ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයට තෙල් බටයක් එළනවා - ජනපති රනිල් කුඹුරට බැස කියයි
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
භෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වූ අවස්ථාවේ දීය .
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළහ. එම ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය;
“ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.
ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම සංවර්ධන වැඩ කටයුතු 2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා