News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා රාජ්‍ය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි.... සංඝ සමාජය බිඳදමා රට අත්පත්කර ගැනීමේ සූක්ෂම මෙහෙයුම වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙලිකරයි

Mar 31, 2024 at 06:41 AM
|

2005 දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ඊනියා සාම ක්‍රියාවලිය මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දී පසුව වෙනම රාජ්‍යයක් ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වූයේ පූජ්‍ය කොටපොල අමරකීර්ති නායක හිමි වැනි නායක හිමිවරුන්ගේ භූමිකාව නිසා බව මෙම ක්‍රියාවලිය මෙහෙයවූ පුද්ගලයන් පවසා ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශාන්ති පදනම මගින් පැවැත් වූ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ඇතුළු ස්වාමීන් වහන්සේලා  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාව ඇතුළු විවිධ ආක්‍රමණිකයන් 17 වතාවක් මේ රට ආක්‍රමණය කළ ද මේ පුංචි රට ඔවුන්ට යටත්කර තබාගත නොහැකි වූ  රහස වන්නේ මෙරට මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව බවත්, ඔවුන් ඒ පිළිබඳව එදා සිට අද දක්වාම වටහාගෙන සිටින බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

මෙරට සුවිශේෂී ඓතිහාසික ග්‍රන්ථයක් වන මහා වංශය ලිවීම මහානාම හිමියන් විසින් ආරම්භ කරන්නේ දේශයේ ජනයා අවධිකරලීම සඳහා දුටුගැමුණු රජුගේ කතාව ලිවීමෙන්      බවත්, මහා වංශය ලියැවෙන්නේ හුදු ඉතිහාස කතාවක් ලිවීම සඳහා නොවන බවත් ඒ මහතා පවසයි.

මෙසේ ඓතිහාසික භූමිකාවක් නොතිබූ සුඩානයට සහ එසේ ඓතිහාසික භූමිකාවක් තිබූ ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ලබාදුන් සැලසුම එකක් බවද, සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම, ජාත්‍යන්තර මැදිහත් වීමෙන් තාවකාලික ආණ්ඩුවක් බෙදුම්වාදීන්ට ලබාදීම හා පසුව තාවකාලික ආණ්ඩුව වෙනම රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය යන මෙම සැලසුම ලංකාවේ ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වුවද සුඩානයේ අද එය ක්‍රියාත්මක කර වෙනම රාජ්‍යයක් ලබාදී යුදගැටුම් හේතුවෙන් ජනතාව දැඩි අසරණ තැනකට තල්ලුකර ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා හරහා අපේ රටේ නලලේ ද කොටු තිබූ ඉරණම එය වූවද, එදා මෙරට නායක ස්වාමීන්වහන්සේලාගේ භූමිකාව විසින් එම ඉරණම වෙනස් කළ බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, කෙසේ වෙතත් රට තුළ අද නිර්මාණය කර තිබෙන ආර්ථික අර්බුදය මැද දේශපාලන අර්බුදයක් ද පැහැදිලිව දැකගත හැකි බවත්, මහජනයා මානසිකව වැටී ඇති මෙම පසුබිම තුළ වසර 2500ක් තුළ මේ රටේ කරගැනීමට බැරිවූ දේ කරගැනීමට ජාත්‍යන්තර බලවේගවලට මනරම් අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි.

ඉන්දියාව ඇතුළු ලෝකයේ අධිරාජ්‍යවාදී බලවතුන් මේ රට තමන්ගේ වහල් භූමියක් බවට පත්කර ගැනීමට උත්සාහ දරන්නේ කාරණා 2ක් නිසා බව වෛද්‍ය වස්නත බණ්ඩාර මහතා පවසයි.

ඉන් එකක් අධිරාජ්‍යවාදීන්ගේ මජර අධිපරිභෝජනවාදී ආර්ථික පිළිවෙතට එරෙහිව ඇති ප්‍රබලම තර්ජනය ථෙරවාද බුදුදහම බව පවසන ඒ මහතා, මාක්ස්වාදයට හා සමාජවාදයට වඩා ථෙරවාද බුදුදහම ඔවුන්ට දැඩි ප්‍රශ්නයක් බවද, එය අවසන් කිරීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරන බවද පෙන්වා දෙයි.

අනෙක් කාරණය වන්නේ ඔවුන්ගේ යුධමය සිතියමේ ශ්‍රී ලංකාව විශාල වැදගත් කමක් සහිතව සටහන් කර තිබීම නිසා බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ ප්‍රධාන නාවික ගමන් මාර්ගයේ බවත්, ලෝකයේ තෙල් සහ භාණ්ඩ 80%ක් ප්‍රවාහනය කිරීම සිදුවන්නේ මෙම පුංචි දිවයින වටා ගොස් බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඉන්දියාවේ විදේශ වෙළඳාමෙන් 40%ක් යැපෙන්නේ ද මෙම නාවික ගමන් මාර්ගය මත බවද, ඔවුන්ට විශාල භූමියක් හිමි වී තිබුනද ජාත්‍යන්තර නාවික මාර්ගයට කිට්ටුවිය නොහැකි නිසා ලංකාවේ කොළඹ වරාය හරහා 75%ක් පමණ භාණ්ඩ ඉන්දියාවට යැවීම සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අපේ රටට ගොඩබිමේ භූමි ප්‍රමාණය මෙන් 8 ගුණයක සාගරයක් අයිතිවී ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, වර්ග කිලෝමීටර් ලක්ෂ 20ක අහසක් හා විශාල මත්ස්‍ය සම්පතක් ද අයත් වුවද ඉන්දියාවට ඊට අඩු ප්‍රමාණයක් අයත් වූවද ඔවුන් එයින් උපරිම ඵලය ලබාගැනීමට උත්සාහ දරන බවද සඳහන් කරයි.

තවත් වසර කිහිපයකට පසු තායිලන්තයේ 'ක්‍රා' නමින් විශාල ඇල මාර්ගයක් කැපෙන බවත්, ඉන්පසු මෙම මුහුදු මාර්ගය නාවික සැතපුම් 1800කින් අඩුවන බවත් ඒ මහතා පවසන අතර, තමන්ගේ වරාය නිසා ගොඩගිය සංගප්පූරුවේ වරායට ඉන්පසු සියලු වටිනාකම් අහිමිවී ලෝකයේ ඇති බලවත්ම වරාය බවට හම්බන්තොට වරාය  පත්වන බවද පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත අමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ට අද අවශ්‍යව ඇත්තේ ලංකාවට පය තබාගැනීමට බව හෙළිකරන ඒ මහතා, සෘජු ආක්‍රමණවලින් එය කළ නොහැකි බව දන්නා ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කර එය බිඳ වට්ටවා, සමාජය බිඳ වැට්ටවීමේ න්‍යාය මේ සඳහා උපයෝගී කරගන්නා බව පෙන්වා දෙයි.

විවිධ අන්තවාදී ආගමික සංවිධානවල පුද්ගලයන් ආණ්ඩුවේ විවිධ තැන්වලට ලේකම්වරුන් ලෙසින් පත්කරන්නේ ද මේ නිසා බවත්, මෙරට පෞද්ගලික ප්‍රධාන සමාගම් 250ක එලෙස ආගමික සංවිධානවලට අයත් නිලධාරීන් කටයුතු කරන බවත් වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

USAID නමැති අමෙරිකානු සංවිධානය අද මෙරට නීතිඥ සංගමය තුළටද රිංගා ඇති බව හෙළිකරන ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ සුළු අපදාවන්ට පවා එම සංවිධානයෙන් මුදල් ලබා දෙන බවද හෙලිකරයි.

එනිසාම ඔවුන්ට අවශ්‍ය නඩු දැමීම මෙන්ම, ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ද එම සංවිධානය දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ලෝක බලවතුන් විසින් න්‍යායවල් 3ක් භාවිතා කරන බව හෙළිකරන වසන්ත බණ්ඩාර මහතා, ඉන් එකක් වන්නේ මතවාදීව බිඳ වැට්ටවීම බවත් ඒ හරහා මෙරට සම්ප්‍රධායන්, විශ්වාසයන් මෙන්ම දාර්ශනික පදනම ද බිඳ දැමීමට කටයුතු කරන බව සඳහන් කරයි.

උදාහරණයක් ලෙස මීවනපලානේ නමින් පෙනීසිටින සිරිසේන හපුතන්ත්‍රී නමැති පුද්ගලයා මෙරට ජනයා මතවාදී ලෙස බිඳවැට්ටවීම සඳහා කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඒ අනුව කටයුතු කරමින් සිටින බවද, කෘෂිකර්ම අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන නිලධාරියෙකු ලෙස කලක් රාජකාරි කළ ඔහු අමෙරිකාව විසින් මෙරටට ණයට දුන් තිරිඟු පිටි ව්‍යාපෘතියක කටයුතු කළ බවද, රුපියල් වලින් ගෙවන එම ණය ගිණුමකට ගොස් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සහ විද්වතුන්ගේ මොළ සේදීමේ ව්‍යාපෘතිවලට යොදාගන්නා ලද බවද වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

සිරිසේන හපුතන්ත්‍රී නමැති මෙම පුද්ගලයා සංඛ්‍යා ලේඛන පොතක් ලියා රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවට්ටවා, කෘෂිකර්මාන්තය විනාශ කර, මෙරට ජනයා තිරිඟු පිටි ගිලදමන ජාතියක් බවට පත්කිරීමට සූක්ෂමව කටයුතු කළ බවත්, ඔහු 60 වතාවක් අමෙරිකාවට ගොස් පැමිණි බව හා පසුව විශ්‍රාම ගොස් මහණ වී ලංකාව බුදුන් වහන්සේ උපන් දේශය බව ප්‍රකාශකරමින් අනුගාමිකයන් එකතුකර අධිරාජ්‍යවාදීන්ගේ අලුත් කොන්ත්‍රාත්තුවකට අත ගැසූ බවත් ඒ මහතා හෙළිකරයි.

මහා වංශය හා ත්‍රිපිටකයට පහර ගසමින් ඔහු ක්‍රියාකරමින් සිටින බවද, අරියමග්ග නමින් හැදින්වෙන තවත් චීවරදාරියකු ද මෙබඳුම විනාශයක් සිදුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ක්‍රියාත්මක වන අනෙක් න්‍යාය වන්නේ සමාජ සංස්ථාව බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය බවත් මෙම සමාජය රඳාපවතින්නේ ප්‍රධාන සංස්ථා 3ක් මත බවත් ඒ මහතා පවසයි.

සංඝ සමාජය, පවුල සහ පුද්ගලයා යන මෙම සංස්ථා බිඳදැමීම සදහා ඉතා සූක්ෂම ලෙස කටයුතු සිදුවෙමින් පවතින බවද, සමාජයේ ප්‍රචණ්ඩත්වය වැපිරවීම සඳහා පුද්ගලයන් පුහුණුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

සංඝ සමාජය බිඳ දැමීම සඳහා රට තුළින් හා අන්තර්ජාතිකව දැවැන්ත මෙහෙයුම්ක් දියත් වන බවත් හෙලිකරන ඒ මහතා, පවුල බිඳවැට්ටවීම සඳහා විවිධ අණපනත් ගෙන එමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද ක්‍රියාකරමින් සිටින බවත්  පෙන්වා දෙයි.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.