මෙරට ආර්ථික මධ්‍යස්ථාන 6ක් විදේශ රටකට පවරා දීමේ සූදානමක්
මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනාකරණය සහයෝගිතා ගිවිසුමක් හරහා විදේශ රටකට පවරා දීමේ රජයේ සූදානමක් ඇතැයි කෘෂි ක්‍ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.
එළවළු ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නා හා හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය හා ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන වැලිසර හා නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන මේ අයුරින් විදේශ සමාගම් වෙත පවරා දීමේ සූදානමක් ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේ ය.
දිගුකාලීන පදනම මත මෙම මධ්‍යස්ථාන කළමනාකරණය සහ ශීතාගාර ඇතුළු යටිතල පහසුකම්, නාගරික හැකියා වර්ධනය කිරීමේ අරමුණු සහිතව පවරා දීම සඳහා මූලික සාකච්ඡා සිදුව ඇති බව එම ආරංචිමාර්ග පැවසීය.
මීට අමතරව මෙම මධ්‍යස්ථාන හය වෙනුවට නව මධ්‍යස්ථාන හතරක් හරහා අත්‍යවශ්‍ය ආහාර, එළවළු සහ පලතුරු නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් තවමත් මේ පිළිබඳව අවසන් නිගමනයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
යම් හෙයකින් මේ ආර්ථික මධ්‍යස්ථාන විදේශීය සමාගම් වෙත පවරා දීමට රජය කටයුතු කළහොත් මෙරට ගොවීන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු ඇඟවීය.
දැනට මෙම මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය මගින් කළමනාකරණය කෙරෙයි.
– මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා