පුල්මුඩේ ඛනිජ වැලි නිධියත් හොර රහසේ ඉන්දියාවට - පෙරටුගාමීන්ගෙන් චෝදනා
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම් වලින් අත්පත් කර ගනිමින් සිටින බවටත්, එම ව්‍යාපෘතියට උචිත ලෙස රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවටත්, ඒ සඳහා ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 5 වැනිදා නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.
"එක වරම පරිසර අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුවට වසර ගණන්, දශක ගණන්, පරම්පරා ගණන් බලපාන ජාතික ප්‍රතිපත්ති සම්මත කරන්න බලයක් හෝ ජන වරමක් තිබේද යන්න. එහෙම බලයක් නෑ. සමාජ අනුමතියකුත් නෑ. මේ ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්නවත් නුසුදුසුයි කියලා ජනතාව තීරණය කළ කෙනෙක්. මේ පාර්ලිමේන්තුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගත්තොත් ඔවුන් මේ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් පෙන්වලා ජනතාවගේ ඡන්දය ගත්ත අය. ඒ කාටවත් මේ සඳහා අයිතියක්, බලයක් හෝ ජන වරමක් නෑ.
ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගතය. එය මෙතෙක් ලංකාවේ පැවතුනු නීතියේ තීරණාත්මක වෙනසක් සිදු කර තිබෙනවා. මේ වනතුරු ලංකාවේ නීතිය තියෙන්නේ ඛනිජ සම්පත් රජයට අයිතියි කියලා. ඒ නිසා තමයි ඛනිජ කැනීම් බලපත්‍රයක් නැතිව තමන්ට අයිති ඉඩමක පවා ඛනිජ කැනීමට නීතියෙන් ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් අය කරන්නේ. මේ අලුත් ප්‍රතිපත්තියේ කරලා තියෙන්නේ යම් භූමියක අඩංගු ඛනිජ පිලිබඳ තීරණ ගැනීමේදී එම ඉඩමේ අයිතිකරුට ඇති බලය වැඩි කරලා. මේ අලුත් ජාතික ප්‍රතිපත්තියේ 7 වන මූලධර්මයට අනුව ඉඩමේ අයිතිකරුට ඛනිජ කැනීමේ බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, කැනීම් බලපත්‍රය වෙනත් කෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. මීට පෙර මුලින්ම 2023 මැයි 24 වැනිදා මෙවැනි ඉඩක් ලබාදෙන රෙගුලාසියක් නිකුත් කළා. ඊට පස්සේ 2024 ජනවාරි 4 වැනිදා ඉඩම් හිමියන්ට විශේෂ අයිතියක් හිමිවන ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒකට අනුව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ඛනිජ සම්පත් විවිධ ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගත්තා. මේ තියෙන්නේ ඒ විවිධ සමාගම් කැනීම් බලපත්‍ර අරන් තිබෙන ප්‍රදේශ වල සිතියම්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වෙබ් අඩවියේ තිබුණු ඒවා. ඊට අමතරව රජයේ ඉඩම් අක්කර 100කුත් බදු ගත්තා. එය කලේ විවිධ නම් වලින් පෙනී සිටින ඉන්දියානු සමාගම්. දැන් මේ සමාගම් හරහා ඉන්දියාව ලංකාවේ ඉතාම වටිනා ඛනිජ සම්පත් අත්පත් කර ගනිමින් ඉන්නවා. අවසානයේදී මේ මංකොල්ලය සඳහා ජාතික ප්‍රතිපත්තියකුත් හදලා.
මේ ආණ්ඩු ජලය සම්බන්ධයෙන් කළේ මේකේ අනෙක් පැත්ත. ජල සම්පත සමාගම් වලට විකුනන්න ඕන වුණාම දැනට භූගත ජලය සහ පොලොව මතුපිට ජලය ජනතාව සතුයි කියලා තිබෙන නීතිය එය රජය සතුයි කියලා වෙනස් කරන්න හැදුවා. ඒකෙන් උත්සාහ කළේ ජලය රජය සතුනම් රජයට ඒවා සමාගම් වලට විකුණන්න සහ බදු දෙන්න පුළුවන්, රජයට අයිති ජලය පාවිච්චි කරන ජනතාවගෙන් බදු ගන්න පුළුවන් කියන එක නීතිගත කර ගන්න. 1998දී චන්ද්‍රිකාත්, 2002දී රනිලුත්, 2007දී මහින්දත් මේ උත්සාහය කළා, නමුත් ජනතාවගේ විරෝධය නිසා ඒවා හකුලා ගන්න සිදු වුනා. දැන් රනිල් - රාජපක්ෂ හවුල උත්සාහ කරන්නේ දැනට රජය සතු ඛනිජ සම්පත් ඉඩම් හිමියා සතුයි කියලා නීතියක් හදලා, ඉඩම් හිමියා ඒ ඉඩම ඉන්දියානු සමාගමට විකුනලා හෝ බදු දීලා, වටිනා ඛනිජ සම්පත් ඉන්දියාව සතු කරන එක. මොනොසයිට් වගේ ඛනිජ වල විකිරණශීලී මූලද්‍රව්‍ය තිබෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීමට උත්සාහ කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වටිනා ඛනිජ අත්පත් කර ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලය - සාම්පූර් වගේ යුද උපායමාර්ගිකව වැදගත් පුල්මුඩේ වෙරල තීරය සිය හිමිකාරීත්වයට ගන්න අරමුණ ටිහ්බෙන්න පුළුවන්. ඒ මොකක් වුනත් ලංකාව භූ දේශපාලන මිලිටරි උගුලක පැටලෙනවා.
මේ විනාශයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල සිටින හෘදය සාක්ෂියක් ඇති රජයේ නිලධාරීන්ටත්, ඛනිජ පිලිබඳ විශේෂඥයන්ටත්, පොදු ජනතාවටත් අපි ආරාධනා කරනවා එක්සත් වී පුළුල් ව්‍යාපාරයක් ගොඩ නගන්න කියලා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා