ආචාර්ය සරත් වීරසේකරට ඇමෙරිකානු වීසා ප්‍රශ්නයක් වෙලා
තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් එම චාරිකාවට අනෙකුත් ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් සමඟ සහභාගී වීමට නියමිතව තිබූ බව ආචාර්ය වීරසේකර මහතා පෙන්වා දී ඇත.
තමන්ට ඇමෙරිකානු වීසා නොලැබීම සම්බන්ධව සහ අධ්‍යන චාරිකාව සඳහා වෙනත් නමක් නිර්දේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට දන්වා සිටීම පිළිබඳ නිල වශයෙන් දැනුවත් දැයි විමසමින් ඊයේ(25) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක්ද යොමු කළ බව ද ආචාර්ය වීරසේකර මහතා පවසයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයෙකුට හැර, නම් කරන ලද අනෙක් අය සම්බන්ධයෙන් වෙනස් අයුරින් සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති බවත්, එසේම නාවික හමුදාවේ සිටියදී විවිධ පාඨමාලා සඳහා තමන් ඇමෙරිකාවට ගොස් තිබෙන බවත් බී1 සහ බී2 ඇමෙරිකානු වීසා වසර 5 ක කාලයක් සඳහා තමන්ට තිබෙන බවත් ආචාර්ය වීරසේකර මහතා සඳහන් කරයි.
තමන්ට අධ්‍යන චාරිකාවට සම්බන්ධ වීම සඳහා විශේෂ කැමැත්තක් හෝ හේතුවක් නොමැති බවත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්පූර්ණ අයිතිය තිබුණත් එක් අයෙකුට වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් කතානායකවරයා තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසිය යුතු බවත් එම ලිපිය මගින් කතානායකවරයාට දැනුම් දුන් බවත් ආචාර්ය වීරසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්