විශ්වාස භංග වලට පක්ෂ දෙපාර්ශවයම කරන්නේ සැබෑ ප්‍රශ්න යටපත් කරන එකයි- ජාතික සංවිධාන වලින් චෝදනාවක්
කතානායකට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳව ලංකා ලීඩ් ලීඩර් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉදිරිපත් කළ අදහස ඔහුගේ වචනයෙන්,
" පනතට අදාළව අධිකරණයේදී එකඟ වන සංශෝධන නොසලකා කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවට උවමනා සංශෝධන ඇතුල් කිරීම ආරම්භ කළේ විජයදාස රාජපක්ෂ 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදීයි. එහෙම කරන්න හැකිවෙලා තියෙන්නේ අපේ රටේ ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලතාවය නිසයි.
මේ වෙලාවේ කතානායක අල්ලගෙන දවස් තුනක් තිස්සේ නටපු තොවිලයෙන් සිද්ධ වුනේ ආතුරයාගේ සැබෑ රෝග යටපත් කළ එක විතරයි. එට්කා ගැන කතාව, රණවිරුවන් පාවා දෙන සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ කතාව ඒ මගින් යටපත් කරල වෙන කතාවක් උඩට ගන්න ආණ්ඩුවට අවස්ථාව හදල දුන්නේ විපක්ෂය විසින්. විපක්ෂය බෝලය බෝලය උස්සල දෙනවා. මහජනයා අත්පුඩි ගහනවා. යටින් රට පාවා දෙන ක්‍රියාවලිය ඉදිරියට අරගෙන එනවා. කෙසේ වෙතත් කතානායක විසින් ගෝඨාභය හැංගුව කතාව එළිදරව් කිරීම අගය කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා