News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව සැලසුම් හදන හැටි ගැන රනිල් පුළුල් තිරයේ පෙන්වයි... මිරිස්, ලුනු, කූණිස්සෝ දාලා සම්බෝල හදන්න මිරිස්, කුණිස්සෝ කොහෙන්ද කියාත් අසයි

Mar 11, 2024 at 07:01 AM
|

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී අති බවත් ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමිනි.

රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව “සැබෑව” තේමාව යටතේ මෙම ජන හමු මාලාව සංවිධානය කර තිබෙන අතර කුලියාපිටියේ පැවති පළමු රැළිය සදහා විශාල ජනකායක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමතූ පළමු ජන රැළිය ද මෙය වන අතර ක්‍රිඩාංගණයට එක්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

ජන රැළිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද සියලු දෙනා එක්ව කටයුතු කළ යුත්තේ රට ගොඩනැගීමට මිස පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට නොවන බව ද අවධාරණය කළේය.

එසේම අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බවද පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයකට රට ගොඩනැගීමේ සැලැස්මක් නොතිබු බවද කියා සිටියේය.

රට මුහුණදුන් ආර්ථික අර්බුදය පිළිබඳව 2020 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දුන් කරුණු ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිහිපත් කළ අතර ඒ පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරිනි.

ජන රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද විශාල පිරිසක් මෙම ක්‍රීඩාංගණයට රැස්ව සිටිනවා. ඔබ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා. අසීරු කාලයේ ඔබ සියලුදෙනා මට සහාය ලබා දුන්නා. ඒ අසීරු කාලය අවසන් වන විට ඉදිරියට යාම සඳහා ජාතික එකඟත්වයක් ඇති කරගත යුතු සමයක අද මට ඔබ සියලුදෙනා ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔබ මෙතනට පැමිණෙන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නොවෙයි. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහායි. අසීරු කාලයකින් පසුව අපට තිබෙන අනාගතය කුමක්ද යන ප්‍රශ්නය ඔබේ සිතේ තිබෙනවා.

තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ.

මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේකෂා කළේ නැහැ. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාතය්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා. අප ඔවුන් සමග සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දීඅත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම ගමනනේ දී ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා. ඒ වගේම මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට රුපියල් දස දහසක් ඔවුන්ට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දෙනවා. එය ඉදිරියේදී ලක්ෂ 24කට ලැබෙනවා.

එම සියලු පවුල්වලට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම ඉඩම් බලපත්‍ර තිබෙන සියලුදෙනාට සින්නකර ඉඩම් අයිතිය ලබාදිමට අපි කටයුතු කරනවා. කොළඹ තට්ටු නිවාස 50,000ක සිටින ජනතාව වෙනුවෙන් නිත්‍යානුකුල අයිතිය ලබා දෙනවා. අසීරු කාලයක් ගත කළත් ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා වසර 10කින් රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන කර්මාන්තවලින් මුදල් උපයා ගැනීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ. වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු පත් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරනවා.

එමෙන්ම ස්ත්‍රීන් සඳහා සමබර අයවැයකරණය සහ කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම සෑම පොලිසියකම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේවා සිදුකළේ රටේ සාමාන්‍ය ජනතාවගේ දියුණුව වෙනුවෙන්.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුව මට සහාය දුන් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පටු පක්ෂ බේදයෙන් තොරව මට සහාය ලබාදුන් පොදු ජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපට තිබෙන්නේ පටු දේශපාලනය නොවෙයි. අපි වෙහෙසිය යුත්තේ මේ රට ගොඩගැනිම සඳහායි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බෙදුනා. නමුත් මම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස අප සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යමුයි කියලා. අපි සැලසුම්සහගතව කටයුතු කළොත් අපට ටික කාලයකින් ආණ්ඩුවක් ගොඩනගාගත හැකි බව මම එදා පෙන්වා දුන්නා. නමුත් බොහෝ අය ඊට විරුද්ධ වුණා. ඇතැම් අය සිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න ඕන කියලා.

මේ මතය තුළ එක්සත් ජාතික පක්ෂය බෙදුනා. ඇතැම් අය සමගි ජන බලවේගයට ඡන්දය දුන්නා. ඇතැම් අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඇතැම් අය අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. මම ඒ සියලුදෙනාටම කියනවා අද තිබෙන්නේ එක පක්ෂයයි. ඒ එක්සත් ජාතික පක්ෂයයි. අපි ඉදිරිපත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා නිදහස ලබා දුන් මේ රට ආරක්ෂා කර ගැනිමට වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇති කළ ඒ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහායි කියලා. ඒ සඳහායි මම ඔබ සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටින්නේ කියලා.

ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මම එදා ප්‍රකාශ කළේ කුමක්ද කියා මෙහිදී සිහිපත් කිරීමට කැමතියි

“විදේශ ආදායම් හරහා රටට ලැබෙන ඇමරිකන් ඩොලර් මිලියන 7000ක පමණ ආදායමෙන් මේ වසරේදී අපට අහිමි වී යනු ඇත. ණය සහ සේවාවන් සඳහා මේ වසරේ ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3000කි. මේ නිසා ඉදිරි වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 6000ක් දේශීය ආර්ථිකය කාන්දුකරණයට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය ගණන් බලා තිබේ. ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් අවම වශයෙන් අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් මේ ආකාරයෙන් තම රටවල ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසාගෙන තිබේ”

මෙලෙස ඇත්ත කථාකර ඉදිරියට යාම ගැන මම ආඩම්බර වෙනවා. සමගි ජන බලවේගය කිව්වේ සියලු දේ දෙනවා කියලා.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මේ විදියට ආර්ථිකය ගැන කථා කළා.

“පුද්ගලික අංශයේ ක්‍රියාකාරි පාර්ශ්වකරුවෙකු ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බනධ වන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් 2025 දී ඒක පුද්ගලික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කිරීම සඳහා වූ මග පෙන්වීම, දිරිගැන්වීම ඇතුළු යටිතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මකට අනුව ආර්ථිකය මෙහෙයවීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම”.

රටේ කඩා වැටෙන ආර්ථිකය තුළ ඔබට ලැබෙන ආදායම දෙගුණයක් කිරිමට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා.

ඉන්පසුව 2021 දී ඔවුන්ප්‍රකාශ කළේ “ අපි සැලැස්මක් හදනවා ඊළග වසර පහේ විදේශ විනිමය වැඩි කරන්නේ කොහොමද කියලා”. මේ තිබෙන විදේශ විනිමයත් නැති වෙන වෙලාවක කළ ප්‍රකාශයක්. මේ සැලැස්ම හදලා මොකක්ද කරන්නේ, මිරිස්, ලුනු, කූණිස්සෝ දාලා සම්බෝල හදනවද, මිරිස් කොහෙන්ද, කුණිස්සෝ කොහෙන්ද කියලා ඔවුන් සිතුවේ නැහැ. මෙවැනි සැලසුම් තමයි ඔවුන් ගෙනාවේ.

රට ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය හැර වෙන කිසිවෙකුට සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ කියලා. ඒ නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට කතා කළා. එතුමිය කිව්වා අපිට උදව් කරන්න කැමතියි කියලා. ලෝක බැංකුවෙනුත් එයම ප්‍රකාශ කළා. මමත් ගිහින් ජනාධිපතිවරයාව දෙවරක් මුණ ගැසුණා. මේ කරුණු ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වුණා.

ඊළගට මැයි 09 සිදුවීම නිසා කුමක්ද සිදු වුණේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති ධූරය භාරගන්න බැහැ කිව්වා. අනුර දිසානායක මහත්තයා ඒක ඉල්ලුවෙත් නැහැ. මම ඔවුන් කිසිවෙකුටවත් දොස් කියන්නේ නැහැ. ඒ හේතුව ඔබ දන්නවා. ජනතා විරෝධයක් මැද කොහොමද ඔවුන් අගමැති ධූරය භාරගන්නේ. ඔවුන්ට ගාලු මුවදොර පිටියට යන්නවත් බැරි වුණා. ඒකයි සත්‍ය.

එදා මම හිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති රංජිත් සියඹලාපිටිය මහත්මයාගේ දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවෙමින්. එළියේ සිටී සියලුදෙනා දැන ගෙන හිටියා මම හෝටලයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුරුවත් ඇවිල්ලා මට යන්න කිව්වේ නැහැ. පසුව මම පිටත් වෙලා ගියා. එවිට නගර සභාව අසළ සිටි අය මෙන්ම කොම්පඤ්ඤ වීදිය පැත්තේ හිටපු අය එක්ක කථා කරලා මම ගියා. මොකද අපි සෑමවිටම සත්‍ය ප්‍රකාශ කළා. දුක් වින්දා. මිනිස්සු මුලා කළේ නැහැ. පරාජය භාර ගැනීමට සූදානම් වුණා.

පසුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු මට කථා කළා. ජනාධිපතිවරයා මට කතා කළා. මම අගමැති ධූරය භාරගත්තා. වෙන කවුරුත්වත් හිටියේ නැහැ මේක භාරගන්න. පොහොට්ටුවට භාරගන්න බැහැ සජිත්, අනුර මේක භාර ගත්තේ නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්මයා අසනීපයෙන් හිටියේ එතුමාට භාරගන්නත් බැහැ. ඒ නිසා මම අගමැති ධුරය භාරගෙන හිටපු ජනාධිපතිවරයාට කිව්වා පුළුවන්නම් විපක්ෂය එකතු කරගන්න කියලා. නමුත් ඔවුන්කැමති වුණේ නැහැ.

මම මුදල් අමාත්‍යවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කථා කළා. එම අධාර උපකාර ලබාගත්තා. මේ අතර තමයි ජූලි 09 වනදා සිදුවීම ඇති වුණේ. මම දන්නේ නැහැ ඒ විරෝධය හිටපු ජනාධිපතිවරයාව පළවා හැරීමට ගෙන ආවද, මාව පළවා හැරීමට ගෙන ආවද කියලා. කෙසේ හෝ එදා ජනාධිපති නිවස වැටලු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ධුරය හැර ගියා. මගේ නිවස ගිනි තැබුවා. නමුත් මම හිටියා. මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයින්. හිටපු ජනාධිපතිවරයා භාරදුන් වගකීම මම භාරගත්තා.

මම වැඩබලන ජනාධිපති ලෙස රජයේ ගොඩනැගිල්ලක දිවුරුම් දෙනවට රජයේ නිලධාරින් බිය වුණා. නමුත් වාලුකාරමයේ දී මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

මම මැතිවරණයකට යාමට සිතුවා. මම සිතුවා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා මට සහයෝගය ලබාදෙයි කියලා. ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් එකතු වුණේ නැහැ. ඔවුන් අපිත් ඒකක ආවනම් අද එම කිහිපදෙනෙකුම ඇමතිකම්වල කටයුතු කරනවා. නැවත පැමිණ මනුෂ සහ හරින් මම පිළිගන්නවා.

තවත් සමහර අය කිව්වා ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙනවා කියලා. ජී.එල්. පීරිස් මට විරුද්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනාධිපතිකම දෙන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැහැ පොහොට්ටුවට දෙන්න කිව්වහම සජිත් ප්‍රේමදාසයි, සජබෙයි එයට එකතු වෙනවා. ඒකට ඔහු එකඟ වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න සූදානම් වුණා.

මම මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න සියලුදෙනාගෙන් සහය ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ විට ඔහු කිව්වා රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි ඔයා ඒක භාරගෙන කරන්න කියලා.

අද මහින්ද රාජපක්ෂ හොද නැහැ කියන අය එදා මල් වට්ටි අරගෙන ගිහින් සහාය ඉල්ලුවේ. මම නිකන් දුරකථනයෙන් එතුමාට කතා කළේ. මහින්ද රාජපක්ෂ හොදයි ඡන්දය දෙනවනම්. ඒ නිසා ඔය බොරුව කරන්න එපා කියලා මම සමගි ජන බලවේගයට කියනවා.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ හොඳ නැහැ අපි එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ සට්ටන්බිරාළව ජී.එල්. පීරිස්ව ගත්තා. ඒ සට්ටන්බිරාළ කියන්නේ නැහැ මහින්ද හොද නැහැ කියලා. සට්ටන්බිරාළ හොදයි. මහින්ද හොද නැහැ.

අද සමගි ජන බලවේගය තුළ ඉන්නේ සට්ටන්බිරාළයි, ගොඩ පෙරකදෝරුවයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහි තැනක් නැහැ.

පසුගිය 06 වනදා මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මහත්මයා ඉල්ලීමක් කළා ණය ගණුදෙණුවලට අදාළ සාකච්ඡාවලදී අපවත් සම්බන්ධ කරගන්න කියලා. මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙනවා එම සාකච්ඡා සඳහා සහභාගී විය හැකියි කියලා. ඒ අනුව මම මගේ ලේකම්වරයාට කිව්වා සදුදා පක්ෂ නායකයන් කැදවලා අපි මේ පිළිබද සාකච්ඡා කරමු කියලා. අපි ඒ සඳහා ලිපි යැවුවා. එවිට ගොඩපෙරකදෝරුවා ගිහින් විපක්ෂ නායකතුමාට කිව්වා හර්ෂ කියන ඒවා කරන්න එපා. මම කියන ඒවා කරන්න ඕන කියලා. අපි මේ සාකච්ඡා සදහා සහභාගිවෙන්නේ නැහැ කියලා. අද මගේ ලේකම්තුමාට ලිපියක් එවලා තිබෙනවා එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ගොඩපෙරකදොරුවට යට වුණා. ඉතින් මේ පක්ෂය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තැනක් තිබෙනවද, එම සියලුදෙනා අද කොන් වෙලා සිටින්නේ.

ඔවුන්ගේම මුදල් පිළිබඳ ප්‍රධාන මන්ත්‍රීවරයා පැත්තකට දමා තිබෙන විට කොහෙමද බලාපොරොත්තුවක් තබන්නේ.

අද සමගි ජන බලවේගය සට්ටම්බිරාළගේ සහ ගොඩ පෙරකදෝරුවගේ කණ්ඩායමට හසු වී සිටින්නේ. එක්සත් ජාතික පක්ෂයේ මුලධර්ම එහි නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් නොදුන් සියලු එක්සත්ජාතික පාක්ෂිකයින්ට මම කියන්නේ දැන් අප සමග එක් වෙන්න. අපි මේ රට ණය බරින් බේරගමු. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනගමු. ඒ සඳහා අප එකතුවී වැඩ කරමු කියා ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා.

– Media unit


සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.