News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථිකය කඩාවැටුනේ සියල්ල නොමිලේ දුන් නිසා... කිසිවක් නොමිලේ දෙන්න බැහැ - ජනපති රනිල් කියයි

Mar 14, 2024 at 07:50 AM
|

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය.

මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය,

වර්තමානය වන විට ජංගම දුරකතනවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තුවල ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔබතුමා මාර්ගගත අධ්‍යපාන ක්‍රමය හදුන්වාදීම නිසා පසුගිය කොරෝනා සමයේ එය විශාල පහසුවක් වුණා. ඒනිසා තරුණ තරුණියන්ගේ සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට ඔබතුමා ගෙන ඇති පියවර කුමක්ද?

පිළිතුර,

හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි. යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි.

ප්‍රශ්නය,

රජයට බරක් නොවී තම දක්ෂතාවලින් ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන පිරිසක් මෙතන සිටිනවා. ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය කුමක්ද? ඒ වගේම විද්‍යාර්ථයින් ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද? සබරගමුව පළාත තුළ ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීම් මේ වන විටත් සිදුකර නැහැ.මේ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර,

ගුරුවරු බඳවා ගැනීමේදී අසාධාරණයක් වූවා යැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. එම ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීම් කල් දමා තිබෙනවා. මෙම නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ස්වයං රැකියා සිදුකරන ව්‍යවසායකයින්ට ආධාර උපකාර ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්වයං රැකියා සිදු කරන පිරිස් කඩා වැටීමකට ලක් වුණා. එකවර විශාල ප්‍රමාණයකට බැංකු ණය ලබාදීමෙන් ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකිය. එම නිසා ස්වයංරැකියාවල නියුතු ප්‍රජාවගේ ප්‍රමුඛතා අනුව බැංකු ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර ස්වයං රැකියා ලාභීන්ට ලබා දුන් බැංකු ණය නැවත අයකර ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ ස්වයං රැකියා සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතුයි. මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට විශාල දියුණුවක් ලබමින් තිබෙනවා.

ප්‍රශ්නය,

ක්‍රීඩකයන්ගේ පෝෂණ ප්‍රශ්න ගණනාවක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර,

දැනට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ සඳහා සහනයක් ලබාදී තිබෙනවා. මීට වඩා සංවිධානාත්මකව ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම පුහුණු ස්ථාන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට වයස අවුරුදු 8 සිටම පෝෂණය ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා පාසල් ක්‍රීඩකයන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නංවාලීමට පෞද්ගලික ආයතන දායක කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් ලබාදීම ද සිදු කරනවා. අනෙක් රටවල්වල වාණිජ මට්ටමෙන් ක්‍රීඩාව සිදුකරන නිසා ඊට පෞද්ගලික ආයතනවල දායකත්වයත් සෘජුව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටම දක්වා දියුණු වී නැහැ. ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටමට දියුණු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙනවා.

ප්‍රශ්නය,

ජනතාවට අස්වැසුම වැඩසටහන මඟින් ලබාදෙන රුපියල් 5000ට සීමා නොවී එම ජනතාවගේ හැකියාවන් හදුනාගෙන පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාග්ධනය සැපයීමේ වැඩපිළිවෙළකට යා හැකිනම් එය වඩා ප්‍රායෝගිකයි නේද,

පිළිතුර,

අප පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී පළමු වගකීම වුණේ ජනතාව ජීවත් කරවීමයි. වෙනත් ව්‍යාපාර කිරීමට පෙර ඔවුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති සාකච්ඡාවලදීත් මෙම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට තීරණය කළ විට අපට මුහුණ දීමට සිදුවු පළමු ප්‍රශ්නය වුණේ ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි. ඉන් පසුව අස්වැසුම වැඩසටහන ආරම්භ කිරිම වෙනුවෙන් ලෝක බැංකුව අපට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදුන්නා. සමෘද්ධියෙන් ජනතාවට ලබාදුන් මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අප එම මුදල මෙන් තුන් ගුණයක් අස්වැසුම මඟින් ජනතාවට ලබාදීමට කටයුතු කළා. සුදුසුකම් සම්පූර්ණ කළ අය සඳහා සෘජුව එම මුදල් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. මෙම සහය නැතිව ජනතාවට ඉදිරියට යාම අපහසුයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව මෙම මුදල් පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වියදම් කරනවා.

එවිට වෙළෙඳපොළ දියුණු වනවා. ඒ හරහා ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය සහ කඳුකර දශකයට ලබා දී ඇති මුදල් වැය කිරීමේදීත් ඒවා නැවත ලැබෙන්නේ රජයටයි. පසුගිය කාලයේ ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත බිඳ වැටී තිබුණා. නැවත මේවා ගොඩනඟා ගැනීම තුළින් ඒ මුදල් නැවත රටේ ආර්ථිකයට එක් වෙනවා.

මෙම කටයුතුවලින් වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල්වලින් තමයි ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේම 2023 වසරේ සිට හොඳ අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කළා. මේ සියලු කටයුතු වලින් අපේ ආර්ථිකයේ පරිහරණය කරන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ වගේම ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුළ තට්ටු නිවාසවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදිමේ වැඩපිළිවෙළ ද අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රශ්නය,

දුරබැහැර ප්‍රදේශවල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම වෙනුවෙන් වඩා හොද සන්නිවේදන පහසුකම් ලබාදිය හැකිනම් එය ඉතා යෝග්‍ය වෙනවා නේද,

පිළිතුර,

ඇතැම් ප්‍රදේශවල මෙම ගැටලුව තිබෙනවා. අප උත්සාහ කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමටයි. ගමේ තිබෙන පහසුකම් තුළින් තමයි ගම දියුණු වෙන්නේ. අපි එම පහසුකම් දැන් ක්‍රමාණුකූලව වැඩිදියුණු කරගෙන යනවා. විශේෂයෙන් SLT සමාගම පුද්ගලික අංශයට භාරදුන් විට මෙම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට දැනුම් දෙනවා. නවීන තාක්ෂණය නොමැතිව අපට ඉදිරියට යන්න බැහැ. අපේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ආණ්ඩුවට මුදල් නැහැ. ඒ නිසා පුද්ගලික අංශය සමග මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය,

සිනමා කලාව තවම කර්මාන්තයක් නොවෙයි. කර්මාන්තයකට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් කර්මාන්තවලට ලැබෙන වරප්‍රසාද සිනමා කර්මාන්තයට ලබා දෙන ලෙසත්, සිනමා පට බෙදාහැරීමේ ක්‍රමයේ පවතින අඩු පාඩු සකස් කර දී මෙම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර,

චිත්‍රපට ප්‍රමාණය වැඩිවීමත් සමඟ චිත්‍ර පටියක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කිරීමට වසර 05ක් වැනි කාලයක් ගත වෙනවා. නමුත් චිත්‍රපටයක් නිර්මාණ කළ විගස එය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම සිනමා කර්මාන්තය දියුණු කිරීමට නම් හොඳ සිනමා ශාලා අවශ්‍යයි. ඒ නිසා අනෙක් රටවල් වගේ සිනමාව වෙළෙඳ පොළට විවෘත කිරීමෙන් සිනමාව දියුණු කළ හැකියි. නමුත් මෙය කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වශයෙන් ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඵලක් නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසදීම පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය,

රටේ ඇති වී ඇති ආර්ථික ගැටලුව සහ එයට කඩිනමින් විසඳුම් ලබාදී ආර්ථිකය ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිළි කළහොත්?

පිළිතුර,

මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දෙයක්. යුද්ධයෙන් පසුව අපේ අපනයන අඩු වුණා. නමුත් ආනයන වැඩි වුණා. මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇති වුණා. අපි අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. රටේ තේ, පොල්, රබර් කර්මාන්ත කඩා වැටුණා. අපේ ඉඩම් ප්‍රතිපත්ති නිසා මෙරට තේ වගා කළ විදේශ සමාගම් අප්‍රිකාව, කෙන්යාව වැනි රටවලට ගොස් තේ වගා කිරීමට යොමු වුණා. ඔවුන්ගේ රටවල එම වගාවන් හොදින් සිදුවන නිසා එම රටවල් දැන් අපට ස්තූති කරනවා.

අපි අපේ අපනයන කර්මාන්තය දියුණු කළේ නැහැ. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මගෙන් විමසුවා ඔබ ඔබේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද, කියලා. දැන් මට ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙනවා.

අපේ දේශපාලනඥයන් ජනතාවට පොරොන්දු ගොඩක් ලබා දුන්නා. නමුත් අපි ඇත්ත ලෝකය දෙස බැලුවේ නැහැ. බංග්ලාදේශය නිදහස ලබන විට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අද බංගල්දේශය අපට ඩොලර් මිලියන 200ක් ලබාදී තිබෙනවා. අපේ රටට මොකක්ද වුණේ කියලා දැනගෙන අප ඉදිරියට යා යුතුයි. ඒනිසා පොරොන්දු දීලා වැඩක් නැහැ.

ඇතැම් අය කියනවා ජාතික ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි කියලා. ජාතික ආර්ථිකය කියලා අභ්‍යන්තර වෙළෙදපොළට සීමා වෙනවා නම් එය ජාතික ආර්ථිකයක් නොවෙයි. පරාක්‍රමබාහු රජතුමාටත් අපනයනය කිරීමට සිදු වුණා. එසේ නම් ඇයි අපට අපනයන ආර්ථිකයකට යොමු විය නොහැකියි.

මම මේ තනතුර භාරගත්තේ වෙන කවුරුත් එය භාරගැනීමට ඉදිරිපත් නොවූ නිසයි. වගකීම් භාර ගැනීමට ඔවුන් බිය වුණා. එයයි සත්‍ය තත්ත්වය.

නමුත් තවමත් විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. එක් පිරිසක් කියනවා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල් පිටරට තිබෙනවා ඒ මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. තවත් පිරිසක් කියනවා දේශපාලනඥයන් පිට රට බැංකුවලට දාපු මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. ඒ වගේම රාජපක්ෂලාගේ මුදල් නැවත අය කර ගත් විට ප්‍රශ්නය ඉවරයි කියනවා. මේ එකක්වත් විසදුමක් නොවයි.

රටේ අපනයනවලට වඩා ආනයන වැඩිනම් අපි ණය ලබාගත් විට අපට එම ණය ආපසු ගෙවන්න බැරි වෙනවා. පසුගිය වසර ගණනාව පුරා සිදු වුණේ එයයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් අය රට අතහැර ගියා. දැන් කියනවා එංගලන්තයට වඩා ලංකාව හොදයි කියලා. එංගලන්තයේ තිබෙන ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්න තරම් පහසුවෙන් විසඳාගන්න බැහැ. අපි අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යමු කියලා මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රශ්නය,

සනීපාරක්ෂක තුවා සඳහා අසාධාරණ ලෙස 47% පමණ ඉහළ බදු පැනවීමක් කර ඇති බව අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. එය සත්‍ය නොවන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද ප්‍රකාශ කර තිබුණා. නමුත් මෙය ඇත්තටම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳ ඇත්ත දැනගන්න අවශ්‍යයි

පිළිතුර,

ඔබ ඇසූ ප්‍රශ්නයට ඇමැතිතුමා පිළිතුරක් ලබාදී තිබෙනවා. අනික් ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමාණය වීම. බදු ප්‍රශ්න වලට අමතරව මේ හේතුව නිසාත් අද මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා. කාන්තා ජනගහනයෙන් අඩකට පමණ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට නොහැකි වී තිබෙන නිසා මෙය රටේ ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසා එය හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානයට ලක්ව තිබෙනවා. බදු නොගෙව්වොත් අයවැය පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නැතිවෙනවා. බදු අය කළහොත් මිල වැඩි වෙනවා. ඉතින් මේවා තමයි මේ මොහොතේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්න. ඒ නිසා මෙය අප අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්.ඒ බව මම පිළිගන්නවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.