මෛත්‍රී කර ඇත්තේ හත් වසරක් හිරේ යන්න වෙන වැඩක් - ගම්මන්පිල කියයි
‘මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
“ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සැඟවීම පිළිබඳ ජනපති සිරිසේනව අත්අඩංගුවට ගන්න කියලා අපි කිව්වාම පොලිසියෙන් කියනවා අපේ ප්‍රකාශ පදනම් විරහිතයි. නීතිය අනුව එහෙම අත්අඩංගුවට ගන්න බෑ. සිරිසේන මහතාගේ ප්‍රකාශයක් අරගෙන ප්‍රකාශයෙන් හෙලි වෙන කරුණු අනුව තමයි ඒක කරන්න වෙන්නේ කියලා. ඒක වැරදියි.
ඔහු ලබා දෙන ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියටත් ගෙන යනවා ද තවත් අය අත්අඩංගුවට ගන්නවා ද නඩු පවරනවා ද යනාදි වශයෙන් තීරණය කළ හැකියි. ඒ අනිත් අය ගැන. නමුත් ජනපති සිරිසේන දැනටමත් තමන් වරදක් කලා කියලා පිලිගෙන ඉවරයි. ඔහු ඉතාම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණ නියෝගයක් ලැබුණොත් පමණක් මම හෙලි කරනවා කියලා. අපරාධයක් පිළිබඳ තොරතුරු දන්නා අය ඒක හෙලි කරන්නේ පොලිසියට මිස අධිකරණයට නොවේ. අධිකරණය ඉන්නේ විමර්ශන කරන්න නොවේ. උසාවියට ඉදිරිපත් කළ චුදිතයින් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන්න. විමර්ශනය කරන්නේ පොලිසිය. අපරාධයක් පිළිබඳ තමන් තොරතුරු දන්නවා නම් වහාම ඔහු පොලිසියට ඒ තොරතුරු හෙලි කළ යුතුයි. නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක්. කොහෙද ඒක තිබෙන්නේ?
1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පස්වන වගන්නතිය. ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබද තොරතුරක් හෝ ඒ පිළිබද තොරතුරක් දන්න කෙනෙක් ගැන තොරතුරක් හෝ දැන ගෙන එය පොලීසියට ඉදිරිපත් නොකර සිටීම මේ පනත යටතේ වසර හතක් දක්වා බරපතල සිරදඩුවම් ලැබිය හැකි වරදක්.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා. පොලිස්පත්තුමනි නීතිය පැහැදිලියි. දැන්වත් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ව අත්අඩංගුවට අරගන්න. එය පොලීසිය සතු පැහැර හරින්න බැරි වගකීමක්
සාමාන්‍යෙයන් නම් කියන්නේ කියන්න පෙර සිතා බලනු කියයලිය. නමුත් සිරිසේන මහත්තය නම් ඉතිහාසය පුරාම ප්‍රකාශය කරල තමයි හිතන්න පටන් ගත්තේ. එතුමා කිසිම නමක් කිසිම දෙයක් ගැන තොරතුරක් හෙළිකරාවි කියලා මම නම් හිතන් නැ. නීතියේ නව පිටුවක් පෙරළමින් කැබිනට් ඇමතිකෙනෙක් අත්අඩංගුවට ගත්තා. වත්මන් පොලිස්පතිවරයා ගැන අපි සතුටු වෙනවා කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිට හැකියාව තිබීම ගැන . හිටපු ජනපති කෙනෙක් අත්අඩංගුවට ගෙන පොලීසියේ ස්වාදීනත්වය සහ පෞර්ෂත්වය පෙන්නනාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මහජන ආරක්ෂාව භාර අමාත්‍යතුමන් දිගින් දිගටම කිව්වා පාස්සකු ප්‍රහාරය ගැන අප සොයාගත් තොරතුරු වලට අනුව දැනටමත් විශාල පිරිසකට නඩු දාලා තියෙන්නේ අපි නොදන්නා දෙයක් ඔබ දන්නවා නම් පොලීසියට කියන්න කියලා. ඉන් පසු ප්‍රහාරය ගැන කයිවාරු ගසමින් හිටිය බොහෝදෙනෙක් නිහඩ වුනා. ඔන්න දැන් සිරිසේන මහත්තයා දන්න කෙනෙක් විදිහට ඉදිරියට ඇවිත්. කවුරු හරි එතුමාව ඉස්සරහට තල්ලු කරාද දන් නැ.
කොහොම නමුත් මාධ්‍යවලටත් මෙහි ගෞරවය හිමිවෙනවා. මොකද මාධ්‍ය ප්‍රශ්න ඇහුවේ නැත්නම් මේ රහස රැකගෙන සිරිසේන මහත්තයා මිය යන තුරුම ඉන්නවා”
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..