ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ එළිදකී
සියලු ජාතික බලවේග ඒකරාශී කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුද්ධ ශාසනයේ සහ රටේ ඉදිරි පැවැත්ම උදෙසා සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ නමින් ජාතික ව්‍යාපාරයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර මෙහි හතර වන රැස්වීම පසුගිය මාර්තු 08 වැනිදා පවත්වන ලදී.
රටටත් බුද්ධ ශාසනයටත් ඇති අභියෝග ජය ගැනීම සඳහා මෙරට මහසඟරුවන දැනුවත් කර රාජ්‍ය පාලනයට අවශ්‍ය මඟපෙන්වීම සිදු කිරීමට සාමග්‍රී මහ සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ. රටට සහ බුදු දහමට ඇති එම අභියෝග ජය ගැනීම සඳහා මේ මහ සඟ සමුළුව හරහා රජයට යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද, එමගින් සකස් කරන වැඩපිළිවෙළ ඉදිරියේ මහ සඟ සමුළුව හරහා රටට ජනගත කරන බව ද උන්වහන්සේ පැවසූහ.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව පැවසුවේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පසුගියදා රැස් වූ ජාතික උපදේශක සභා රැස්වීමේදීය.
ඕමාරේ කස්සප සහ බෙංගමුවේ නාලක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු පැවිදි සහ ගිහි පිරිස් ද මෙහිදී අදහස් දැක්වූහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිත එක්ටා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බලවත් ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ආරවුල් ඇති විය හැකි බවට මෙහිදී අදහස් පළ විය. ඒ පිළිබඳව විරෝධය දැක්වීම සඳහා අද (13දා) සිට 20 දා දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේදී ජනතාවගේ අත්සන් ලබා ගැනීමටද නියමිතය.
මෙම ජාතික උපදේශක සභා රැස්වීමට වටිනාපහ සෝමානන්ද, අගුලුගල්ලේ සිරි ජිනානන්ද, කෝන්ගස්තැන්නේ ආනන්ද, වත්තේවැවේ ධම්මානන්ද සහ කොටහේනේ නාලක හිමිවරුන් ඇතුළු මහසඟරුවන වැඩම කර සිටියහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ මේජර් ජෙනරාල් විජිත් රවිප්‍රිය මහතා ඇතුළු මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා