News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්-සජිත්-අනුර IMF වන්දනාවේ... ඔය කවුරු බලයට ආවත් IMF පදයට නටනවා හැර වෙන උත්තර නැහැ – විමල් වීරවංශ (වීඩියෝ)

Mar 24, 2024 at 08:24 PM
|

දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහුනාටකවල ගොදුරු බවට පත් නොවන ලෙසත් දේශපාලන වේදිකාවල සුරංගනා කථාවලට ඇහුම්කන් දී මේ රටේ අනාගතය පරදුවට නොතියන ලෙසත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, දෑහිතකාමී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ සියලු ජනතාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවිය හැකි නිර්මාණය වෙමින් පවතින නව දේශපාලන බලවේගය සමඟ සිටගන්නා ලෙස ඇරයුම්කර සිටියි.

“77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!”යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ “ජන පෙළගැස්ම” විශේෂ ජන සමුළුව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය. එම විශේෂ ජන සමුළුව ඊයේ(23) මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී මුළු දුන්නේ ය.

මෙම විශේෂ ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

1977 දී මෙරටට හඳුන්වා දුන් පරාධීන ආර්ථික මාවත හේතුවෙන් ගිලන් වූ අපගේ මාතෘභූමිය සුවපත් කෙරුමට සමත්, නැවුම් මාවතකට මුල්ගල තැබෙන මෙම අවස්ථාවට, උත්තර ලංකා සභාගය හා ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා සන්ධානගත වීමට නියමිත දේශපාලන සන්ධාන සහ දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් සුබ පැතුම් එක් කිරීම ද සිදු කෙරිණි.

ඒ අනුව මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.

පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කළ අතර “1977 කොඩිවිනය අවසන් කරමු!” නමින් වාර්තාමය වැඩසටහනක් ද මෙහි දී ප්‍රදර්ශනය කෙරිණි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතූළු විද්වත් වෘත්තිකයයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගය

“උත්තර ලංකා සභාගය මේ ජන පෙළගැස්ම මහරගමින් ආරම්භ කළේ ‘මේ රටේ ප්‍රගතිශීලී, දෑහිතකාමී බලවේගවල නව ගමන් මඟ අපි නිර්මාණය කරනවා’ කියන සහතිකය මේ රටේ ජනතාවට ලබා දීමටයි. මේ ඇති වෙන්න හැරපු ආර්ථික අර්බුදයෙන් පස්සේ සමහරු හිතනවා, ‘මේ රටේ දෑහිතකාමී බලවේග දුර්මුඛ වෙලා’ කියලා. ඒ්ක වැරදියි. ‘හිටියාටත් වඩා සවිමත්ව, ඥානාන්විතව, අරමුණු සහගතව, ධෛර්යය සම්පන්නව ඒ් දෑහිතකාමී, ප්‍රගතිශීලී බලවේග මේ රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගය බවට පත් කරනවා’ කියන අධිෂ්ඨානය තමයි අද මහරගමට එක්රොක් වුණු මේ ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව පළකර සිටියේ.

රනිල්-සජිත්-අනුර IMF වන්දනාවේ

මේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්‍රහ කරගත් කිසිවෙකුටත් බැහැ IMF එක වන්දනා කරමින් ඉන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, සජිත් ප්‍රේමදාස මහත්තයාත්, අනුර කුමාර මහත්තයාත්(සාකච්ඡාවලට හඳුන්නෙත්තිව යවමින්) IMF වන්දනාවේ යෙදෙනවා. ‘අපි ආවත් IMF එකත් එක්ක ගනුදෙනු කරනවා’ කියලයි හඳුන්නෙත්තිලත් කියන්නේ. ‘විදේශ විනිමය නිදහසේ එහේ මෙහේ යන එකට බාධා කරන්න බැහැ’ කියලා IMF එක තමයි කියන්නේ. ඉන්දියාවේ වගේම අපෙත් කලින් තිබුණු විදේශ විනිමය පනත අනුව මාස තුනක් ඇතුළත උපයපු විදේශ විනිමය රට තුළට රැගෙන එන්න ඕනෙ. නැතිනම් අපරාධ වරදක් සේ සලකා නඩු පැවරිය හැකියි. අපේ විදේශ විනිමය පනතින් ඒ ප්‍රතිපාදනය ඉවත් කළා. දැන් අපේ රටේ විදේශ විනිමය උපයන අය ඒවා විදේශ රටවල ‘පාක්‘ කරනවා. ඒ අනුව නැති විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය කළා. ඒ විදේශ විනිමය අර්බුදය නිසා තමයි IMF එක ශ්‍රී ලංකාවේ බෙල්ල මුලින් අල්ලා ගත්තේ.

අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයක්

ඒ අනුව පැහැදිලියි, ‘IMF සරණං ගච්ඡාමි‘ කියන රනිල්, සජිත්, අනුර යන ඔය කවුරු බලයට ආවත් මූල්‍ය අරමුදලේ පදයට නටනවා හැර මේ අයට වෙන උත්තර නැහැ. IMF පදයට නටන්නේ නැති, රටේ පදයට, ජාතියේ පදයට, අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයක් තමයි අද ජනතාව ඉල්ලන්නේ. ලෝකයේ ඇති වන නව බල වෙනස්කම් දිහා බලලා, ඒ නව ප්‍රවණතා සමඟ එකට හිටගන්න පුළුවන් දේශපාලන බලවේගයකට විතරයි මේ වැටිලා තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගන්න පුළුවන්.

වෙළඳ පරතරය පියවිම

අපට ඩොලර් බිලියන 40ක පමණ විදේශ ණය ප්‍රමාණයක් සහ ඩොලර් බිලියන 50ක පමණ දේශීය ණය තියෙනවා. ඒ අනුව සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90ක් විතර වෙනවා. ඒ වගේම අපේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 130ක් පමණ වෙනවා. 1977ට කලින් වෙළඳ පරතරයක් තිබුණේ නැහැ, වෙළෙඳ ශේෂයක් තිබුණේ. මේ වෙළඳ පරතරය පළල් වෙනකොට ‘ලෝකයේ හෙට්ටියන්ගෙන්’ ණය අරගෙන ඒ්ක පියවන එක තමයි මේ තරම් කාලයක් කළේ. ‘ණයට කාලා – සැපට ඉන්න’ ප්‍රතිපත්තිය වෙනුවට ‘නව වැඩපිළිවෙළක්, මූලෝපායක්’ යටතේ මේ මහා පොළොව අස්වැද්දීමෙන් තමයි මේ වෙළඳ පරතරය පියවිය හැක්කේ.

රටේ වත්කමට තවත් ඩොලර් බිලියන 232ක්

ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත වත්කම ඩොලර් බිලියන 74.4යි. අපේ රටේ සමස්ත ජනගහනය දෙකෝටි විසිඑක්ලක්ෂ අසූඑක්දහසයි. ඒ අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 3,354ක් පමණ වෙනවා. ලෝක බැංකුවේ නිර්ණායක අනුව දියුණු රටක් ලෙස පිළිගන්නේ ඩොලර් 13,845කට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබුණොත් විතරයි. මේ මට්ටමට එන්න අපි අපේ වත්කම ඩොලර් බිලියන 74.4 සිට ඩොලර් බිලියන 307 දක්වා ඉහළ දැමිය යුතුයි. එහොම කළොත් විතරයි ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කියා පිළිගන්නේ. මේ ආණ්ඩුවට මේ රට එතැනට ගන්න සැලැස්මක් තියෙනවාද? ඔවුන් බලාගෙන ඉන්නේ IMF තුන්වැනි ණය වාරිකය ලබාගෙන, ආයෙත් ණය ලබාගැනීමේ සුදුසුකම අරන් ණයට කාලා, සැපට ඉන්නයි. ලෝකය පිළිගත් නිර්ණායක අනුව දියුණු රටක් වීමට අපි දැන් තිබෙන වත්කමට තවත් ඩොලර් බිලියන 232ක් එකතු කළ යුතුයි. සොබාදහම සෑම සම්පතක්ම ලබාදී ඇති, ලෝක බලවතුන්ගේ ඇසට ගොදුරක් සේ පෙනෙන මේ රට, නිසි නායකත්ව මණ්ඩලයක මෙහෙයවීම යටතේ එතැනට රැගෙන යා හැකියි.

‘වියට්නාම – පෝලන්ත’ නිදසුන්

දැන් බලන්න, සම්බාධක දමපු රුසියාවේ අර්ථික වර්ධන වේගය යුරෝපයේ සියලු රටවලට වඩා වැඩියි. ඊයේ මොස්කව්වලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමට සහ එමගින් මියගිය අයගේ පවුල්වලට උත්තර ලංකා සභාගයේ සාතිශය සංවේගය පළ කර සිටීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. අද සම්බාධක දමපු හැම භාණ්ඩයක්ම රුසියාව තුළ නිපදවනවා. හිම වැටෙන රුසියාවට එවැනි ඉලක්කයන් සපුරාගත හැකි නම් සොබාදහම හොඳටම සලකපු අපට වත්කම ඩොලර් බිලියන 307ක් දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කයට යා නොහැකි ඇයි? දැන් බලන්න, වියට්නාමයේ 2006 වන විට වත්කම ඩොලර් බිලියන 66ක්. අද වියට්නාමයේ වත්කම ඩොලර් බිලියන 409කට ආසන්නයි. ඔවුන් අවුරුදු 18කින් ඩොලර් බිලියන 340කට අධික වත්කමක් උපයා තිබෙනවා. පෝලන්තය 1990 දී අන්ත දිළිඳු රටක්. වත්කම ඩොලර් බිලියන 65යි. 2024 වන විට පෝලන්තයේ මුළු වත්කම ඩොලර් බිලියන 690කට ආසන්නයි. අවුරුදු 34ක් ඇතුළත ඩොලර් බිලියන 630කට ආසන්න අගයකින් තම වත්කම ඉහළ දමාගන්න පෝලන්තය සමත්ව තිබෙනවා.

නායකත්ව මණ්ඩල කේන්ද්‍රීය සැලැස්මක්!

මේ රටේ බලය ඉල්ලන කවර පාර්ශ්වයක් වුවත් ඉහත කී ඉලක්කය සපුරාගන්නා ආකාරය ජනතාවට කිව යුතුයි. බොරු පුරාජේරු, කයිවාරු වැඩක් නැහැ. අපි මේ රටට නායකත්වය සපයන්නේ, ‘ඩොලර් බිලියන 75ක වත්කමකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 307කට අධික වත්කමක් සහිත රටක් බවට පත් කිරීමේ උපායමාර්ගික සැලැස්මක්’ අතේ ඇතිවයි. ඒ උපායමාර්ගික සැලැස්ම පුද්ගල කේන්ද්‍රීය සැලැස්මක් නෙවෙයි. නායකත්ව මණ්ඩල කේන්ද්‍රීය සැලැස්මක්. අපි ඒක අනාගතයේදී එළිදක්වනවා.

දක්ෂ නාවිකයන් නිර්මාණය කරන වෙලාව

සුරංගනා කතාවලින් වැඩක් නැහැ. දැන් බලන්න, ‘පෝර්ට් සිටි’ කියන්නේ අනාගතයේදී විදේශ විනිමය උපයන ප්‍රධානතම මර්මස්ථානය. ඒක හදනකොට කියපු කතා ඔබට මතක ඇති. ‘සීගිරි ගලත් කඩන්න වෙනවා’ කියා එදා කිව්වා. නමුත් දැන් සීගිරියත් තියෙනවා; පෝර්ට් සිටියත් තියෙනවා. එදා එහෙම රස කතා කියපු අය තමයි අද රට බේරගන්න එනවා කියන්නේ. බස් බෙදන් ගියාට, දෙබස් කියන් ගියාට මේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ අර්බුදය ‘වවාගෙන කෑම’ පමණයි. දක්ෂ නාවිකයන් නිර්මාණය කරන්නේ සසල මුහුද විසිනුයි. මහජනයා අපහසුතාවට පත්වීමට ඉඩ නොදී, රළ එන දිශාව නිවැරදිව වටහාගෙන ශ්‍රී ලංකාව නමැති යාත්‍රාව නිරුපද්‍රිතව රැගෙන යා හැකි දක්ෂ නාවිකයන් අවශ්‍යයි. මේ තමයි ඒ දක්ෂ නාවිකයන් නිර්මාණය කරන වෙලාව. උත්තර ලංකා සභාගයත් අනාගතයේදී අපි සියලුදෙනා එකතු වෙලා ගොඩනඟන දේශපාලන කඳවුරත් සසල මුහුද තරණය කරන්න පුළුවන් දක්ෂ නාවිකයන් බිහි කරන මධ්‍යස්ථානයක් බවට අපි පත්කරනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව?

දැන් බලන්න, සමහර රටවල් අපේ මේ ආර්ථික අර්බුදය නමැති ‘ගින්න’ නිවන්න වගේ ‘වතුර බාල්දියකුත්’ අරගෙන එනවා. නමුත් වෙන්නේ මංකොල්ලය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඒ මංකොල්ලයට පොට පාදන්න කියලයි. අපේ දත්ත පද්ධතිය තිබෙන කේබල් පද්ධතිය සමඟ ටෙලිකොම් එක මිලදී ගන්න ඉන්දීය ධනපතියෝ බලා ඉන්නවා. විදුලිබල මණ්ඩලය කෑලි කඩලා විකුණනකොට ගන්න අදානිලා, ටාටාලා බලාගෙන ඉන්නවා. මම දැක්කා සාගල රත්නායක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව භෞතිකව යා කරන පාර ගැන කතා කරන්න ඉන්දියාවට ගිය බවට ප්‍රවෘත්තියක්. එහෙම තීරණ ගන්න යවන්න සාගල රත්නායක කවුද? පාකිස්ථානයේ නව ජනාධිපතිවරයා නම් පැවසුවා, තමන්ගේ බිරිඳ මියගොස් ඇති නිසා තම දුව ආර්යාව ලෙස සලකනවා කියා. නමුත් මම දන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව ලෙස සාගල රත්නායක සලකනවා ද?’ කියා.

Connectivity…

කොහොම වුණත් සාගල රත්නායක යන්නේ Connectivity කරන්න. විදුලිය, තෙල් Connectivity කරනවා. අන්තිමේදී පාර හදලා භෞතිකවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව Connectivity කරනවා. ඊළඟට එට්කා ගිවිසුම අප්‍රේල් මාසයේ අවුරුදු දිනවල හොර රහසේම අත්සන් කිරීමට මේ ආණ්ඩුව සූදානම්ව සිටිනවා. ඊට පස්සේ සිදුවන්නෙත් Connectivity. එට්කා ගිවිසුමට අනුව රැකියාවලට සහ වෙළඳාමට ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකිකයන්ට තිබෙන ඉඩකඩම ලැබෙනවා. දැන් මේ සිදුවන්නේ ගේ ගිනිගන්නා අස්සේ හොරකම. මෙයාලා ජාතික සම්පත් විකුණන්නේ ‘කොමිස් ජරාව‘ කන ගමන්.

සිකීමයේ ඉරණම අපටත්

සිකීමය කියන්නේ ඉස්සර ස්වාධීන රටක්. අද ඉන්දියාවේ ප්‍රාන්තයක්. 1974 දී සිකීමයේ පැවති මැතිවරණයෙන් ඉන්දියාවට උවමනා අපේක්ෂකයා පරාජයට පත්වුණා. පසුව රෝ සංවිධානය මැදිහත් වෙලා, උද්ඝෝෂණ කරවලා, සිකීමයේ රජු බියවද්දලා යළි මැතිවරණය පවත්වන තැනට කටයුතු කළා. අවසානයේදී ඉන්දියාවට උවමනා පුද්ගලයා සිකීමයේ අගමැති බවට පත්වුණා. මේ ලෙන්ඩප් ඩෝර්ජස් අගමැති වුණාට පසුව ඉන්දියාව සමග ගහන්න ඕන සියලු ගිවිසුම් ගැහුවා. 1975 වන විට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වුණා. ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූයේ ලෙන්ඩප් ඩෝර්ජස්මයි.

රෝහණ විජේවීර පරිච්ඡේදයේ අවසානය

පසුව සිකීමයේ පක්ෂ, විපක්ෂ සියලුදෙනා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඒමට සූදානම් වුණා, චීනය සමග එක්ව කටයුතු කිරීමට. නමුත් සිකීමයට විදුලිය සහ තෙල් යන්නේ ඉන්දියාවෙන්. විදුලිය සහ තෙල් සැපයුම නවත්තලා ඉහත කී යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම පවා නවත්වන්න ඉන්දියාව කටයුතු කළා. සිකීමයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අද සිදුවෙලා තියෙනවා තමන්ගේ ස්වෛරීත්වය අහිමි කරගන්න. අද ශ්‍රී ලංකාවට Connectivity කියමින් මේ එන්නේ දෙවන සිකීමය හදන්නයි. දැන් අනුර කුමාරලාගේ පක්ෂය මේවා කතා කරන්නේ නැහැ. රෝහණ විජේවීර මහත්තයා හිටපු කාලයේ කරපු කතා අද නැහැ. අද ඒ අය ඉන්නේ ‘අමුල්‘ බීලා. රෝහණ විජේවීර පරිච්ඡේදය අවසානයි. දැන් ඉන්නේ කුමාරයෙක්නෙ.

ඇතුළතින්ම කඳ පනුවන් හදලා

කුමන රටක වුවත් අධිපති සංස්කෘතිය තියෙන්නේ නරක දෙයක් නොවෙයි. මේ රටේ තියෙන අධිපති සංස්කෘතියෙන් අන්‍ය ආගම්වලට, විශ්වාසයන්ට ගරහලා නැහැ; ඒවා තහනම් කරලා නැහැ. මහා විහාරය විසින් නිර්මාණය කරපු, ථේරවාදී බුදුදහම සමග සමග බැඳුණු අධිපති සංස්කෘතියක් තමයි අපට තිබෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ ‘හොඳම රජ්ජුරුවෝ’ කියන්නේ ඒ සංස්කෘතිය පිළිගත් නිසයි. බැරක් ඔබමා අප්‍රිකානු සම්භවයක් තියෙන කළු ජාතිකයෙක්; ආගම රෙපරමාදු. ඔහු ඇමරිකාවේ අධිපති සංස්කෘතිය නියෝජනය කළා. ඒ වගේ වඩුග, නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එදා මේ පොළොවේ තිබුණු සංස්කෘතිය නියමානුකූලව පිළිගත්තා. ඔහු ලන්දේසීන් ගිනි තැබූ ශ්‍රී දළදා මාළිගාව යළි ගොඩනැඟුවා; වෙහෙර විහාර, පිරිවෙන් හැදුවා; එදා ඒ සංස්කෘතිය පෝෂණය කළා. හැම තැනකටම ගහගෙන යනකොට ගහන්න බැරිව තිබුණු එකම තැන සම්බුද්ධ ශාසනය. දැන් ඇතුළතින්ම කඳ පනුවන් හදලා එතැනටත් පහර ගහනවා. ත්‍රිපිටකය ගැන තිබෙන විශ්වාසයට ගහනවා. ධර්මය විකෘති කරනවා. අපේ තරුණ පරම්පරාව ඒ් සංස්කෘතියෙන් ඈත් කරපු පරම්පරාවක් බවට පත් කිරීමට වලිකනවා. ඒ නිසා මේ එන සමස්ත ප්‍රහාරය හොඳින් තේරුම් ගත යුතුයි.

‘සෙක්ස් කරන්න නීති’

දැන් බලන්න, විජයදාස රාජපක්ෂ වයස අවුරුදු 14 කෙල්ලට ‘සෙක්ස් කරන්න නීති’ ගෙනඑන්නේ එයාගේ පුතා කියලා නොවෙයි. මේ එන්නේ, මේ රට හයිටියක් බවට පත් කරන ප්‍රහාරයයි. හයිටිය ගිලගත්තා වගේ ශ්‍රී ලංකාවත් ගිලගන්නයි මුන්ට උවමනා. සඟරුවනට පහරදීම ඇතුළු මේ සමස්ත ප්‍රහාරය එන්නේ එකම න්‍යාය පත්‍රයකින්; එකම තැනකින්. ඒක නිවැරදිව හඳුනාගත්තු සවිඥානික, ප්‍රබුද්ධ දේශපාලන බලවේගයකට පමණයි වල්මත් වෙලා තියෙන මේ රටට නියමානුකූල නායකත්වය ලබා දෙන්න පුළුවන්.

සවිඥානික – ප්‍රබුද්ධ සම්ප්‍රදාය…

උත්තර ලංකා සභාගයේ අපි නියෝජනය කරන්නේ ඒ සවිඥානික, ප්‍රබුද්ධ සම්ප්‍රදාය. චීනයේ වර්තමාන ජනාධිපතිතුමන් මෑතකදී කරපු දේශනයකදී කියනවා, ‘මන්ද අපි නිතරම ජාතික වීම නිසා වඩාත් ජාත්‍යන්තර වේ’ කියා. ඔව්! ‘අපි නිතරම ජාතික වීම නිසා වඩාත් ජාත්‍යන්තර වීම’ තමයි අපට අයිති උරුමය. ඒ නිසා අපි කාටත් අද විශාල වගකීමක් තියෙනවා. දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහුනාටකවල ගොදුරු බවට පත්වෙන්න එපා! සුරංගනා කථාවලට ඇහුම්කන් දීලා මේ රටේ අනාගතය පරදුවට තියන්න එපා! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන මේ සියලුදෙනා එක මිටට තියලා පරද්දන්න පුළුවන් නව දේශපාලන බලවේගය නිර්මාණය වෙනවා. ඒ් සමඟ සිටගනිමු. ඒ ගමන යන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න.

කිසිවිටෙකත් අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ!

ඕනෑම දුෂ්කර අවස්ථාවක අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ අඳුරු භීම සමයන්හිදී පවා අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ. ඔය ‘අනුර කුමාරයා ‘ 1989 භීෂණයෙන් පසුව ගෙදර ගිහින් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියා. ‘ඒ් ලෙවල් කරමින් ඉදලා මඟ දාලා පක්ෂයට ගියපු අපට’ ඒ්කට හිත එකඟ කර ගන්න බැරි වුණා. අපි එකදිගට අතනොහැර දේශපාලනයේ රැඳී සිටියා. ‘වැටෙන තැනින් නැගිටින මාවත’ තෝරාගත්තා. අපි එදා තෝරාගත්තේ පසුබසින මාවත නොවෙයි, ධෛර්ය සම්පන්නව නැගී සිටින මාවත.

කාලෝ අයංතේ!

මේ රටේ ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනයා වැටිලා නැහැ. මේ ඔවුන් හිටියාටත් වඩා හොඳින්, ධෛර්ය සම්පන්නව නැගී සිටින කාලය; තමන්ගේ භූමිකාව සියතට ගන්නා කාලය; සතුරු බලමුළු පරදවා රටේ උරුමය වෙනුවෙන් නැඟී සිටිනා කාලය. අන්න ඒ කාලය, ඔබේ කාලය; ජාතියේ කාලය; ලක් මාතාවගේ කාලය. කාලෝ අයංතේ!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.