එට්කා ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවට ගැලවීමක් නැහැ- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
සමස්ත රටම ඉන්දියාවට පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය ආපසු හැරවීම කිසි විටකත් කළ නොහැකි භයානක ගිවිසුමක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (12) කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිගේ සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති " ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා: අවසන් සැතපුම" කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,
" ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඉතා පැහැදිළිව ඉන්දියානු ව්‍යාප්තවාදය නම් සිය විග්‍රහය තුළ පෙන්වා දුන්නා ඉන්දියාව තමාගේ 29 වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට කටයුතු කරන බව. ඒ වගේම එම 29 වන ප්‍රාන්තය ආසියාවේ ඊශ්‍රායලය බවට පත් කරවන බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ වගේම ආසියාවේ නේටෝව හදන බවත් ඔහු අනාවැකි පල කළා. ඔහුගේ අනාවැකිය අද QUAD පිහිටුවීමෙන් යථාර්ථයක් බවට පත්කර අවසන් කර තිබෙනවා. 29 වන ප්‍රාන්තය ගොඩනැගීමෙන් ඉන්දියාව නවතින්නේ නැහැ. ඔවුන් 30 වන ප්‍රාන්තයත් නිර්මාණය කරනවා. 29 වන ප්‍රාන්තය දකුණු ආසියාවේ ඊශ්‍රායලය නම් 30 වන ප්‍රාන්තය ගාසා තීරය බවට පත් වෙනවා. ගාසා තීරය බවට පත් වන්නේ සිංහල බෞද්ධ ජනයා ජීවත් වන පලාත්. ඒ අනුව ඉතා පැහැදිළියි සිංහළ බෞද්ධයාගේ නලලේ කොටා තිබෙන ඉරණම. ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 18 වතාවක් මේ කුඩා රාජ්‍ය අත්පත් කර ගැනීමට උත්සහා කර තිබෙනවා. එහෙත් ඔවුන්ට මේ රට යටත් කර තබා ගැනීමට නොහැකි වූවා. නමුත් ඔවුන් මේ එට්කා ගිවිසුම හරහා තමන්ගේ අරමුණ ඉටු කර ගන්නවා. කුමන හෝ මිලක් ගෙවා අපි මේ එට්කා අත්සන් කිරීම නැවැත්විය යුතුයි."
https://www.youtube.com/watch?v=sZPGmhBNwS4&feature=youtu.be&themeRefresh=1
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා