පඩි වැඩිකර ගත්ත හැටි ගැන පාර්ලිමේන්තුවට කරුණු කියන්නැයි මහ බැංකු ලොක්කන්ට ඇමැති මණ්ඩලය දන්වයි
මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබූ අතර, එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ද අදාළ වැටුල් වැඩිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කර ඇති අතර එහිදී මහබැංකු නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව අමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර ඇති බව ද සඳහන් ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර ඇති බව සඳහන්ය.
මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ ප්‍රධානීන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
පෙරවරු 10.30ට පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිතව තිබේ.
පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මහ බැංකු නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා