
මෙරට ආර්ථික මධ්‍යස්ථාන 6ක් විදේශ රටකට පවරා දීමේ සූදානමක්
මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනාකරණය සහයෝගිතා ගිවිසුමක් හරහා විදේශ රටකට පවරා දීමේ රජයේ සූදානමක් ඇතැයි කෘෂි ක්‍ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.
එළවළු ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නා හා හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය හා ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන වැලිසර හා නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන මේ අයුරින් විදේශ සමාගම් වෙත පවරා දීමේ සූදානමක් ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේ ය.
දිගුකාලීන පදනම මත මෙම මධ්‍යස්ථාන කළමනාකරණය සහ ශීතාගාර ඇතුළු යටිතල පහසුකම්, නාගරික හැකියා වර්ධනය කිරීමේ අරමුණු සහිතව පවරා දීම සඳහා මූලික සාකච්ඡා සිදුව ඇති බව එම ආරංචිමාර්ග පැවසීය.
මීට අමතරව මෙම මධ්‍යස්ථාන හය වෙනුවට නව මධ්‍යස්ථාන හතරක් හරහා අත්‍යවශ්‍ය ආහාර, එළවළු සහ පලතුරු නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් තවමත් මේ පිළිබඳව අවසන් නිගමනයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
යම් හෙයකින් මේ ආර්ථික මධ්‍යස්ථාන විදේශීය සමාගම් වෙත පවරා දීමට රජය කටයුතු කළහොත් මෙරට ගොවීන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු ඇඟවීය.
දැනට මෙම මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය මගින් කළමනාකරණය කෙරෙයි.
– මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
