News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවටත් ජාඩි දමන හැටි කියාදුන් අපේ මුතුන්මිත්තෝ

Feb 28, 2024 at 10:21 AM
|

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සම්ප්‍රදායයික ආහාර අතර දකුණු පළාතේ මූලාරම්භය සිදු වූ බවට සැලකෙන ජාඩිවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ දී ජාඩි නිශ්පාදනය විශාල වශයෙන් සිදු වූ අතර ලාංකිකයන් ඉන්දියාවට පවා ගොස් ජාඩි නිපදවා කර තිබෙන බව ඔබ කිසිදිනක අසා නැතිව ඇති. වර්තමානය වන විට දිනෙන් දින අලුත් වන ආහාර රටාව නිසා ජාඩි නිපදවීම සිදු වන්නේ ඉතා මඳ වශයෙනි.

මේ ලිපිය ජාඩි නිපදවීම හා සම්බන්ධ සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳවයි.

ජාඩි යන නාමය

සිංහල බසෙහි ව්‍යවහාර වන ජාඩි යන වචනය ඉන්දියාවේ භාෂා කිහිපයක ම ව්‍යවහාර වනු දැකිය හැකි හැකි ය. එම වචනයෙන් අදහස් වන්නේ බුජම, බරණිය, තාලිය නැතහොත් විශාල සැලිය (භාජනය) යන්නයි. මෙම ජාඩි නම් බඳුන් විශේෂය පටු මුවකින් ද පුළුල් බඳකින් ද යුතු වූවකි. මුල් යුගයේ දී ලුණු දැමූ මාළු අසුරා තැබීම සඳහාත්, පසුව ලුණු සහ ගොරකා දැමූ මාළු කල් තබා ගැනීම සඳහාත් මෙම බඳුන් යොදා ගෙන ති‌බේ. එම බඳුන්වල බහා තැබීම මගින් කල් තබා ගත් මාළු හැඳින්වීම සඳහා ද එම නාමය ම යොදා ගන්නට ඇති බව සිතිය හැකි ය. ජාඩියට මූඩිය යන යෙදුම ද මේ අනුව නිර්මාණය වී ඇත.

ජාඩිවල නිජබිම

ජාඩි යන නාමයට ඉන්දියානු ආභාෂයක් තිබූ නිසා ඇතැමෙකු මෙම ආහාරයට ද භාරතීය ආභාෂයක් ඇතැයි සිතුව ද එය නිවැරදි නොවේ. ජාඩිවල නිජබිම මෙරට දකුණු පළාත බව සනාථ කිරීමට ඇති හොඳ ම නිදසුන ගොරකා වේ. ද්‍රවිඩ ජනයා ආහාරවලට ඇඹුල් රසය ලබා ගැනීම සදහා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ සියඹලා වුව ද දකුණු මුහුදු තීරයේ ප්‍රචලිත මාළු ඇඹුල්තියල් සඳහා යොදා ගන්නේ ගොරකා ය. ඇඹුල්තියල් මාළු පිසීමේ ක්‍රමය තුළින් ම ජාඩි නිපදවන තාක්ෂණය බිහි වන්නට ඇතැයි සැලකිය හැකි ය. බොහෝ රටවල මාළු කල්තබා ගැනිමේ දී ලුණු පමණක් භාවිත කළ ද ඒ සඳහා ගොරකා භාවිත කිරීම මෙරටට ආවේණික වේ.

ජාඩි දැමීම සඳහා යොදාගන්නා මාළු වර්ග

ජාඩි දැමීම සදහා උචිත ම මාළු වර්ගය හුරුල්ලන් යයි කියනු ලැ‌බේ. ඊට අමතර ව බෝල්ලන් සහ කුම්බලාවන් ද ඒ සඳහා යොදා ගනියි. අතීතයේ දී වැඩි ආදායමක් ඇති පිරිස් හුරුල්ලා මාළු යොදාගෙන දමන ලද ජාඩි මිලට ගත් අතර අඩු ආදායම් ඇති පිරිස් ‌බෝල්ලා සහ කුම්බලා ජාඩි මිලට ගත්හ. තෝරා, පරව්, බලයා, ඇටවල්ලා ආදී මාළු ද ජාඩි දැමීමට ගන්නා නමුත් මෝරා වැනි තෙල් සහිත වූ මාළු ඒ සදහා උචිත නොවී ය. තෝරා වැනි විශාල මාළු ජාඩි දැමීම සඳහා යොදාගන්නේ පෙති කැපීමෙන් අනතුරුව ය.

ජාඩි දැමීමේ තාක්ෂණය හා පාරම්පරික නිෂ්පාදන ක්‍රමය

ගෘහාශ්‍රිත ව ජාඩි දමන ලද්දේ මාළු ඔළු සහ බඩවැල් ඉවත් කොට ඇල් වතුර බිඳක් හෝ භාවිත නොකොට ය. ඒ වෙනුවට කරිජ්ජ හෙවත් මුහුදු වතුරෙන් ම මාළු සෝදා පිරිසුදු කර ගැනිණි. එසේ පිරිසුදු කර ගත් මාළු ලුණු කැට සහ ගොරකා සමඟ මැටි මුට්ටිවල හෝ බරණි වැනි විශාල භාජනවල තැන්පත් කරයි. ලුණු සෑහෙන තරමට යෙදිය යුතු අතර ලුණු අඩුවෙන් යෙදීම මාළු ජාඩි බවට පත් නොවී නරක් වීමට හේතු වේ.

1800 අග භාගයේ සහ 1900 මුල් භාගයේ ශ්‍රී ලාංකික ධීවරයන් ජාඩි නිපදවීම සදහා ඉන්දියාවට ද ගොස් කටයුතු කළ බව පැරැන්නන් සඳහන් කරන අතර ඒ සඳහා වැඩි වශයෙන් ගාල්ල දොඩන්දුව ප්‍රදේශයේ ධීවරයන් දායක වී තිබේ. ජාඩි මුදලාලිලා එක් කණ්ඩායමකට 40 – 50 පමණ පිරිසක් ඇතුළත් වන පරිදි ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඔවුන් එහි මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් රැඳෙමින් ජාඩි නිපද වූ බව කියැ වේ.

ඉන්දියාවේ ජාඩි දැමූ ලාංකිකයෝ

ඉන්දියාවේ කොචින් සහ මල්පේ යන ප්‍රදේශවල එකල මෙසේ ජාඩි කර්මාන්තය ඉතා දියුණු අන්දමින් සිදු කරගෙන ගොස් ඇත. ජාඩි මුදලාලිලා මෙම කණ්ඩායමට වඩු කාර්මිකයකු ද රැගෙන ගොස් තිබේ. ඔහුගේ වගකීම වුයේ ජාඩි ඇසිරීම සදහා අවශ්‍ය වන පීප්ප සැකසීමයි. මෙකී වඩු කාර්මිකයන් හා ශ්‍රමිකයන් දුම්රියෙන් තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්පේ ප්‍රදේශයට ගොස් තිබේ.

පසුව විශාල පරිමාණයෙන් ජාඩි සකසා ගැනීමේ දී ප්‍රථමයෙන් ම මාළු කරිජ්ජ‌‌ට හෙවත් මුහුදු ජලයට අල්ලා සේදීමෙන් අනතුරුව පොල් අතු මත ඇතිරීම සිදු විය. කුඩා වක් පිහියක් උපයෝගී කොට ගනිමින් මාළුන්ගේ අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම සිදු කළ අතර එය බඩ ඇදීම නමින් හැඳින්විණි. ඉන් අනතුරුව එම මාළු කූඩවලට පුරවා නැවැතත් මුහුදු රළට අල්ලා සෝදා ඇත. එවිට මාළු මනාව ශුද්ධ වේ. පසුව වෙරළාසන්නයෙහි තනා ඇති සිමෙන්තියෙන් ඉදි කළ ටැංකිවලට මෙම මාළු දමා ලුණු හා ගොරකා දමා පදම් වීමට හෙවත් පැසවීමට තබා ඇත.

පීප්පවල ජාඩි සකස් කිරීමේදී ලුණු මිශ්‍ර ගොරකා තට්ටුවක් අඩිය‌ට දමා සූදානම් කර ගන්නා අතර ඊට පසු ලුණු සහ ගොරකා මිශ්‍රිත මාළු අසුරනු ලැ‌බේ. ඉන් අනතුරුව ඒ මත ගෝණි කැබැල්ලක් එළා එය තෙරපමින් මාළු, ලුණු, සහ ගොරකා තට්ටුව තෙරපීමකට ලක් කරනු ලැ‌බේ. නැවත ඒ මත ලුණු ගොරකා අතුරා මාළු දමනු ලැබේ. මේ ආකාරයට හොඳින් අසුරා තද කර අවසානයේ මුහුදු ජලය දමා පීප්ප වසා තබනු ලැබේ. මෙලෙස දිනකට පීප්ප 50 -60 පමණ වැඩ අවසන් කළ බව කියැවේ.

පීප්ප තැනීමට අවශ්‍ය ලී තීරු ලෙස සකස් කොට මෙරටින් ගෙන ගිය අතර ඒ සදහා පළල අගල් 2 – 2 ½ පමණ වූ සූරිය ලී මේ සදහා යොදා ගැනිණි. ජලයට ඔරොත්තු දීම ශක්තිමත් බව මෙන් ම නිර්මාණ සදහා යොදා ගැනීමේ පහසුව මේ සදහා සූරිය දැව යොදා ගැනීමට හේතු විය. පීප්පයක උස අඩි 3-4 පමණ ද, බඳ ප්‍රමාණය අඩි 9 පමණ ද විය. විසි වන සියවසේ මැද භාගය වන විට ජාඩි පීප්පයක මිල රු. 10- 15 පමණ වූ අතර 1960 පමණ වන විට එය රු. 30 ද ඉක්මවී ය.

එකල ජාඩි පීප්ප සෑදීම සඳහා ඉන්දියාවට යන වඩු කාර්මිකයකුට රජය රුපියල් තුන්සියයක පමණ සහනාධාරයක්ද ලබාදී තිබේ. මෙකී කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යළි මෙරටට පැමිණෙති.

ජාඩිවලට ප්‍රසිද්ධ දොඩන්දූවේ වරාය

ජාඩි මුදලාලිලා රුවල් ‌බෝට්ටු මගින් දොඩන්දූව වරායට ඉන්දියාවේ සිට රැගෙන එන ජාඩි පීප්ප රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනීමට කටයුතු කළ අතර එකල දොඩන්දුව උතුරු සීමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. මෙම රුවල් ‌බෝට්ටු “සුලුප්පු” ලෙස ද හැඳින්වූ අතර එවැනි සුලුප්පුවකට ජාඩි පීප්ප 250 පමණ පැටවිය හැකි විය. දොඩන්දුව වරායෙන් ගොඩ බෑ ජාඩි පීප්ප ඇතුළු භාණ්ඩ තැන්පත් කර ඇත්තේ මෙකී රේගු ගොඩනැගිල්ලෙහි ය. එම රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි.

1970 වර්ෂයෙන් පසු ඉන්දියාවේ නිශ්පාදිත ජාඩි දොඩන්දුවේ දී දක්නට නොලැබුණු අතර එරටට ගොස් ජාඩි නිශ්පාදනය කිරීම ද නතර වූ බව පෙනේ. එකල පැවති විදේශ විනිමය සීමා මෙන් ම ගොරකා, ලුණු හා පීප්ප සදහා නව බදු පැනවීම මෙන් ම බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ජාඩි කර්මාන්තය ඒ ආකාරයෙන් කඩා වැටීමට හේතු විය.

ආහාර රස කළ ජාඩි වතුර හෙවත් ලුණිජ්ජ

ලුණිජ්ජ හෙවත් ජාඩි වතුර යනු මාළු ඉස්ම ( දියරයක් වැනි දේ ), ලුණු සහ ගොරකා සමග මිශ්‍ර ව පදම් වූ දියරමය කොටසයි. මෙය පීප්ප හිමිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට තබා ගන්නා අතර එය අලෙවි නොකරයි. මෙහි පළමු භාගයේ ලුණිජ්ජ කිරිකැඳ ( පොල් කිරෙන් සාදාගන්නා කැඳ ) වැනි ය. ලුණිජ්ජ ඉවතට ගන්නේ පීප්පය මැද ඇති මූඩිය ගැලවීමෙන් වන අතර අනතුරුව එයට වතුර ස්වල්පයක් එක් කොට ලිපි තබා රත් කරයි. එය බෝතලයකට දමා නිසල ව තැබූ විට ඉහළින් රන්වන් පැහැ කොටසක් වෙන් ව පෙනෙන අතර එය පෙරා ගනියි.

අධික සුවදකින් හා රසවත් බවින් යුතු එය පොල්මැල්ලුම් ආදියට මිශ්‍ර කිරීම මගින් එම ආහාරය ඉතා රසවත් කර ගත හැක. කෘත්‍රිම රසකාරක බහුල නොවූ යූගයක මේ සඳහා විශාල ඉල්ලුමක් තිබූ අතර 1940 පමණ කාලයේ දී ලුණිජ්ජ ‌බෝතලයක් ශත 50කට අධික මිලකට අලෙවි වූ බව පැවසේ.

වර්තමාන තත්ත්වය

වර්තමානය වන විට පෙර තත්වයෙන් ම හා රසයෙන් නැතත් ජාඩි නිශ්පාදනය කරනු දැකිය හැකි අතර ගාලු පාර දෙපස ධීවර ගම්මාන අසල ජාඩි විකිණීමට තබා තිබේ. නව ආහාර සැකසීමේ ක්‍රම වඩාත් ප්‍රචලිත වීම ජාඩි වඩා ප්‍රචලිත නොවීමට හේතු වී ඇති බව පෙනේ.

(උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)







සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.