බුදුන් ලංකාවේ ඉපදුණු කතාව කුමන්ත්‍රණයක් - අස්ගිරි මහ නා හිමියෝ කියති
කලෙක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදු දහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපයෝගී කර ගනිමින් බුදුන්ටත් භික්ෂුන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යැයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියෝ පසුගිය දා පැවසූහ.
බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන බවත් මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටුකරන්නට ද යන සැකය මතුවන බවත් මහ නාහිමියෝ පැවසූහ.
පොල්ගොල්ල සාලවන විහාරස්ථානයේදී පසුගිය 29දා පැවති උත්සවයකදී අස්ගිරි මහ නාහිමියෝ මෙසේ ද කීහ.
“පසුගිය කාලයේ නොයෙක් වෙස් ගත් පුද්ගලයන් තමන් බුදු වුණා, සෝවාන් වුණා, මාර්ගඵල ලැබුවා. තමන් බෝධිසත්වයන් වැනි මුසා අදහස් පළ කරමින් බෞද්ධ ජනතාව නොමග යවමින් බෞද්ධ හර පද්ධතියට පහර ගැසීමට උත්සාහ කළා. ඇතැම් පුද්ගලයන් මේ මිථ්‍යා දෘෂ්ටිකයන්ට මුළා වුණා. එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම පිළිබඳව ජනපති ප්‍රමුඛ රජයට ස්තූතිය පුද කරනවා.
යම් යම් බාහිර බලවේග මෙරට බෞද්ධ ජනතාව හා භික්ෂුන් වහන්සේ අතර පවත්නා සම්බන්ධතාව බිඳ දැමීමට නොයෙක් ආකාරයේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා.”
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා