවා.

ඒ වගේම, අනෙක් අතට බ්‍රික්ස් රටවල් අද වන විට G7 සහ කොඩ් සාමාජික රටවල් වෙත අභියෝගයක් වී තිබෙනවා.

ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා. ඒ වගේම G20 කණ්ඩායම පසුබැස ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි 2024දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළයුතුයි.

කවුද මේ කාර්යයභාරය ඉටු කරන්නේ? ඒ නිසා මම හිතන්නේ යුරෝපා සංගමයට අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතින බවයි.ඒ සඳහා වෙන කිසිවෙක් නැහැ.

ඒ නිසා G20 සහ බ්‍රික්ස් රටවල් (BRICS) , ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන් හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව මම යුරෝපා සංගමයට යෝජනා කරනවා.

2024 අප ක්‍රියාත්මක විය යුතු වසරයි. අද පවතින ගෝලීය යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කරන සහ අවශ්‍ය අයට ඵලදායී නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් අප ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා ඔබට ඉදිරිපත් විය හැකියි. අපට සම්පත් තිබෙනනවා, විසඳුම් තිබෙනවා, එය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණයි.

අප එය කඩිනමින් කළ යුතු වෙනවා. මේ සඳහා අපට බටහිර හා චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඒ වගේම යුරෝපා සංගමය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. එසේ සිදු නොවුණහොත් අපට ඉදිරියට යා නොහැකියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.