මහමැතිවරණයක් ඉල්ලන්නේ පොහොට්ටුවේ අවස්ථාවාදීන් - මොහොමඩ් මුසම්මිල්
පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන්නැයි ඉල්ලන පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට දින නියමයක් නැතුව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ගැන වචනයක්වත් නොකියන පොදු ජන පෙරමුණේ නියෝජිතයන් මෙම වසරට නියමිතවත් නැති මහමැතිවරණයක් ගැන කියවීමෙන් එම පක්ෂයේ කඩාවැටිම හා අවස්ථාවාදීකම පැහැදිලිව පෙනෙන බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද වනවිට ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 40%ක් තවමත් කිසිදු තීරණයක් ගැන නැති බවත් එනිසා සමීක්ෂණ ප්‍රතිඵල මත ඡුන්ද ප්‍රතිඵල තීන්දු කළ නොහැකි බවත් පැවසූ ඔහු බොහෝ පිරිසක් තමන්ගේ අවසන් තීරණය ගන්නේ අවසන් මොහොතේ බවත් පැවසීය.
කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකින් තනි පක්ෂයක් ජය නොගනු ඇති බවත් සන්ධාන ගතවුවොත් පමණක් ජය හිමිවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරකයන් පිළිබඳ තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු යයිද පැවසූ ඔහු ප්‍රහාරය වළක්වා නොගැනීමත් එම ප්‍රහාරයෙන් පසු දැන සිටි කරුණු අනාවරණය නොකිරීමත් නිසා ජාතික ධනය විශාල වශයෙන් වැය කොට ජනාධිපති කොමිසමක්ද පත්කළ බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
එමගින් මුළු සමාජයම නොමග යවා ඇති බවත් තමන් කරුණු දැන මෙසේ කිරිම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා