මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රසංගයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය- මෙතෙක් හෙළිවූ දේ
ඊයේ(22) රාත්‍රියේ රුසියාව සිය නූතන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු විය. මොස්කව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු විය. ශාලාවේ පැවැත්වෙමින් තිබූ සංගීත සංදර්ශනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කළ අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළහ .

අප මෙ සටහන තබන මේ මොහොත වන විටත් රුසියානු බළධාරින් ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අධ්‍යනය කරමින් සිටින අතර ඔවුහු මෙතෙක් අනාවරණය කළ කරුණු වලට අනුව ප්‍රහාරය හොඳින් සැලසුම් කර ඇති බවත් ජීවිත හානි උපරිමව සිදු කිරීමට සැලසුම් කර ඇති බව දකින්නට ලැබෙන බවත් පවසයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු පහත පරිදි වේ.
ප්‍රහාරය එල්ල කළේ ජනයා විශාල ලෙස ගැවසෙන ස්ථානයක් වන "ක්‍රොකස් සිටි හෝල්" නම් විනෝදාස්වාද සංකීර්ණයකටය. එය රුසියානු අගනුවරට බටහිර ප්‍රදේශයේ පිහිටි තදාසන්න ප්‍රදේශයක පිහිටි ජනාවාසයක් වන ක්‍රස්නොගෝර්ස්ක් හි පිහිටි ප්‍රසංග මධ්‍ය්ස්ථානයකි. එම විනෝදාස්වාද සංකීර්ණය 2009 දී විවෘත කරන ලද අතර එයට සාප්පු සංකීර්ණයක් සහ හෝටලයක් ද ඇතුළත් වේ.
ප්‍රසංග ශාලාව 7,500 ක් පමණ පිරිසිකට සහභාගි විය හැකි ලෙස නිර්මාණය කර ඇති අතර ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රහාරය දියත් කරන විට ශාලාව සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණි.රුසියාවේ ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන පික්නික් තම සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියහ.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීම
අන්තර්ජාලයේ මේ වන විට සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් පස් දෙනෙකු පමණ සහභාගී වී ඇත. ඔවුන් සතුව ස්වයංක්‍රීය ගිනි අවි මෙන්ම වෙනත් හමුදා ආම්පන්න තිබූ බවත් පෙනී යයි.
ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් මරා දමා ශාලාව තුළ ඔවුන්ගේ ප්‍රචණ්ඩ මෙහෙයුම කරගෙන යාමට පෙර දොරටු අවහිර කර ඇති බව වාර්තා වේ.
සංකීර්ණය ගිණි ගැනීම
ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ පසු ශාලාවේ තිබූ ආසන ගිනි තබා ඇති බව වාර්තා වේ. ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට පැමිණීමට පෙර ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරී වහලය දක්වාම පැතිර තිබුණි. ප්‍රහාරයෙන් පසු හෙලිකොප්ටර් යානා යොදාගෙන විශාල ජල ප්‍රමාණයක් ගොඩනැගිල්ල මතට වත් කරනු දක්නට ලැබිණි.
මරණ දුසිම් ගණනක්
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රහාරයෙන් මූලික වශයෙන් මරණ 40 ක් පමණ සිදු වී ඇතැයි ගණන් බලා ඇති අතර 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද අනාවරණය කළේය. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවම වශයෙන් ගිලන්රථ 70 ක් එම ස්ථානයට යවා ඇතැයි මොස්කව් සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
මොස්කව් කලාපයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද තුවාලකරුවන්ගේ නම් ලැයිස්තුවේ 140 කට වඩා සිටින අතර ඒවායින් සමහර අය තවමත් නමින් හඳුනාගෙන නොමැත. තුවාලකරුවන්ගෙන් බොහෝ පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බව පැවසේ. තුවාල සිදු වූ ලැයිස්තුවේ සිටින අය අතර දරු දැරිය හය දෙනෙකුද ඇතැයි පැවසේ.
ඝාතකයන්ගේ ඉරණම
වෙඩි තැබීමෙන් පසු රුසියාවේ නීතිය බලාත්මක කරන අංශ විසින් කිසිදු අත්අඩංගුවට ගැනීමක් කර ඇතැයි වාර්තා වී නැත. කමාන්ඩෝ ඒකක එම ස්ථානයට යවා ඇති නමුත් ඔවුන් ශාලාව තුළ සිටි ප්‍රහාරකයන්ට මුහුණ දුන්නේද යන්න බළධාරින් මෙතෙක් පැහැදිලිව අනාවරණය කර නැත. එහෙත් මෙතෙක් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පැවසුවේ ක්‍රොකස් සිටි හෝල් හි සේවයේ නියතු සේවකයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ රඳවාගෙන ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නැත
යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සහායකයෙකු වන යුක්‍රේන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මිහායිල් පොඩොලියැක් විසින් "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාර සම්බන්ධ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීමෙන් සුළු මොහොතකට පසු සමාජ මාධ්‍යවලට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කළේය. රුසියාවට එරෙහි සටනේදී කියෙව් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට යොමු නොවන බව පවසමින් සෙලෙන්ස්කිගේ ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධ වි ඇතැයි යන සැකයෙන් ඔවුහු නිදහස් කළහ.
ජාත්‍යන්තර ප්‍රතිචාර
රුසියාව මිත්‍රශීලී නොවන බව සලකන ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය රජයන් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබීම විශෙෂත්වයකි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි, සිද්ධියෙන් සුළු මොහොතකට පසු ප්‍රකාශයක් කරමින් සිද්ධිය වූ "ක්‍රොකස් සිටි හෝල්" හි ඡායාරූප සහ දර්ශන "නැරඹීමට අපහසු" යැයි පැවසීය. "අපගේ සිතුවිලි පැහැදිලිවම මෙම බිහිසුණු ප්‍රහාරයේ වින්දිතයන් සමඟයි. මෙය බිහිසුණු වෙඩි ප්‍රහාරයක්.” කර්බි අවධාරණය කළේය.
මාර්තු මාසයේ කළ ආරක්ෂක අනතුරු ඇඟවීම්
මේ මස මුලදී, එක්සත් ජනපදය රුසියාවේ සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, පොදු ස්ථාන සහ මහජන රැස්වීම්වලින් වළකින ලෙස ඉල්ලා සිටියේය. තානාපති කාර්යාලය කියා සිටියේ "අන්තවාදීන්" මොස්කව්හි නුදුරේදීම ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කර ඇති බවයි. ඔවුන් අනුගමනය කරමින් තවත් තානාපති කාර්යාල කිහිපයක් ද එවැනිම අනතුරු ඇඟවීම් නිකුත් කළහ.
කෙසේ වුවද ඊයේ සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයට "පෙර අවබෝධයක්" නොතිබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා