"ETCA" අස්සන් කළොත් දේශීය කර්මාන්තකරුවාට වන්නේ "ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ" වැඩක්! - ජයන්ත සමරවීර
ණය පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගැනීම, විදුලි - ජල බිල්පත්, ගෑස් මිල ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වන බදු ඉහළ දැමීම හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ වන ගැටලුකාරී තත්ත්වය යන කරුණු හතර හේතුවෙන් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී ඇති බවත් එවැනි මොහොතක වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ETCA ගිවිසුම (Economic & Technology Cooperation Agreement) අත්සන් කළහොත් දේශීය කර්මාන්තකරුවාට සිදු වන්නේ "ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩක්" බවත් උත්තර ලංකා සභාගය පෙන්වා දෙයි.
අද(28) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එබැවින් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය සඳහා වන කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැති වත්මන් ආණ්ඩුව, ඉන්දියාව සමඟ ETCA ගිවිසුම අත්සන් කිරීමට උත්තර ලංකා සභාගය දැඩි විරෝධය පළ කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.
මෙසේ දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී, භාණ්ඩ අපනයනය පහත වැටීම හේතුවෙන්, ගෙවීගිය වසර 30 පුරා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10 - 12ත් අතර අගයක පවත්වාගෙන ආ මෙරට වාර්ෂික අපනයන ආදායම මේ වසරේ දී බොහෝ සෙයින් අඩු විය හැකි බවත් ඒ කිසිවක් මායිම් නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මෙරට කර්මාන්තකරුවන්ගේ, වෘත්තිකයන්ගේ, වෘත්තීය සමිති හා වාමවාදී ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවල දැඩි විරෝධය හේතුවෙන් මෙතෙක් කලක් අස්සන් කිරීමට නොහැකිව තිබූ ETCA ගිවිසුමට පණදීමට සූදානම්වීම සුළුවෙන් නොතකන ලෙසත් ජයන්ත සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දිනෙන් දින දේශීය කර්මාන්ත බිඳවැටී, වැසී යමින් තිබෙන මොහොතක, ETCA ගිවිසුම අත්සන් තැබුවහොත් ඉන්දියානු කර්මාන්තවලට පමණක් නොව, මෙරට සේවා ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවලට ඉන්දියානු ශ්‍රමිකයන්ට ද රිසි සේ රිංගා ගැනීමට හැකිවන බවට ඒ මහතා අනතුරු ඇඟවූයේය.
එබැවින් ETCA ගිවිසුම අස්සන් තැබීමේ උත්සාහය පැරදවීමට, පටු වාදභේද අතහැර මෙරට සියලු ප්‍රගතිශීලී ජනකොටස් පුළුල් විරෝධතාවකට සූදානම් විය යුතු බව ද සමරවීර මහතා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද එක්ව සිටියේය.
- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ -




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?