දේශපාලකයන්ට සිංහල භාෂාව ඕනෑ වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණයි... සිංහල විශ්වකෝෂයත්, සිංහල ශබ්දකෝෂයත් මේ වනවිට අකර්මණ්‍යයි - මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
දේශපාලකයන්ට සිංහල භාෂාව අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණක් යැයි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා කොළඹ 7 පදනම් ආයතනයේ පැවති මවු භාෂා දින ජාතික සැමරුම් උත්සවයේදී ඊයේ (පෙබ. 21) චෝදනා කළේ ය.
පාර්ලිමේන්තුවට ගිය පසු සිංහල භාෂාව අමතක කරන දේශපාලකයන්ට නැවතත් එය අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට හා නිවෙසේදී කතා කිරීමට පමණක් යැයි ද මහාචාර්ය කෝපරහේවා අවධාරණය කළේ ය.
සිංහලය රාජ්‍ය භාෂාව කර වසර හැටකට වඩා ගතව ඇතත් ආණ්ඩුකරණයේදී එය නිසි ලෙස භාවිත කෙරෙන්නේ නැතැයි කී හෙතෙම අඩුම තරමින් කැබිනට් පත්‍රිකාවක්වත් නිවැරදි සිංහලයෙන් සකස් නොවන්නේ යැයි ද චෝදනා කළේ ය.
තේ, රබර්, පොල්වලට ඕනෑ තරම් පර්යේෂණ ඇති රටේ සිංහල භාෂාව සඳහා පර්යේෂණ ආයතන ඇත්තේ අතිශය සුළු සංඛ්‍යාවක් යැයි ඒ මහතා කීවේ ය. එසේ තිබෙන අතළොස්සක් වූ පර්යේෂණ ආයතනවලට ද රජයෙන් ලබා දෙන මුදල් ප්‍රමාණවත් නැතැයි ද ජාතික අය-වැයෙන් ඒවාට වෙන්වන්නේ ද ඉතා සුළු මුදලක් යැයි ද මහාචාර්යවරයා චෝදනා කළේ ය.
සිංහල විශ්වකෝෂය මෙන්ම සිංහල ශබ්දකෝෂය ද මේ වනවිට අකර්මණ්‍ය යැයි කී හෙතෙම ඉතිරිව තිබෙන්නේ මොන කෝෂය දැයි සිතාගත නොහැකි යැයි පැවසීය. ආරම්භක අධ්‍යාපනයේදී පාසලේදී සිංහල බසින් ඉගෙනගත්තත් පසුකාලීනව ලද ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පසුව මවුබස අමතක කර ඇතැයි ද කෝපරහේවා මහතා කීවේ ය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා