ඉදිරියේ පවත්වන්නේ මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් නොවෙයි... ජනාධිපතිවරණයයි - ජනපති රනිල් කියයි
එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකර තිබිණි.
එම ආරාධනය අනුව ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හා එහි නායකයන් සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයෙදී සාකච්ජාවක් පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් සම්බන්ධ විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජනරජ පෙරමුණේ මෙම වැඩපිළිවල අධ්‍යනය කළ බවත් එය ඉතා වැදගත් වැඩපිළිවලක් බවත් මේ මොහොතේ ආර්ථික ස්ථායිකරණය සඳහා රාජ්‍ය අදායම ඉහළ දැමීමට තමන්ද කටයුතු කරමින් සිටින බවත් ජනරජ පෙරමුණේ යෝජනාවන් සේම අදායම් අධිකාරියක් වැනි වැඩපිළිවලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
එමෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව දෙපාර්ශයේ සාකච්ජා සිදුවූ අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඉදිරියේදී පවතින මැතිවරණ සඳහා මෙවැනි පොදු අවම වැඩපිළිවලක් බලගැන්විය හැකි සන්ධානයක් අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයාද පවසා සිටියේ එවැනි අදහසකට තමන්ගේද කැමැත්තක් ඇති බවයි. විශේෂයෙන්ම IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මාර්තු මස අග බාගයේදී සියලු පක්ෂ සමඟ සාකච්ජා කිරීමට තමන්ද අරමුණු කරගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
තවද වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ඉදිරියේදී මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් නොපවත්වන බවත් පවත්වනු ලබන්නේ ජනාධිපතිවරණය බවත්ය.
ඒ අනුව ජනරජ පෙරමුණේ නායකයන් පවසා සිටියේ ඉදිරි මැතිවරණයකදී මෙවැනි පොදු වැඩපිළිවලක් ඉදිරියට පැමිණිය යුතු බවත් එමගින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු අපේක්ෂකයා ජනතා මනාපයෙන් ජයග්‍රහණය කළ හැකි අයෙකු වීම හා ජයග්‍රහණයෙන් පසු රට පාලනය කළ හැකි නායකයෙකු වියයුතු බවත්වය. එහිදී ජනරජ පෙරමුණේ නායකයන්ගේ එම අදහස ජනාධිපතිවරයාද අනුමත කරන ලදී.
එමෙන්ම මෙම සාකච්ජා පක්ෂ ලේකම්වරු මාර්ගයෙන් ඉදිරියටත් කරගෙන යාම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය ඇතිවිය.
ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා