කප්පම් ඉල්ලූ දොස්තර ලොක්කෙක් ගැන ඖෂධ සමාගම්වලින් පොලිසියට පැමිණිලි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරනවාය පවසමින් මෑතක දී කරළියට පැමිණි වෛද්‍යවරයෙක් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බවට එම සමාගම් කිහිපයක් පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
එම සමාගම්වලට සහ ඒවායේ ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡාවල දී පහර දෙන බව පවසමින් එසේ නොකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙසට බලපෑම් කරන බව වාර්තා වෙයි.
පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි පැවති විශ්වාසභංග යෝජනා සමයේදී මෙම වෛද්‍යවරයා සමගි විපක්‍ෂ මන්ත්‍රී හමුවේ ඉදිරිපත්කිරීමක් ද (presentation) සිදු කර ඇත. විපක්‍ෂ මන්ත්‍රීවරු විශ්වාස භංගයේ දී ඉදිරිපත් කරන්නේ තමා ලබාදෙන තොරතුරු හෙයින් එම සමාගම්වල තොරතුරු ලබා නොදීමට බව පවසා සමාගම් කිහිපයකින් රුපියල් මිලියන 4, 5 ආදී ලෙස මුදල් ලබා ගෙන ඇති බව පැවසේ.
එසේ මුදල් ලබා දුන් පසු ද දිගින් දිගටම කරන බලපෑම් නිසා අදාල සමාගම් මෙසේ පැමිණිලි කර ඇත. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන පැවසීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට යෑමට මෙම වෛද්‍යවරයාට විපක්‍ෂ ප්‍රබලයෙක් ගුවන් ටිකට්පත් ලබා දීමට මුලදී පොරොන්දු වී සිටියද ඔහුගේ කප්පම් ගැනීම ආරංචි වීමත් සමග එම අදහස පසුව අත හැර ඇති බවත් පැවසේ.
මෙකී වෛද්‍යවරයා පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් හේතුවෙන් දැනටමත් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්