ගෝඨාගේ විලාපය කෘතිය අසම්පූර්ණයි.... රෝග නිධානය වහලා... යුද අපරාධ චෝදනාවලට ලක්වූවන් රජයේ ඉහළ තනතුරු නොදැරිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' කෘතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මගතා ලංකා ලීඩ් වෙබ් අඩවියට පවසා සිටියේ එම පොත අසම්පූර්ණ බවය.
ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,
"පලාගිය ජනාධිපතිතුමන් සඳහන්කර තියෙනව ශවේන්ද්‍ර සහ කමල් මානව හිමිකම් කඩකලා යන චෝදනාවට කොපමණ සංවේදීව හිටියද යන වග මෙහි සම්පූර්ණ වගකීම පලාගිය ජනාධිපතිතුමා දැරිය යුතුයි. එතුමාට හරිමග ගැනීමට නොහැකිවන ලෙස උපදෙස් දුන්න නීතිය පිළිබඳ මහාචාර්‍යවර කේවට්ටාචාරීතුමා එහි මූලික වගඋත්තරකරුවෙක්. එතුමා තමයි ගෝඨාභය මැතිතුමාට උපදෙස් දුන්නෙ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්ව, සරත් වීරසේකර ආදී 47 දෙනෙකුට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා එලෙසම පවතිද්දි ලබා දී ඇති ඳඬුවම් වලින් මුදවා ගැනීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව 'එන්ගෙර්ජ් කරගත යුතුයි' කියල. එබැවින් අප විසින් ගෝඨාභය ජනාධිපතිතුමා වෙත 'අපේ යුද විරුවන් පලමුව යුද අපරාධ චෝදනා වලින් නිදහස් කරගත යුතුයි, ඒ සඳහා ස්වාභාවික යුක්‍තිය නියමය භාවිතා කල යුතුයි' කියන යෝජනාව එතුමා එදා පිළිගත්තෙ නෑ. එදා ඒ කේවට්ටාචාරීතුමාගේ එන්ගේජ් තියරිය පිළිනොගෙන අප පෙන්වාදුන් පිළිවෙත අනුගමනය කරානම් 'මානව හිමිකම් කඩනොකරනු' යන කඹයෙන් අපේ හමුදාවේ සහ පොලීසියේ අත් ඇඹරීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ගෝඨාභය අප දුන්න උපදෙස පිළිබඳව කිසිදු සඳහනක් ඔහුගෙ කෘතියේ සඳහන් කර නැහැ. එබැවින් එම කෘතිය හුදු විලාපයක් පමණයි. යහපාලන රජය 2015 දී පිළිගත් අපේ යුද විරුවන් යුද අපරාධ කරුවන්ය යන පිළිගැනීම අදටත් වලංගුයි.
යුද අපරාධ චෝදනාලාභීන් රාජ්‍ය සේවයේ ඉහල තලවල සිටීම රටේ පැවැත්මට අහිතකර බවත්, ඔවුන්ව වහා එම තනතුරුවලින් නිදහස් කළ යුතු බවත් අප මීට පෙරත් පෙන්වා දුන්න. මෙය සත්‍යක් බව ගෝඨාභය මහතාගේ කෘතියෙන් ඔප්පුවී තියෙනව. තවදුරටත් රාජ්‍යයේ කටයුතු වලට බාහිර බලපෑම ඇතිවීම වැළක්වීම සඳහා ගෝඨාභය මහතා නිර්දේශ කර ඇති ක්‍රියා මාර්ග වලට අමතරව මේ යුද අපරාධ චෝදනා ඇති අය රාජ්‍ය සේවයෙන් නිදහස් කළ යුතුයි. නොඑසේනම් ඔවුන්ව හැසිරවීමේ හා එන්ගේජ් කරගැනීමේ හැකියාව පවතිනව. නැවතත් ඔවුන්ව ගෞරවාන්විතව රාජ්‍ය සේවයට ගත යුත්තේ 'ස්වභාවික යුක්තිය නියමය' පරිදි ඔවුන්ට ඇති සියළු යුද අපරාධ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කර ගත් පසුවයි. ඒ සඳහා මූලික වාර්තා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පෙරමුණ ගැනීමෙන් පත්කළ යුද විශේෂඥ වරුන්ගේ වාර්තා හත, අප විසින් 2017 දී ජිනීවාහි මානව හිමිකම් කොමිසමට බාරදෙන ලද විරුවන්ගේ විත්තිවාචකය සහ නෙස්බි සාමිවරයාගේ හෙළිදැක්වීම් භාවිතා කළ හැකියි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මේ දිනවල ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට රජය විසින් යෝජනා කළ යුතුයි. ජිනීවා ගොස් මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇති මංත්‍රීවරුන් ඔවුන් සේවය කරන්නාවු පක්ෂය කුමක් වුවද මේ සඳහා විශේෂ උනන්දුවකින් එක පාර්ෂවයක් ගෙන කටයුතු කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා