චීනයේ දුප්පත්කම පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන වැඩමුළුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී
චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාතේ දේශපාලන විද්‍යායතනයේ කමිටුව, ශ්‍රී ලංකාවේ පෙරදිග දේශපාලන විද්‍යායතනය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද(26) බොරැල්ල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක යූ හයිලින් (yu hailin) මහතා පැවසුවේ චීන ජනපති ක්ෂි ජින් පින් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සංවත්සරයේ දී දැක්වූ ගැඹුරු අදහස් යථාර්ථයක් කරගනු පිණිස පෙරදිග දේශපාලන විද්‍යායතනය සමග දැඩිව අත්වැල් බැඳගැනීමට කටයුතු කරන බව ය.
මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඒක ධ්‍රැව දේශපාලන ලෝකය බහු ධ්‍රැව දේශපාලන ලෝකයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවත් අධිරාජ්‍යවාදය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත් ය.
ඒ අනුව චීනය ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කඳවුර නව ලෝක තත්ත්වය යටතේ මානව වර්ගයාගේ ප්‍රගමනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටුකරමින් සිටින බව ඒ මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් ලුඕ ඡුං (luo chong) මහතා සහභාගි වී සිටි අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා, පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා, ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ රැසක් සහභාගිවී සිටියහ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..