
ජෙරම්ගේ ගිණුම්වල කෝටි 1200 ක්... ඔහුට එරෙහිව ගන්න පියවර උසාවියට කියන්න - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග
ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි එක් දහස් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ප්‍රසිද්ධ දේශනයක දී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්දැයි ඉදිරි නඩු දිනයේදී (එනම් ලබන මැයි 13 වැනිදා) තම අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
එම දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි. වග උත්තරකාර දේවගැතිවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ගිණුම් හරහා ගෙවුණු කාලය තුළ දී රුපියල් බිලියන 12කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට වාර්තා කොට ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.
වගඋත්තරකාර එම දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන සභිකය විසින් මේ වනවිටත් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවැසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
