කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතය ගැන අලුත් යෝජනාවක්
කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ මාධ්‍ය, තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බවයි.
එබැවින් මෙම භුමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කුරුන්දි රජමහ විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට විසඳුම් ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභාවට මෙහිදී ඉදිරිපත් කළේය.
ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්ද පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ පසුගිය 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත්වන බවයි.
ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ හඳුනාගත් ස්මාරක පදනම් කරගනිමින් මෙම භුමි ප්‍රමාණය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කළ බවත් මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශය තව දුරටත් තහවුරු කරගැනීම සඳහා විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සුදානමින් පවසුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
එම ගවේෂණ කටයුතු මාස හයක් තුළ සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන ඒ ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.
එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භුමිය මුලික කරගත් ආකෘතියට ගොඩ නැගිය යුතු බව කමිටු සාමාජිකයෝ පැවසුහ.
කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයන්ට අහිමිවන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව අමාත්‍යාංශ ප්‍රධානීහු පැවසූහ.
කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ජා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් එම කමිටු හමුවට කැඳවනු ලැබූහ.
මේ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජයන්ත කැටගොඩ, එම්.රමේෂ්වරන්, සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ද කාරක සභා සභාපතිවරුන්ගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ද ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්