රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළාදකිනවා - ජනිපෙ නායක, පා. ම. විමල් වීරවංශ
රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙරට රුසියානු තානාපති ලෙවාන් එස්. දගාරියන් මහතා වෙත මෙම සිදුවීම පිළිබඳව සිය ශෝකය පළකර ලිපියක් යොමුකරමින් විමල් වීරවංශ මහතා මේ බව පවසා තිබේ.
අදාළ ලිපිය පහළින්...
ලෙවාන් එස්. දගාරියන් මැතිතුමා,
ගරු ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති,
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය,
404, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
ගරු තානාපතිතුමනි,
රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර ත්‍රස්තවාදීන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමු!
පසුගිය 22 වනදා ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණයේ පැවැත්වෙමින් තිබුණු සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි රුසියානු ජනයා වෙත එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
අධිරාජ්‍යවාදීන් ආර්ථික වශයෙන් අර්බූදයට ලක්වන සියලු අවස්ථාවලදීම ඉන් පියමං කිරීමට ඔවුන් සතුව තිබෙන අවසාන පිළිතුර ම්ලේච්ඡ යුද්ධය බව පළමු සහ දෙවන ලෝක යුද්ධ පමණක් නොව ඉන් පසුව මැදපෙරදිග කලාපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවල නිර්මාණය කළ යුද ගැටුම්වලින් ද සනාථ කර තිබේ.
එසේ නමුදු වර්තමාන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා ප්‍රමුඛ වත්මන් රුසියානු ආණ්ඩුව යුක්‍රේන භූමියේ සිට ක්‍රියාත්මක කරනු ලබන සාමූහික බටහිරයන්ගේ යුද්ධය සාර්ථකව මැඩලමින් පවතී. එතැනින් නොනැවතී ජනාධිපති පුටින් මැතිතුමාගේ සමස්ත ආර්ථික, දේශපාලනික සහ යුදමය වැඩපිළිවෙළ, පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 87%කට වඩා රුසියානු ජනතාව අනුමත කිරීමම අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ සාමූහික බටහිරයන් තම පැවැත්ම කෙරෙහි බියෙන් සලිත වී ඇති බව තහවුරු වේ. ඒ අනුව රුසියානු ජනයාගෙන් පළිගැනීම පෙරදැරි කොට ගෙන මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරවලට තම සහචරයන් මෙහෙයවීමට කටයුතු කර ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
ලෝක දේශපාලනයේ ඒකධ්‍රැවීය බල කේන්ද්‍රයන් වෙනුවට බහුධ්‍රැවීය බල කේන්ද්‍රයන් පැන නැගීම පැහැදිලිව තිබෙන මේ මොහොතේදී එවැන්නක් මගින් සාමූහික බටහිරට සහ අධිරාජ්‍යවාදී අමෙරිකාවට තම පැවැත්ම පිළිබඳ අනතුර හොඳින්ම දැනී ඇති බව මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර මගින් තව තවත් සනාථ කරනු ලබයි.
මේ මොහොතේදී රුසියානු ජාතිය දරා සිටින ශෝක භරිත හැඟීම ඔබලා සමඟ අප ද බෙදා හදා ගන්නා බව ප්‍රකාශ කරමින් අධිරාජ්‍යවාදී යුගය අවසන් කිරීමට ජනාධිපති පුටින් මැතිතුමා ගන්නා දැවැන්ත ප්‍රයත්නයට අපගේ ශක්තිය ද පුද කරන බව ප්‍රකාශ කරමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2024-03-24
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා