News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවෙන් හම්බකර ඇමරිකාවේ වියදම් කරන ප්‍රකට සංචාරකයෙකු ගැන ගම්මන්පිල හෙළිකරයි

Mar 5, 2024 at 06:36 AM
|

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මෙන්ම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය ද අමු අමුවේ උල්ලංඝණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

කතානායක විශ්වාසය බින්ඳේ මෙහෙමයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට පටහැනිව කටයුතු කිරීම නිසා එතුමාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය අමු අමුවේ උල්ලංඝණය කළ නිසා අපි ඒකට පක්ෂව ඡන්දය දෙනවායි විපක්ෂයේ මන්ත්‍රිවරු කියනවා. නෑ. නෑ. කතානායකතුමා එහෙම උල්ලංඝණය කිරීමක් කරලා නැති නිසා අපි එතුමාව රකිනවා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කියනවා. කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළා කියලා විපක්ෂයේ හැමෝම කිව්වත් උල්ලංඝණය කලේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නෑ. ඇත්තටම කතානායකතුමා උල්ලංඝණය කලේ කොහොමද කියලා අපි සොයා බලමු.

පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාල සේවා සපයන්නන්නට කොමිසම විසින් නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ. මේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන්නේ නිර්ණයක් මිස නියෝගයක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් කාරණා පහක් පමණයි.

1) මේ වගන්තිය ව්‍යවස්ථාවට අනුකූලයි. සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.

2) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න ඕනි.

3) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් අනුමත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කරන්න ඕනි.

4) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් සාමාන්‍ය බහුතරයෙන් අනුමත කර ගන්න පුළුවන්.

5) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් ජනමත විචාරණය වෙනුවට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් පමණක් අනුමත කර ගන්න පුළුවන්.

ආණ්ඩුවට තමන්ගේ පනත ගෙනාපු විධියටම සම්මත කර ගන්න ඕනි නම් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කර ගන්න ඕනි. තුනෙන් දෙක වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියපු සංශෝධන කරන්න ඕනි. නමුත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ආණ්ඩුව සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සංශෝධන නොකර ඒත් සාමාන්‍ය බහුතරයෙන්. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.

ඒ අනුව තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරන්න අවශ්‍ය වගන්ති සාමාන්‍ය බහුතරයෙන් සම්මත කිරීම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. ආණ්ඩුව විසින් පනත් කෙටුම්පතක් එලෙස සම්මත කර ගත්තම ඇයි කතානායකට එරෙහිව විශ්වාස භංග ගේන්නේ. මේ සම්මත කරගැනීම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණවලට පටහැනී කියලා විපක්ෂය පෙන්වා දුන්නම කතානායකවරයා ඒවා නොසලකා සම්මත කරගන්න ඉඩ ලබාදුන්නා. යම් පනත් කෙටුම්පතක් නීතියක් වෙන්න ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට කතානායක විසින් අත්සන් තබා සහතික කරන්න ඕනි. ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට පෙබරවාරි 1 දා කතානායක සහතික කර අත්සන් තැබුවා. ඒ අනුව කතානායකතුමන්ට එයට වග කියන්න වෙනවා. අපේ ව්‍යවස්ථාවේ 83වන වගන්තියේ කියනවා නීතියක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න බෑ කියලා. මෙවැනි නීතිවිරෝධී විදිහට පනත් සම්මත කල අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මාම අපිට නීති සම්පාදනයට මැදිහත් වෙන්න බෑ කියන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අරගෙන තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙනුත් පෙත්සමක් ඉදිරිපත් වුනා. ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවේ 83වන වගන්තිය උපුටා දක්වමින් මෙම පෙත්සම විභාගකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථික්ෂේපකලා.

අපේ රටේ ව්‍යවස්ථාවේ කතානායකවරයා ගැන අනුපමේය විශ්වාසයක් තියලයි තියෙන්නේ. අපේ රටේ බැරිවුනාට අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පනත් කෙටුම්පතක් සම්මත වූ පසුවද එහි ව්‍යවස්ථානුකූලත්වය ගැන අධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කරනන් පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ මතය ලිඛිතව එව්වේ කතානායකටයි.

ඒ අනුව කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව තැබූ විශ්වාසය, ශ්‍රේෂ්ඨාධිකරණය තැබූ විශ්වාසය, වගේම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා. අන්න ඒ නිසා තමයි කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාව සාධාරණ වෙන්නේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

රජයට තෙල් මිල අඩුකිරීමේ හැකියාවක් දැන් පවතිනවාද?

පිළිතුර

2007 සිට සහන මිලට තෙල් දීමෙන් සිදුවූ පාඩුව වර්තමානයේදී අයකරගන්න ආණ්ඩුව උත්සහ දරණවා. ඉන්ධණ කියන්නේ රටේ ජීවනාලිය බදුයි. ඉන්ධණ මිල ඉහලයාමත් එක්ක නිශ්පාදන පිරිවැය ඉහල යනවා. අපේරටේ නිපදවන භාණ්ඩවලට ලෝක වෙළද පොලේ තරගකරන්න අසීරු වෙනවා. තෙල් සංස්ථාව ලාභ ලබනවා මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභ ඉපයීම අවශ්‍ය නෑ. තෙල් මිල අනිවාර්යෙන්ම අඩුකල හැකි වගේම අඩුකල යුතුයි.

ප්‍රශ්නය

බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාව එන්නේ නම් මහ මැතිවරණයකට සංවිධාන කටයතු කරන්නලු. ඒ ගැන ඔබතුමා මොකද හිතන්නේ.

පිළිතුර

ඇමරිකානු ජාතියෙක් වෙච්ච එතුමා ලංකාවේ සංචාරයකට එනවා. සංචාරකයන් පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඇමරිකාවේ හම්බකරලා මෙහේ වියදම් කරන සංචාරකයන්ට තමයි අපි කැමති. හැබැයි ලංකාවේ හම්බකරලා ඇමරිකාවේ වියදම් කරන සංචාරකයෙකුගේ පැමිණීම ගැන අපි එතරම් සතුටු වෙන්නේ නෑ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.