ජනතා විරෝධය හමුවේ එදා රනිල්ට කරන්න බැරි වුණ දේ අද මහින්දලාගේ සහයෝගයෙන් කරන්න හදනවා… සියලු වාදභේද ඉවතලා ඊට එරෙහිව එක්වන්න – ජයන්තගෙන් ආයාචනයක් (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආසියා පැසිපික් සමුළුවේ දී පැවසුවේ ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය තමන්ගේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බව යැයිද, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන ඔහුට ලැබී ඇත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ලබාදුන් ජනවරම ඉදිරියට ගෙනයාම වුවද එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගී තිබුනේ පෞද්ගලීකරණය හා රට විකිණීමට එරෙහිව බවද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලිට්‍රෝ ගෑස් යන සමාගම් ද මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 52ක් කඩිනමින් විකුණා දමා ලැබෙන කොමිස් මුදලෙන් “තම ඉදිරි ජනාධිපතිවරණ අරමුදල්” තර කර ගැනීම ජනාධිපතිවරයාගේ මූලික අරමුණ බවත් එසේම මෙම රාජ්‍ය ව්‍යවසායන් ඉන්දියානු සමාගම් වළල්ලක් අතට පත් කිරීමේ තම කොන්ත්‍රාත්තුව ද ජනාධිපතිවරයා එමගින් ඉටු කරගන්නා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එම වෑයම පැරදවීම සඳහා සියලු වාමවාදී, ජාතිකවාදී, ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවලට එකම වේදිකාවකට ගොඩවදින ලෙස ද ඒ මහතා ඇරයුම් කර සිටියි.
අද(22) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජයන්ත සමරවීර මහතා මෙම අදහස් පළ කිරීම සිදු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා