මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා - ගම්මන්පිල කියයි
මහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම් සිදුවීම වැලැක්වීමටත් මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
"මහ බැංකු නිලධාරින් තමන්ට ලැබුණු ස්වාධීනත්වය අපයෝජනය කරලා හිතුමතේට 70%කින් පඩි වැඩි කර ගත් බව අපි කවුරුත් දන්නා දෙයක්. අපි මහ බැංකුව ස්වාධීන කරන්න එපා කියලා බැනුම් ඇහුව්වා. නමුත් මහ බැංකුව ස්වාධීන කරන්න කටයුතු කළ අයම අද මහ බැංකුවට බැන වදින්න සිදුවීම දෛවයේ සරදමක්. මහ බැංකුවේ පාලක මණ්ඩලය පාර්ලිමේන්තුවට ගෙන්නුවාම අද නම් වෙනසක් වේවි කියලා ජනතාව බලාපොරොත්තු වුණා.
මහ බැංකු අධිපතිතුමා තමන්ගේ තීරණය සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කරපු බොලඳ කරුණු වලට වඩා හොඳට පාසල් ළමයි විවාද වලදී තර්ක කරනවා. එතුමා වැටුප් වැඩි කිරීම සාධාරණීකරණයට ඉදිරිපත් කළ බුද්ධි ගලනය සහ මහජන මුදල් භාවිතා නොකළා කියන කරුණු දෙකම පදනම් විරහිත බව අපි පෙන්වා දුන්නා. නමුත් මොකද වුණේ? මුකුත් වුණේ නෑ. මහ බැංකු පාලක මණ්ඩලය හිටියේ. You can have your say. We will have our way කියන ඉංග්‍රීසි කියමන සිහිපත් කරමින්. උඹලාට ඕනි දේ උඹලා කියපන්. අපට ඕනි දේ අපි කරනවා. ආණ්ඩුවත් බුරන්න පුළුවන් නමුත් හපන්න බෑ වගේ හිටියේ. නමුත් පාර්ලිමේන්තුවට හපන්න බැරි නම් කාටද හපන්න පුළුවන්.
මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීමට එරෙහිව ආණ්ඩුව කිසිවක් නොකරන නිසා ඒ ගැන අපි ක්‍රියා කරන්න තීරණය කලා. අදුරට ශාප කිරීමට වඩා එක් පහනක් වත් දැල්විය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් අපි පසුගිය සති අන්තයේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් සකස් කළා. මේ සතිය ඇතුලත ඒක පාර්ලිමේන්තු මහ ලේකම්තුමියට බාර දෙන්න කටයුතු කරනවා.
මේකෙන් සිදුවෙන්නේ කාරණා දෙකයි. එකක් පසුගිය දා සිදු කර ගත්තු දැවැන්ත වැටුප් වැඩි කර ගැනීම අවලංගු කරනවා. 23 (අ) වගන්තිය සංශෝධණය කරලා පනතට විශේෂ වගන්තියක් ගේනවා. ඒ අනුව ඉදිරි වැටුප් වැඩි කිරීම් සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත පූර්ව එකඟතාවය ලබා ගත යුතු වෙනවා. ඒ අනුව අනාගතයේ දී මෙවැනි වැටුප් වැඩි කර ගැනීම් කරන්න බෑ. ඊට පෙර අවස්ථා දෙකේත් මහ බැංකුවේ වැටුප් වැඩිවීම සිදු වෙලා තිබෙන්නේ 73%කින් සහ 93%කින්. තවදුරටත් ඒ සෙල්ලම් බෑ. මෙතැන දී මුදල් ඇමතිවරයා සඳහන් කලේ අනෙකුත් ආයතන පිහිටුවන පනත්වල තිබෙන්නේත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවයෙන් වැටුප් වැඩි කළ යුතු බවයි.
අඳුරට ශාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියන කියමන අනුව යමින් ඔන්න අපි අපේ යුතුකම ඉටු කළා. දැන් විවේචනය කරමින් ඉන්න හැමෝටම පුළුවන් මේ මල් වට්ටියට අත ගහලා තමන්ගේ කතාව ක්‍රියාවෙන් ඔප්පු කරන්න.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි