News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවටත් ජාඩි දමන හැටි කියාදුන් අපේ මුතුන්මිත්තෝ

Feb 28, 2024 at 10:21 AM
|

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සම්ප්‍රදායයික ආහාර අතර දකුණු පළාතේ මූලාරම්භය සිදු වූ බවට සැලකෙන ජාඩිවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ දී ජාඩි නිශ්පාදනය විශාල වශයෙන් සිදු වූ අතර ලාංකිකයන් ඉන්දියාවට පවා ගොස් ජාඩි නිපදවා කර තිබෙන බව ඔබ කිසිදිනක අසා නැතිව ඇති. වර්තමානය වන විට දිනෙන් දින අලුත් වන ආහාර රටාව නිසා ජාඩි නිපදවීම සිදු වන්නේ ඉතා මඳ වශයෙනි.

මේ ලිපිය ජාඩි නිපදවීම හා සම්බන්ධ සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳවයි.

ජාඩි යන නාමය

සිංහල බසෙහි ව්‍යවහාර වන ජාඩි යන වචනය ඉන්දියාවේ භාෂා කිහිපයක ම ව්‍යවහාර වනු දැකිය හැකි හැකි ය. එම වචනයෙන් අදහස් වන්නේ බුජම, බරණිය, තාලිය නැතහොත් විශාල සැලිය (භාජනය) යන්නයි. මෙම ජාඩි නම් බඳුන් විශේෂය පටු මුවකින් ද පුළුල් බඳකින් ද යුතු වූවකි. මුල් යුගයේ දී ලුණු දැමූ මාළු අසුරා තැබීම සඳහාත්, පසුව ලුණු සහ ගොරකා දැමූ මාළු කල් තබා ගැනීම සඳහාත් මෙම බඳුන් යොදා ගෙන ති‌බේ. එම බඳුන්වල බහා තැබීම මගින් කල් තබා ගත් මාළු හැඳින්වීම සඳහා ද එම නාමය ම යොදා ගන්නට ඇති බව සිතිය හැකි ය. ජාඩියට මූඩිය යන යෙදුම ද මේ අනුව නිර්මාණය වී ඇත.

ජාඩිවල නිජබිම

ජාඩි යන නාමයට ඉන්දියානු ආභාෂයක් තිබූ නිසා ඇතැමෙකු මෙම ආහාරයට ද භාරතීය ආභාෂයක් ඇතැයි සිතුව ද එය නිවැරදි නොවේ. ජාඩිවල නිජබිම මෙරට දකුණු පළාත බව සනාථ කිරීමට ඇති හොඳ ම නිදසුන ගොරකා වේ. ද්‍රවිඩ ජනයා ආහාරවලට ඇඹුල් රසය ලබා ගැනීම සදහා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ සියඹලා වුව ද දකුණු මුහුදු තීරයේ ප්‍රචලිත මාළු ඇඹුල්තියල් සඳහා යොදා ගන්නේ ගොරකා ය. ඇඹුල්තියල් මාළු පිසීමේ ක්‍රමය තුළින් ම ජාඩි නිපදවන තාක්ෂණය බිහි වන්නට ඇතැයි සැලකිය හැකි ය. බොහෝ රටවල මාළු කල්තබා ගැනිමේ දී ලුණු පමණක් භාවිත කළ ද ඒ සඳහා ගොරකා භාවිත කිරීම මෙරටට ආවේණික වේ.

ජාඩි දැමීම සඳහා යොදාගන්නා මාළු වර්ග

ජාඩි දැමීම සදහා උචිත ම මාළු වර්ගය හුරුල්ලන් යයි කියනු ලැ‌බේ. ඊට අමතර ව බෝල්ලන් සහ කුම්බලාවන් ද ඒ සඳහා යොදා ගනියි. අතීතයේ දී වැඩි ආදායමක් ඇති පිරිස් හුරුල්ලා මාළු යොදාගෙන දමන ලද ජාඩි මිලට ගත් අතර අඩු ආදායම් ඇති පිරිස් ‌බෝල්ලා සහ කුම්බලා ජාඩි මිලට ගත්හ. තෝරා, පරව්, බලයා, ඇටවල්ලා ආදී මාළු ද ජාඩි දැමීමට ගන්නා නමුත් මෝරා වැනි තෙල් සහිත වූ මාළු ඒ සදහා උචිත නොවී ය. තෝරා වැනි විශාල මාළු ජාඩි දැමීම සඳහා යොදාගන්නේ පෙති කැපීමෙන් අනතුරුව ය.

ජාඩි දැමීමේ තාක්ෂණය හා පාරම්පරික නිෂ්පාදන ක්‍රමය

ගෘහාශ්‍රිත ව ජාඩි දමන ලද්දේ මාළු ඔළු සහ බඩවැල් ඉවත් කොට ඇල් වතුර බිඳක් හෝ භාවිත නොකොට ය. ඒ වෙනුවට කරිජ්ජ හෙවත් මුහුදු වතුරෙන් ම මාළු සෝදා පිරිසුදු කර ගැනිණි. එසේ පිරිසුදු කර ගත් මාළු ලුණු කැට සහ ගොරකා සමඟ මැටි මුට්ටිවල හෝ බරණි වැනි විශාල භාජනවල තැන්පත් කරයි. ලුණු සෑහෙන තරමට යෙදිය යුතු අතර ලුණු අඩුවෙන් යෙදීම මාළු ජාඩි බවට පත් නොවී නරක් වීමට හේතු වේ.

1800 අග භාගයේ සහ 1900 මුල් භාගයේ ශ්‍රී ලාංකික ධීවරයන් ජාඩි නිපදවීම සදහා ඉන්දියාවට ද ගොස් කටයුතු කළ බව පැරැන්නන් සඳහන් කරන අතර ඒ සඳහා වැඩි වශයෙන් ගාල්ල දොඩන්දුව ප්‍රදේශයේ ධීවරයන් දායක වී තිබේ. ජාඩි මුදලාලිලා එක් කණ්ඩායමකට 40 – 50 පමණ පිරිසක් ඇතුළත් වන පරිදි ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඔවුන් එහි මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් රැඳෙමින් ජාඩි නිපද වූ බව කියැ වේ.

ඉන්දියාවේ ජාඩි දැමූ ලාංකිකයෝ

ඉන්දියාවේ කොචින් සහ මල්පේ යන ප්‍රදේශවල එකල මෙසේ ජාඩි කර්මාන්තය ඉතා දියුණු අන්දමින් සිදු කරගෙන ගොස් ඇත. ජාඩි මුදලාලිලා මෙම කණ්ඩායමට වඩු කාර්මිකයකු ද රැගෙන ගොස් තිබේ. ඔහුගේ වගකීම වුයේ ජාඩි ඇසිරීම සදහා අවශ්‍ය වන පීප්ප සැකසීමයි. මෙකී වඩු කාර්මිකයන් හා ශ්‍රමිකයන් දුම්රියෙන් තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්පේ ප්‍රදේශයට ගොස් තිබේ.

පසුව විශාල පරිමාණයෙන් ජාඩි සකසා ගැනීමේ දී ප්‍රථමයෙන් ම මාළු කරිජ්ජ‌‌ට හෙවත් මුහුදු ජලයට අල්ලා සේදීමෙන් අනතුරුව පොල් අතු මත ඇතිරීම සිදු විය. කුඩා වක් පිහියක් උපයෝගී කොට ගනිමින් මාළුන්ගේ අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම සිදු කළ අතර එය බඩ ඇදීම නමින් හැඳින්විණි. ඉන් අනතුරුව එම මාළු කූඩවලට පුරවා නැවැතත් මුහුදු රළට අල්ලා සෝදා ඇත. එවිට මාළු මනාව ශුද්ධ වේ. පසුව වෙරළාසන්නයෙහි තනා ඇති සිමෙන්තියෙන් ඉදි කළ ටැංකිවලට මෙම මාළු දමා ලුණු හා ගොරකා දමා පදම් වීමට හෙවත් පැසවීමට තබා ඇත.

පීප්පවල ජාඩි සකස් කිරීමේදී ලුණු මිශ්‍ර ගොරකා තට්ටුවක් අඩිය‌ට දමා සූදානම් කර ගන්නා අතර ඊට පසු ලුණු සහ ගොරකා මිශ්‍රිත මාළු අසුරනු ලැ‌බේ. ඉන් අනතුරුව ඒ මත ගෝණි කැබැල්ලක් එළා එය තෙරපමින් මාළු, ලුණු, සහ ගොරකා තට්ටුව තෙරපීමකට ලක් කරනු ලැ‌බේ. නැවත ඒ මත ලුණු ගොරකා අතුරා මාළු දමනු ලැබේ. මේ ආකාරයට හොඳින් අසුරා තද කර අවසානයේ මුහුදු ජලය දමා පීප්ප වසා තබනු ලැබේ. මෙලෙස දිනකට පීප්ප 50 -60 පමණ වැඩ අවසන් කළ බව කියැවේ.

පීප්ප තැනීමට අවශ්‍ය ලී තීරු ලෙස සකස් කොට මෙරටින් ගෙන ගිය අතර ඒ සදහා පළල අගල් 2 – 2 ½ පමණ වූ සූරිය ලී මේ සදහා යොදා ගැනිණි. ජලයට ඔරොත්තු දීම ශක්තිමත් බව මෙන් ම නිර්මාණ සදහා යොදා ගැනීමේ පහසුව මේ සදහා සූරිය දැව යොදා ගැනීමට හේතු විය. පීප්පයක උස අඩි 3-4 පමණ ද, බඳ ප්‍රමාණය අඩි 9 පමණ ද විය. විසි වන සියවසේ මැද භාගය වන විට ජාඩි පීප්පයක මිල රු. 10- 15 පමණ වූ අතර 1960 පමණ වන විට එය රු. 30 ද ඉක්මවී ය.

එකල ජාඩි පීප්ප සෑදීම සඳහා ඉන්දියාවට යන වඩු කාර්මිකයකුට රජය රුපියල් තුන්සියයක පමණ සහනාධාරයක්ද ලබාදී තිබේ. මෙකී කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යළි මෙරටට පැමිණෙති.

ජාඩිවලට ප්‍රසිද්ධ දොඩන්දූවේ වරාය

ජාඩි මුදලාලිලා රුවල් ‌බෝට්ටු මගින් දොඩන්දූව වරායට ඉන්දියාවේ සිට රැගෙන එන ජාඩි පීප්ප රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනීමට කටයුතු කළ අතර එකල දොඩන්දුව උතුරු සීමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. මෙම රුවල් ‌බෝට්ටු “සුලුප්පු” ලෙස ද හැඳින්වූ අතර එවැනි සුලුප්පුවකට ජාඩි පීප්ප 250 පමණ පැටවිය හැකි විය. දොඩන්දුව වරායෙන් ගොඩ බෑ ජාඩි පීප්ප ඇතුළු භාණ්ඩ තැන්පත් කර ඇත්තේ මෙකී රේගු ගොඩනැගිල්ලෙහි ය. එම රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි.

1970 වර්ෂයෙන් පසු ඉන්දියාවේ නිශ්පාදිත ජාඩි දොඩන්දුවේ දී දක්නට නොලැබුණු අතර එරටට ගොස් ජාඩි නිශ්පාදනය කිරීම ද නතර වූ බව පෙනේ. එකල පැවති විදේශ විනිමය සීමා මෙන් ම ගොරකා, ලුණු හා පීප්ප සදහා නව බදු පැනවීම මෙන් ම බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ජාඩි කර්මාන්තය ඒ ආකාරයෙන් කඩා වැටීමට හේතු විය.

ආහාර රස කළ ජාඩි වතුර හෙවත් ලුණිජ්ජ

ලුණිජ්ජ හෙවත් ජාඩි වතුර යනු මාළු ඉස්ම ( දියරයක් වැනි දේ ), ලුණු සහ ගොරකා සමග මිශ්‍ර ව පදම් වූ දියරමය කොටසයි. මෙය පීප්ප හිමිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට තබා ගන්නා අතර එය අලෙවි නොකරයි. මෙහි පළමු භාගයේ ලුණිජ්ජ කිරිකැඳ ( පොල් කිරෙන් සාදාගන්නා කැඳ ) වැනි ය. ලුණිජ්ජ ඉවතට ගන්නේ පීප්පය මැද ඇති මූඩිය ගැලවීමෙන් වන අතර අනතුරුව එයට වතුර ස්වල්පයක් එක් කොට ලිපි තබා රත් කරයි. එය බෝතලයකට දමා නිසල ව තැබූ විට ඉහළින් රන්වන් පැහැ කොටසක් වෙන් ව පෙනෙන අතර එය පෙරා ගනියි.

අධික සුවදකින් හා රසවත් බවින් යුතු එය පොල්මැල්ලුම් ආදියට මිශ්‍ර කිරීම මගින් එම ආහාරය ඉතා රසවත් කර ගත හැක. කෘත්‍රිම රසකාරක බහුල නොවූ යූගයක මේ සඳහා විශාල ඉල්ලුමක් තිබූ අතර 1940 පමණ කාලයේ දී ලුණිජ්ජ ‌බෝතලයක් ශත 50කට අධික මිලකට අලෙවි වූ බව පැවසේ.

වර්තමාන තත්ත්වය

වර්තමානය වන විට පෙර තත්වයෙන් ම හා රසයෙන් නැතත් ජාඩි නිශ්පාදනය කරනු දැකිය හැකි අතර ගාලු පාර දෙපස ධීවර ගම්මාන අසල ජාඩි විකිණීමට තබා තිබේ. නව ආහාර සැකසීමේ ක්‍රම වඩාත් ප්‍රචලිත වීම ජාඩි වඩා ප්‍රචලිත නොවීමට හේතු වී ඇති බව පෙනේ.

(උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)







සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.