News Category
From Date
To Date
Maximum Number of Result

මහ බැංකු අධිපති, IMF කොන්ත්‍රාත්කාරයෙක්... මහ බැංකුවේ සමහරුන්ට ලක්ෂ හතඅටකින් පඩි වැඩි වෙලා - විමල් හෙළිකරයි

Feb 26, 2024 at 07:18 AM
|

මාර්තුවේ දී එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට, වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වන විට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යාම සහ ශ්‍රී ලාංකිකයන් මේ රටේ සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එතැන් සිට අපේ රටට ස්වෛරීත්වය අහිමි වන බවත් රට ආර්ථිකමය වශයෙන් “හතරගාතයෙන්” වැටුණු මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරමින් සිටින්නේ රටේ ස්වෛරීත්වය බිල්ලට දීම බවත් දිනේෂ් ගුණවර්ධනලා සහ රාජපක්ෂලා එම පාපතර මෙහෙයුමට “පහන” අල්ලන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගියදා කඩුවෙල කොස්වත්තේ දී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

කවුද මේ IMF කොන්ත්‍රාත්කාරයා?

“පාකිස්ථානයත් අපි වගේම අර්බුදයක ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයටත් කිව්වා, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් විදේශ ණය ගෙවන්න බැහැ කියා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. නමුත් පාකිස්ථානයේ හිටියේ මේ වගේ මැට්ටෝ ටිකක් නොවෙයි. ඔවුන් කිව්වා, ‘එහෙම කළොත් අපි ඉවරයි. ලංකාව නොවෙයි මොකා කළත් අපි ඒක කරන්නේ නැහැ’ කියා. චීනය සහ මැද පෙරදිග රටවල් කිහිපයකින් ණය ආධාර අරගෙන පාකිස්ථානය ඒ අර්බුදයෙන් දැන් ගොඩඑමින් තිබෙනවා. එයාලා කිව්වේ නැහැ, ‘ණය ගෙවන්න බැහැ’ කියලා. නමුත් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්ත්‍රාත්කාරයෙක්. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වී දවස් දෙකෙන්, ‘ණය ගෙවන්න බැහැ’ කියන කතාව කිව්වා. එයා පාර්ලිමේන්තුවෙන් හෝ කැබිනට් මණ්ඩලයෙන් නොවිමසා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පමණක් දැනුම් දීලා තමන්ගේ මතය ක්‍රියාවට නැංවූවා. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බෙල්ල මුලින්ම අල්ලා ගත්තා.

මහ බැංකුවේ ස්වාධීනත්වයේ තරම මෙන්න!

පනතක් ගෙනත් මහ බැංකුව ස්වාධීන කළාට පසුව සිදුවන දේ බලන්න. මහ බැංකුවේ උන්දැලා තමන්ට සියයට 70කින් පඩි වැඩි කරගෙන තිබෙනවා. ප්‍රශ්න කළාම, ‘අපි පඩි වැඩි කරගත්තේ ඒකාබද්ධ අරමුදලින් නොවෙයි’ කියා කියනවා. නමුත් පඩි වැඩි කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සතු මුදල්වලින්නේ. සමහරුන්ට ලක්ෂ හතඅටකින් පඩි වැඩි වී තිබෙනවා. ස්වාධීන කළේ ඔය විදියට පඩි වැඩි කරගන්නද?

‘පාලු ගෙයි වලන් බිඳපු’ හරීන්ට…

අද වන විට මේ පාලකයන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑනවා වෙනුවට මේ අර්බුදය යොදාගන්නවා අපේ රටේ ස්වෛරීත්වය බිල්ලට දෙන්න. ඔබ දන්නවා මොළය නියමිත තැන පිහිටා නොමැති හරීන් ප්‍රනාන්දු කියා ඇමතිවරයකු මේ රටේ ඉන්නා බව. එයා ඉන්දියාවට ගිහින් කියනවා, ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා. එහෙම කියලා ඒ ගොන් ඇමතියා පල් හිනාවකුත් දානවා. මේ ප්‍රකාශයට එරෙහිව මම පාර්ලිමේන්තුව තුළ ප්‍රහාරයක් එල්ල කළාට පස්සෙ පාලු ගෙයි වලන් බිඳිමින් හරීන් ප්‍රනාන්දු කියනවා, ‘බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. ඒ නිසා අපි ඉන්දියාවේ කොටසක්’ කියා. එහෙමනම් මේ රටට කතෝලික ආගම ආවේ පෘතුගාලයෙන් හෝ ඕලන්දයෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් හෝ විය හැකියි. නමුත් අපි කියනවාද, ‘ශ්‍රී ලංකාව ජෙරුසලමේ – ඊශ්‍රායලයේ කොටසක්’ කියා. දැන් මේ රටේ ඉස්ලාම් දහම අදහන පිරිසක් ද ඉන්නවා. එතකොට මේ රට මැදපෙරදිග කොටසක් ද? එයා ඒ පාලු ගෙයි වලන් බිඳිමින් කළ කතාවේදී කියනවා, ‘අපිත් ඉන්දියාව වගේම ඉඳිඅප්පම්, ආප්ප කියන වචන පාවිච්චි කරනවානේ’ කියා. එහෙමනම් ‘ජනේලය, අල්මාරිය’ වැනි වචන පෘතුගීසිනේ. එතකොට අපි පෘතුගාලයේ කොටසක් ද? මේ වගේ ගොන් ඇමතිවරුන් රටක් කරනකොට රටකට හරි යයිද?

ඉන්දියාවේ ආදරයේ ‘තරම’

හරීන් ප්‍රනාන්දුගේ කටින් ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියන එක එළියට ආවේ ඇයි? මේ පාලකයන් ඒ වැඩේ කරන්න යන නිසයි. තෙල් හිඟ අවස්ථාවේ අපට බිලියන් කිහිපයක ණයක් දුන්නු නිසා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ඔවුන්ගේ සංචාරකයන්ට ලංකාවට යන්න කියන නිසා සමහරුන් හිතන් ඉන්නවා, ‘ඉන්දියාව අපට උදව් කරනවා’ කියලා. නැහැ, ඇත්ත කතාව ඒක නොවෙයි. ඉන්දියානු සංචාරකයන්ට එරට විදේශ අමාත්‍යවරයා ලංකාවට එන්න කිව්වේ අපට ආදරේට නොවෙයි; මාලදිවයින් නව ජනාධිපතිවරයා චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කරන නිසයි; ඉන්දියාව තුළ ‘Boycott Maldives'(මාලදිවයින වර්ජනය කරනු!) නමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද දියත් වන නිසයි. දැන් බලන්න, ඉන්දියාව තමයි එවකට ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ලවා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලණුව කැව්වේ, ‘රුපියල නිදහසේ පා කර හරින්න’ කියා. ඒ වන විට ඩොලරය තිබුණේ රුපියල් 200ක සීමාවේ. නමුත් පා කරලා හැරියාට පසුව නතර වුණේ රුපියල් 400කට කිට්ටු කරලයි. ඔන්න එතකොට එකවරම අපේ ණය බර රුපියල්වලින් දෙගුණ වුණා. ඒ නිසා ඩොලර් අර්බුදයක හිටපු ශ්‍රී ලංකාවට රුපියල් අර්බුදයකුත් ආවා.

‘අමුල් බිබී වැනීයන්’

දැන් බලන්න, ලාභ ලබන ටෙලිකොම් දෙන්න හදන්නේ ඉන්දියානු සමාගමකට. විදුලි බල මණ්ඩලය අටකට කඩලා දෙන්න හදන්නේ ඉන්දියානු සමාගම්වලට. මිල්කෝ සමාගම ඇතුළු පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් 31ක් සහ ඉඩම් අක්කර 28,000ක් දෙන්න යන්නෙත් ඉන්දියාවේ අමුල් සමාගමට. ‘මිල්කෝ එක’ විකුණන්නම ඕනේ නම් ඒක ඒ ක්ෂේත්‍රයේ වැඩක් කරලා පෙන්නපු ආරියශීල වික්‍රමනායක වැනි දේශීය ව්‍යවසායකයෙකුට දෙන්න බැරි ඇයි? ඉන්දියාව විවේචනය කරපු අය දැන් කියනවානේ, ‘ඉන්දියාවත් වෙනස් වෙලා – අපිත් වෙනස් වෙලා’ කියලා. දැන් ඒගොල්ලෝ හරි හොඳ වෙලා. ‘වැනියන් අමුල් වැනීයන් – අමුල් බිබී වැනීයන්’ කියලයි අපට කියන්න තියෙන්නේ. මතක තබාගන්න, මේ තමයි ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ගිලගන්නා තීරණාත්මකම වෙලාව.

ඊළඟට ඉන්දියානු හාල් එනවා!

අපි දන්නවා, ඉන්දියාවේ ගොවියාගෙන් විදුලියට මිලක් අය කරන්නේ නැහැ; විදුලිය නොමිලේ දෙනවා. ඒ නිසා ඉන්දියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය අඩුයි. නමුත් ලංකාවේ ගොවියාගේ උදැල්ල ඇතුළු කෘෂි ආම්පන්නවලටත් සියයට දහඅටක වැට් බද්දක් එකතු වුණා. මේකත් වක්‍රව බලපාලා මේ කන්නයේ හාල් මිල ඉහළ යනවා. ඊට පස්සේ මේ පාලකයෝ ‘අපි ඉන්දියාවෙන් හාල් ගෙනෙන්නම්’ කියලා අපට ඉන්දියානු හාල් කවයි. බිත්තර මිල වැඩි වුණාම ගාණක් තියාගෙන ඉන්දියානු බිත්තර ගෙනවිත් අපිට කවනවා වගේ ඉදිරියේදී ඉන්දියානු හාලුත් ගෙනවිත් අපට කවාවි.

‘එට්කා’ ඇවිත් කරන වැඩේ…

මේක මෙතැනින් නතර වෙයිද? නැහැ. අපේ ආර්ථික මර්මස්ථාන ටික ගිලගන්න ගමන් ඔන්න දැන් එට්කා ගිවිසුමත් මාර්තු මාසයේ අත්සන් කරන්න ඉන්දියාව සූදානම් වෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට, වෙළඳාමකට නිදහසේ ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. කුඩාම රැකියාවේ සිට ඉහළම රැකියාව දක්වා වන පුරප්පාඩුවලට ඉන්දියානුවන් එනකොට, පෙට්ටිකඩේ සිට මහා පරිමාණ ව්‍යාපාරය දක්වා පවත්වාගෙන ගන්න ඉන්දියානුවන් එනකොට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරෙන එක වළක්වන්න බැහැ. නොදැනුවත්වම අපි මේ රටේ සුළුතර ජනගහනයක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ.

රනිල්ට “පහන” අල්ලන කට්ටිය

එතැන් සිට මොකද වෙන්නේ? එතැන් සිට ශ්‍රී ලාංකික අපිට අපේ ස්වෛරීත්වය අහිමි වෙනවා. ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගය බවට ඉන්දියාව පත් වෙනවා. ආර්ථිකමය වශයෙන් හතරගාතයෙන් වැටුණු වෙලාව, රටේ ස්වෛරීභාවය බිල්ලට දෙන වෙලාව බවට පත් කරන එකයි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව කරන්නේ. දිනේෂ් ගුණවර්ධනලා, රාජපක්ෂලා අද ‘පහන’ අල්ලන්නේ ඒ පාපතර මෙහෙයුමට. ජනවරමට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට පුටුව දීලා ගෝඨාභය රාජපක්ෂ එදා පැනලා දිව්වා. ගෝඨාභය දාලා යනවා නම් අගමැති ධුරය දිය යුතුව තිබුණේ ජනවරමට සම්බන්ධ මිනිහෙකුට. රනිල් වික්‍රමසිංහ ජනවරමක් තියා පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලැයිස්තුවෙන්.

අර්බුදයේ ‘පීතෲවරයාටම’ පුටුව දුන්නා

රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ අර්බුදයේ පීතෲවරයා. එයා තමයි 2018 එක රැයින් ඩොලර් බිලියන 12.5ක් ලෝකයේ පොලී මුදලාලිලාගෙන් ණයට ගත්තේ. ඒ ණය පොලිය ගෙවාගන්න බැරුව තමයි රට හතරගාතයෙන් ඇදවැටුණේ. ගෝඨාභය රාජපක්ෂ පලා ගියේ මේ අර්බුදයේ පිතෲවරයාටම රට භාර දීලයි. දැන් ජනවරමට කිසිදු සම්බන්ධයක් නැති මිනිහෙක් රටට කරන්න පුළුවන් විශාලතම අගතිය අඛණ්ඩව කරගෙන යනවා.

කීර්ති විජයබාහු – දුටුගැමුණු ආදර්ශයන්

බඩගින්නේ හිටියත් රට ගැන හිතපු මිනිස්සු තමයි මේ පොළොවේ ජීවත් වුණේ. අපේ මුතුන්මිත්තන් කවර දුෂ්කරතා තිබුණත් ආක්‍රමණිකයා ඉදිරියේ දණින් වැටුණේ නැහැ. එදා කීර්ති කුමාරයා කැලේට ගිහින්, ගඩාගෙඩි කමින්, අනේකවිද දුෂ්කරතා මධ්‍යයේ සේනා සංවිධානය කරගෙන ඇවිත් තමයි ඒ සොලී ආක්‍රමණික බලය සහමුලින්ම පරාජය කළේ. දුටුගැමුණු කුමාරයා ඒ මහා චෝල බලය පරාජය කරන්න තමයි එදා සේනා සංවිධානය කරගෙන ආවේ. ඒ නිසා හතරගාතයෙන් වට්ටලා තියෙන වෙලාවෙ, ලක්මෑණියන්ගේ ස්වෛරීත්වය උදුරා ගන්න හදන ලෝකයේ කවර බලවතෙකු හෝ ඉදිරියේ දණ ගහන්න අපි සූදානම් නැහැ. අපි කියන්නෙ නැහැ, ‘ඉන්දියාව සමඟ යුද්ධ කරන්න ඕනේ’ කියලා. නමුත් අපි යටත් විය යුතු නැහැ. ඔහු අපේ අසල්වැසියා නම් උදව් කරගෙන, සාමකාමීව, මිත්‍රශීලීව ඉන්න ඕනේ.

ජනාධිපතිවරණයේ දී ‘කළ හැකි – කළ යුතු’ දේ

වෙන කිසිදු වේදිකාවක මේ අනතුර පෙන්වා දෙන්නේ නැහැ. ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා ලැජ්ජා නැතුව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වාම, මමත් උදය ගම්මන්පිල මැතිතුමා ඇතුළු කිහිපදෙනා හැරුණාම වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් ඒ පිළිබඳව විරෝධයක් තියා ‘හීන් කෙඳිරියක්වත්’ නැඟුවේ නැහැ. හරීන් හෙට ඉන්දියාවට ගිහින් ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්’ කියා කිව්වත් ඔය එක චණ්ඩියෙක්වත් කටක් අරින්නේ නැහැ. එයාලා දැන් ඉන්නේ ඉන්දියාවේ ‘අමුල්’ බීලයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මේ අනතුරෙන් මේ රට බේරාගන්න පුළුවන් දෑහිතකාමී නායකත්වයක් ජයග්‍රහණය කරවලා මේ කඩඉම අපි පනින්න ඕනෙ. ඒක අමාරුයි කියලා පෙනුණාට, ‘කළ හැකි – කළ යුතු’ දෙයක්. ඒ හැර අපට කළ හැකි නිවැරදි වෙනත් දෙයක් නැහැ. ඒ නිසා අපි ඒ මහා අභියෝගය භාර ගනිමු! මේ රට ආර්ථිකමය වශයෙන් වැටිලා තියෙන වෙලාවේ ස්වෛරීත්වය බිල්ලට ගැනීමට ඉඩ නොදී ආර්ථිකයත් රටත් ගොඩගන්න පුළුවන් දිශාවට මේ රට හරවමු!”

ඉහත ජන හමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ද අදහස් දැක්වීය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.