රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු සියල්ල සුදානම්
2024 පැවැත්විය යුතු රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුසියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඡන්ද විමසීම එළඹෙන ඉරිදා(17) සිට දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.
මෙවර වසර හයක ධුර කාලයක් සහිත රුසියාවේ ඉහළතම රාජ්‍ය නායකයා පත් කිරීම සඳහා වන මැතිවරණයට අපේක්ෂකයින් හතර දෙනෙකු තරඟ වදියි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දක්ෂිනාංශික ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපීආර්) ප්‍රධානියා වන ලියොනිඩ් ස්ලට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක නිකොලායි කරිටොනොව් සහ ලිබරල් මධ්‍යවාදී නව ජනතාව නියෝජනය කරන ව්ලැඩිස්ලාව් ඩවන්කොව් යන ප්‍රතිවාදීන් හතර දෙනාට මුහුණ දෙනු ඇත.
2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකින් පසුව රුසියාවේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වන අතර, එය රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට වසර හයක ධූර කාලයක් සහිත වාර දෙකක සීමාවක් ස්ථාපිත කර තිබේ. කෙසේ වෙතත්, මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක් ලෙස පුටින්ට නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ සීමා ඉවත්වී ඔහුට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ලැබුණි.
ඡන්ද මධ්‍යස්ථානවල පුද්ගලිකව ඡන්දය ප්රකාශ කිරීමට තිබෙන පහසුකම් වලට අමතරව, ප්‍රදේශ 28 ක පමණ පදිංචිකරුවන්ට විද්‍යුත් ඡන්ද ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කළ හැකිය. මාර්ගගත ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා, ඡන්දදායකයින්ට 18 වනදාට පෙර රුසියානු රජයේ ඩිජිටල් වේදිකාවක් වන Gosuslugi හරහා විශේෂ ඉල්ලීමක් කිරීමට සිදු වන බවද එම වාර්තා පවසයි. කෙසේ වෙතත්, මොස්කව් ආශ්‍රිතව වෙසෙන ඡන්දදායකයින්ට මෙම පූර්ව අවසශ්‍යතාවයෙන් නිදහස් කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ නිදහසේ ඡන්දය ප්රකාශ කිරීමට හැකි වේ.
රුසියානු මහජන අදහස් පර්යේෂණ මධ්‍යස්ථානයේ (VTSIOM) මත විමසුම්කරුගේ ඇස්තමේන්තු වලට අනුව මැතිවරණයට ඡන්දදායකයන්ගේ දායකත්වය 71% ක පමණ ඉහළ ප්‍රතිශතයක් අපේක්ෂා කරයි. මේ අතර දැනටමත් රුසියාවේ දුරස්ථ ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇති අතර මිලියන දෙකක පමණ ජනතාවක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Polls open in Russian presidential election
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා