
පොහොට්ටු පක්ෂයට ජනවරම ලැබුනේ ජාතික සම්පත් විකිණීමට නොව එය ආරක්ෂා කිරීමටයි - රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසති (වීඩියෝ)
ජාතික සම්පත් විකිණීමෙන් වළකින ලෙස මහා නායක හිමිවරුන් විසින් රජය දැනුවත් කර තිබූ බවත් උන්වහන්සේලා එසේ ප්‍රකාශ කිරීමත් සමග අනුනායක හිමිවරුන් විසින් පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ ජනවරම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වියයුත්තේ ජාතික සම්පත් පෞද්ගලීකරණය කිරීම නොවන බවට දැනුම් දුන් බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසති.
පොහොට්ටු පක්ෂයට ජනවරම ලැබී ඇත්තේ ජාතික සම්පත් විකිණීමට නොව එය ආරක්ෂා කිරීමට බවද, ටෙලිකොම් ආයතනයේ අඩක් අද විදේශිකයන්ට විකුණා ඇති බව හා ජල සම්පත ඇතුළු මහජනතාව සතු සියලු සම්පත් ද අද ක්‍රමක්‍රමයෙන් විදේශිකයන්ට විකුණා දමමින් ඇති බවද උන්වහන්සේ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා පැවැත්වූ ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේ දීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
