News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා... නීති 42ක් සම්මත කරගෙන තිබෙනවා... තව නීති 62 ක් ගේන්න තියෙනවා - ජනපති රනිල් කියයි

Mar 5, 2024 at 07:12 AM
|

රට දියුණු කළ හැකි නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා යම් කාලයක් ගතවුවත් කිසි ලෙසකින් මහ මැතිවරණය කල් නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නීතියට මුවාවී රට අරාජික කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවය.

නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සංවිධාන කළ කතිතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වූ කරුණු මම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් එයට හේතු වුණේ කාලයක් පුරා අප ණය වෙමින් ජිවත්වීමයි. ණය කළමනාකරණය කර ගැනීමට නොහැකි වු අවස්ථාවේ අපි රටක් විදියට කඩා වැටුණා. අපිට ණය ගෙවා ගැනීමට නොහැකි වුණේ ආදායම් නොතිබූ නිසයි. මෙය අවසන් වරට මතු වුණේ ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීයි. නමුත් මේ ණය ලබා ගැනීම ආරම්භ වූයේ ඊට පෙර සිටයි. වෙනත් රටවල මෙන් නොවෙයි අපි ණය ලබාගත්තේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ සඳහායි. නිදසුනක් ලෙස මහා මාර්ගවලට පමණක් සීමාවූ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් අපට ප්‍රතිලාභයක් ලබාගත නොහැකියි. නමුත් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට අපට විදුලිය ලැබුණා. ඒ වගේම කෘෂිකර්මාන්තයත් දියුණුවුණා.

රටට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයට සියලුදෙනා වගකිව යුතුයි. කිසිවෙකුට මෙයින් පැන යන්න බැහැ. දැන් අප සියලුදෙනා හමුවේ තිබෙන්නේ මෙතනින් ඉදිරියට යාමයි. අද අපි ණය ගෙවීමට බැරි තත්ත්වයකයි සිටින්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් සිටින්නේ 2026-2027 වන තෙක් ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටයි. ඒ සමඟම තවත් කරුණු ගණනාවක් තිබෙනවා. 2022 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%යි. අපි 2023 වසරේදී එය 10.9%ක් බවට පත් කරගත්තා. නමුත් එයින් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වුණේ නැහැ. එය සෘණ 2%ක් ලෙස පැවතියා. මේ වසරේදී එය 13.1%ක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වෙනවා. 2028 වසර වන විට එය 15.2%ක් බවට පත්කරගත හැකියි. 8.3% සිට 15.2%ක් දක්වා ගෙන යනවා කියන්නේ 175%ක පමණ වැඩිවීමක්.

පළමු වතාවට අපේ ප්‍රාථමික අයවැයෙන් 2023 වසරේ 6.7%ක අතිරික්තයක් ලැබුණා. අප එය 2.3% දක්වා ගෙන යා යුතුයි. ඒ වගේම අයවැය හිඟය 2022 වසරේ 10.2%යි. අපි එය 2028 වන විට 3.9%ක් දක්වා ගෙන යා යුතුයි. මේවා පහසු කටයුතු නොවෙයි. එයයි අපට තිබෙන අභියෝගය. ඒ වගේම අපේ ණය ප්‍රමාණය 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%යි. 2032 වන විට එය දළ දේශීය නිෂ්පාදිතය 95%ක් බවට පත්කරගත යුතුයි. අපි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක ණය ලබාගත්තා. එය 13% දක්වා පහත අගයකට ගෙන ඒමට අවශ්‍යයි.

අප ගත යුතුව තිබෙන පියවර මෙසේයි. අප මේ සමඟ ඉදිරියට යාමට නම් රටේ ආර්ථිකය පරිවර්තනයකට ගෙන යා යුතුයි. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. අපිට දැන් ආනයන කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ. අපි තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ සමඟම ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු විය යුතුයි. මෙම නව ආර්ථිකය ඇති කිරීමේ දී නව නීති අවශ්‍ය වෙනවා. යුරෝපීය වාණිජ ක්‍රමය ඇති කළේ ඕලන්ද සමයේදීයි. රෝමානු – ඕලන්ද ක්‍රමය අදත් අපේ නීතියේ කොටසක්. 1835 සුදු ජාතීන් පැමිණ අලුතෙන් ආර්ථිකය විවෘත කළා. ඉන්පසුව ඔවුන්ගේ නීතිය ගෙනාවා. 1970 පත් වූ ආණ්ඩුව සමාජවාදී පාලන ආර්ථිකයක් ඇති කළා. ඒ සඳහාත් අලුත් නීති ගෙන ආවා. 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එහිදීත් නීති හඳුන්වා දුන්නා. ඒ අනුව මේ නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දැනට ආණ්ඩුව ගෙන ඇති පියවර දෙස බැලූ විට පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන තිබෙනවා. එය වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඉතිරි නීති 62 ක ඉදිරිපත් කරන්නේ කෙසේද කියායි. ඒකට පාරිලිමේන්තු ඡන්දය කල්දාන්නේ නැහැ. මෙවර නොහැකි වන දේ ඉදිරි පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීම සිදු වෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ඇතිවන අලුත් නීති පද්ධතියක් එනවා.

වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා. අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ විට ලංකාවේ නීතියෙන් එම වැඩකටයුතු කරන්න බැහැ. අක්වෙරළ ආර්ථිකය ඇති බල ප්‍රදේශය තුළ එක්සත් රාජධානියේ වාණිජ නීති ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ක්‍රියාත්මක කිරීමට නව නීතිඥයින් පිරිසක් සිටිය යුතුයි. ලෝකය පිළිගන්නා නීති අප හඳුන්වාදිය යුතුයි. මොකද අපේ නීති ලෝකය දන්නේ නැහැ. රට දියුණු කිරීමට නම් අප එම මාර්ගයේ ගමන් කළයුතුයි. ඒ වගේම අපි වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කරනවා. රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා. ඒ සමාගම්වල කොටස් සියල්ලම ප්‍රධාන සමාගමකට භාර දෙනවා. එසේ නම් වාණිජක්‍රමය අනුව අප ක්‍රියාත්මක විය යුතුයි. සමාගම් පනතේ පොදු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට තිබෙන වගකීම් මේ අයට තිබෙනවා. වැරැද්දක් කළ විට දඬුවම් ලබාදිය හැකියි. ඒ වගේම රාජ්‍ය පුද්ගල හවුල් ව්‍යාපාර පිළිබඳ නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් අලුතින් ගෙන එනවා. ඒ වගේම පොදු ණය කළමනාකරණ පනතක් ගෙන එනවා. එමෙන්ම කෘෂිකර්ම නවීකරණ පනතක් අලුතින් ගෙන එනවා. මෙම ඉලක්ක කරා යාමට ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. එහිදී දැන් තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිෂමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළඳ කලාප සහ අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය වෙනවා.

ඒ වගේම අපි ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කරනවා. අපේ නිෂ්පාදන වැඩි කළේ නැත්නම් අපට ලෝකය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ස්ථාපිත කරනවා. මේවා වෙන වෙන කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට විටින් විට එය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. දැන් මෙය එකවර ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. රජයේ දේපළ භාර කිරීමට වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳ නව නීතියක් ගෙන එනවා. දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට නව නීති කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය එක් අධිකාරියක් යටතට පත් කිරීමට වගේම, නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. අපට තිබෙන්නේ 1944 දී හඳුන්වාදුන් අධ්‍යාපන නීති. ඒ වන විට අපි කිසිවෙක් ඉපදිලාවත් නැහැ. ඒ නිසා නව නීති මඟින් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව සමාජයකට, නව ආර්ථිකයකට යා යුතුයි. නැවත මෙවන් අර්බුද මතු නොවන හොඳ රටක් බවට ලංකාව පත් කළ යුතුයි. අපේ මෙම කටයුතු අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ. කඩා වැටුණු රට ඔසවා තැබීමට අපට වසරක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා. මෙම වසරේඅප්‍රේල්, මැය මාසය වන විට අපේ රටේ බංකොළොත්භාවය නීත්‍යානුකූලව අවසන් වෙනවා. නමුත් ලබාගත් ණය ගෙවිය යුතුයි. එම ගිවිසුම ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

මේ පිළිබඳ නීති අපි පාර්ලිමේන්තුව ගෙන එනවා. එම නීති ගෙන ආ පසු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඒවා විභාග කර ඉන් පසුව ඒවා සම්මත කර ගෙන ඉදිරියට යනවා. මෙම නීති නැවැත්වීමට ඇතැම් අය උත්සාහ කරනවා. නීතියක් සම්මත කර ගැනීමෙන් පසු එම නීති නැවත අහෝසි කිරීමටවත්, වක්‍රව ක්‍රියා නොකර සිටීමටවත් බැහැ. ඇතැම් නීතිඥයන් උත්සාහ කරන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමටයි. එය සිදු කළ නොහැකියි. මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ 1972 දී ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුවයි. ඊට පෙර තිබුණේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවක්. ඒ අනුව 1970දී ඒ ආණ්ඩුව වරමක් ලබාගත්තා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ගෙනවිත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට. එම ව්‍යවස්ථාවෙන් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා එකඟ වුණා ජනතා පරමාධිපත්‍ය ජාතික රාජ්‍ය සභාවෙන් පාරිලිමේන්තුවේ ක්‍රියාත්මක කිරීමට.

ඒ අනුව විධායක බලතල තිබුණේ පාර්ලිමේන්තුවටයි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය වගේම අධිකරණ බලයත් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ යටතේ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. එය සකස් කළේ කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. එතුමා කිව්වේ අපි කටයුතු කරන්නේ ඉංග්‍රීසි නීතිය අනුව කියලා. 1977 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් විට එය වෙනස් වුණා. ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකුට භාර දුන්නා. අනිත් කරුණු වෙනස් කළේ නැහැ. ඒ වගේම සර්ව ජන ඡන්ද බලය සහ පාර්ලිමේන්තුව තමයි ඉදිරියෙන් තිබුණේ. ඒ වගේම මුලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළා. පාර්ලිමේන්තුව මඟින් තමයි මෙම වැඩකටුතු සිදු කිරීමට තිබුණේ.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ විට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනවා. එය වෙනස් වුණේ නැහැ. ඒ අනුව දැන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන තැනක නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි, මූලික බලයයි, සර්ව ජන ඡන්ද බලයයි පළමුව තිබෙනවා. අනෙක් සියල්ල දෙවනුවයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ලෙස අද විධායක බලතල මට තිබෙනවා. එය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටත් නොහැකියි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවෙන් සමාජවාදය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ගෙනාවා. ඒ අයුරින් අපිත් උත්සාහ කරන්නේ මේ මාවතේ ඉදිරියට යාමටයි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් රාජකීය විද්‍යලයේ එක් පන්තියක අධ්‍යාපනය ලැබු අය. ඔවුන් එකවගෙයි සිතුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හැමදාම පිළිගත්තා.

එසේනම් අපිත් දැන් එක්සත් රාජධානියේ අධිකරණය අනුව කටයුතු කරගෙන යා යුතුයි. කිසිවෙක් උත්සාහ කරනවා නම් මේවා සීමා කිරීමට එසේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ මේ පිළිබඳ විභාග කළ හැකියි. මේවා නවත්වන්න බැහැ. ජනතාවට තවත් දුක් විදින්න ඉඩ දෙන්න බැහැ. මේවා මානව හිමිකම් කියලා කියනවා නම් පළමු මානව හිමිකම ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි. දෙවන මානව හිමිකම තමයි තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම. අනිත් දේවල් ඊට පසුවයි තිබෙන්නේ. තමන්ට අවශ්‍ය දේශපාලනය කරන්න. නමුත් මේ පරිවර්තනය සිදු විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ඒ සඳහා තමයි මම ඔබතුමන්ලාගේ දායකත්වය ඉල්ලා සිටින්නේ."

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.