අගමැති දිනේෂ්ට, චීන ජනපති අතීතය මතක්කර දෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණ ආරාධනාවක් අනුවය. ඉරිදා(24) එහි ගිය අගමැති චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමුවූහ. එරට කතානායකවරයාද දිනේෂ්ව හමුවිය.දෙරට අතර ගිවිසුම් 9ක් අත්සන් තැබුවේද ඒ අතරතුරය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ(CPC)හි ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji මහතාද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, Beijing හි Tiananmen චතුරස්‍රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දැක්විය. ඔහු පළමුවෙන් ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමය.
“වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගී වෙලා මව්බිමට සම්පතක් වෙන්න, මේ වෙලාවේ ඒක අත්‍යවශ්‍යයි” දිනේෂ් ඉල්ලා සිටියේය.
බිජිං අගනුවර සිංහ ධජ සාගරයක් සේ දක්නට ලැබුණේ චීනයේ සියලු ප්‍රධාන නායකයන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් වෙනුවෙන් හමුවීම් සංවිධාන කර තිබූ නිසාය. චීන අගමැති Li Qiang, දිනේෂ්ව මහජන චීනයට පිළිගත්තේ විශේෂ උත්සවයක් පවත්වමිනි. ඔවුන්ට දිනේෂ් සමග විශේෂ බැඳියාවක් තිබිණි.
“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” චීන අග්‍රාමාත්‍ය Li Qiang, කීවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡා අතරතුරය.
අතිශය වැදගත් වූයේ චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති සාකච්ඡාවයි. ෂී ජින්පින් සහ දිනේෂ් අතර සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවැත්විණි. ඒ, බීජිං අගනුවර මහජන චීන නිල මහා ශාලාව හෙවත් Great Hall හිදී ය.
“ශතවර්ෂයකට ආසන්න කාලයක්, පිලිප් ගුණවර්ධන සහෝදරයා සහ පවුලේ උදවිය චීනයේ ඉතා සමීපතම මිතුරන් ලෙස අපි සලකනවා. ඔබේ පැමිණිම දීර්ඝකාලීන මිත්‍රයෙක් හමුවුණා හා සමානයි. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශේෂ සහයෝගයක් අපි ලබා දෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කිවේ මහත් ලෙංගතුකමකිනි. පිලිප්ගේ මුණුපුරා වන, දිනේෂ්ගේ පුත් පා.ම.යදාමිණි ගුණවර්ධනද ඒ අවස්ථාවේ එහි සිටියේය. රාජ්‍ය අමාත්‍යවරු වන ෂෙහාන් සේමසිංහ හා අශෝක ප්‍රියන්තද මෙම සංචාරයට අගමැති සමග එක්වූහ.
චීන ජනපති එසේ සිහිපත් කළේ, පිලිප් ගුණවර්ධනයන් සහ කුසුමා ගුණවර්ධන ගැනය. ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය(1950දී) වන්නේ දිනේෂ්ගේ මව,කුසුමා ගුණවර්ධනයි. 1956 පෙරළියට පෙර 1951දී පිලිප් චීනයට ගියේ, චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසය. නොබැඳි පිළිවෙතට අඩිතාලම දැමුනේ එදාය. ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 52 වන ගුණානුස්මරණය යෙදී තිබුණේද මාර්තු 26 වන දාය. එදින දිනේෂ් සිටියේ චිනයේය. එමනිසා 26 වනදා ඉටු කළ යුතු ම යුතුකම දිනේෂ් කලින් ම ඉටු කළේය. ඒ, අවිස්සාවේල්ල බොරළුගොඩ පිලිප් ගුණවර්ධන සමාධියට උපහාර දැක්වීමයි.
.“ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, චීනයේ හයිනාන් නුවර දී 2024.03.28 දින, අමතමිනි. දිනේෂ් ගුණවර්ධන මහතා, චීන බෞද්ධ සංගමයේ සභාපති, අතිපූජ්‍ය Yan Jue හිමියෝ, බීජිං නුවරදී හමුවී දෙරට අතර පවතින බෞද්ධ සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
කොළඹ සහ ෂැංහායි අතර සහෝදර නගර ගිවිසුම අත්සන් කර බොහෝ කාලයක් ගත වී තිබේ. “තම සහෝදර ප්‍රසන්න ගුණවර්ධන කොළඹ නගරාධිපති ධුරයේ සිටින කාලයේ අත්සන් කළ මෙම ගිවිසුම යටතේ තවදුරටත් විශාල වැඩ කොටසක් සිදු කළ හැකියි” චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති Gong Seng මහතා හමුවෙමින් දිනේෂ් කීය. චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම(CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන Huawei යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය.
චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂණ චාරිකාවකටද අගමැති දිනේෂ් 2024.04.28 දින එක් විය.
අගමැතිගේ චීන නිල සංචාරයේදී දෙපාර්ශවය, කාර්මික ආයෝජන, ප්‍රමිතිකරණය, ජීවනෝපාය ආධාර, කෘෂිකර්මය, මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීය.
Xinhua පුවත් සේවය වාර්තා කළේ, චීන මහජන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය 2024.03.29 දින ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කළ බවයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..