
රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.
ඒ අනුව, අදාළ පෙත්සම සංශෝධනය කර එහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදී ඇත.
අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට අදහස් කරන බවත් ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකාබැලීම සඳහා ලබන වසරේ ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුනේ ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හිල්ටන් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස 13 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගත් බවත්, එහෙත් ඉකුත් මාර්තු මස 21 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අදාළ රාජ්‍ය ආයතන බැහැර කිරීමට තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්ය.
එම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
