News Category
From Date
To Date
Maximum Number of Result

"එට්කා ගිවිසුමට ඉඩදී" නිහඬව හිටියොත් "මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ කළ පිරිස" බවට ඔබ සියලුදෙනා පත්වෙනවා! - විමල්ගෙන් මැතිසබයට බරපතළ සංවේදී ප්‍රකාශයක්

Feb 21, 2024 at 07:53 PM
|

ඉන්දියානුවන්ට මෙරට රැකියා වෙළඳපළ සහ වෙළඳාමට නිදහසේ පිවිසිය හැකි ආකාරයට සැකසෙමින් තිබෙන එට්කා ගිවිසුම අත්සන් තැබීමට ඉඩදී නිහඬව සිටියහොත් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ සිදුකළ පිරිස බවට වත්මන් මැති සබය පත්වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකට එක්වෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

"ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

මුදල් අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගෙනෙන මේ වෙලාවේ මම කැමතියි රටේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද, කියා මේ සභාව ඉදිරියේ අවධාරණය කිරීමට.

"ගැලවීමද? වැළලීමද?"

මට පෙර අදහස් දැක්වූ එක් පිරිසක් පෙන්වා දෙන්න උත්සාහ කළා, 'අපේ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වුණාට පස්සේ අපි දැන් ගැලවීමේ මාවතක යනවා' කියා. අපට නම් පෙනෙන්නේ, 'මේ යමින් තිබෙන්නේ ගැලවීමේ මාවතක නොවෙයි වැළලීමේ මාවතක' කියලා. පසුගියදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරමින් නිවේදනයන් නිකුත් කොට තිබුණා. එහි සඳහන් වුණේ 'මේ රටේ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලියේදී ජාතික ආරක්‍ෂාවට පවා බලපෑමක් සිදුවෙනවා. ඒ නිසා එම ක්‍රියාවලිය පිළිබඳව නැවත සිතා බලන්න' කියලයි.

'Sri Lanka is part of India actually'

මා මීට ඉහතදීත් මේ සභාවේදී මේ ගැන පැවසුවා. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පසුගියදා ඉන්දියාවේ සිදුකළ කතාවේදී කියනවා, 'ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා. ඒක වැරදීමකින් කිව්ව එකක් නොවෙයි. මනූෂ නානායක්කාර ඇමතිවරයා නම් ඒක සැහැල්ලු කොට සලකා කතා කළා.  මෙම ප්‍රකාශය, වෙමින් පවතින ක්‍රියාවලියට අනුකූලව, බොහොම දැනුවත්ව සිදුකළ ප්‍රකාශයක්. ඔහු පවසන්නේ 'Sri Lanka is part of India actually' කියලයි. මේක කවුරුත් එඩිට් කරපු එකක් නොවෙයි. මේ කියන්නේ 'ශ්‍රී ලංකාව නිසැක ලෙසම ඉන්දියාවේ කොටසක්' කියලයි. මේ ආණ්ඩුව කරමින් යන්නේ ඒක. කනගාටුව, 69 ලක්ෂයේ ජනවරමෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් 'දෙන දේ කාලා, වෙන දේ බලාගෙන' ඉන්න එක ගැනයි. අද 'දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමන්ලා - බොරළුගොඩ සිංහයෝ' මේ අපරාධය වෙන්න ඉඩ ඇරලා පූස් පැටව් වගේ බලාගෙන ඉන්නවා. රාජපක්ෂලාත් මේ අපරාධයට කර ගහලා.

"සියල්ල ඉන්දියාවට..." 

දැන් ටෙලිකොම් එක ඉන්දියානු සමාගමකට දෙන්න යනවා. විදුලි බල  මණ්ඩලය කෑලි කඩලා ඉන්දියානු සමාගම්වලට දෙන්න හදනවා. මන්නාරමේ සුනිත්‍ය විදුලි බල ව්‍යාපෘතිය අදානිට දෙනවා. එමගින් නිපදවනු ලබන විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ අවුරුදු පනහක් යන තෙක් රුපියල් පනහකටයි. සුළං බලයෙන්, හිරු එළියෙන් නිපදවනු ලබන විදුලි ඒකකයක් රුපියල් පනහකට මිලදී ගත යුතුද? සාමාන්‍ය අයකුගෙන්, වහලයක සවි කරන ලද සූර්ය පැනලයකින් නිපදවන විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 30-35කට. නමුත්  අදානිගෙන් මිලදී ගන්නේ රුපියල් පනහකට. ඒ විතරක් ද? හරීන් ප්‍රනාන්දුම ඉන්දියාවේදී කියනවානේ, 'ඔයාලාට අපි එයාපෝට් තුනක් දෙනවා. වරායවල් දෙනවා' කියා. මේ සියල්ලම දුන්නාම අපට මොනවාද ඉතිරි වෙන්නේ? මේ පාර්ලිමේන්තුවද? අවසානයේ ඒකත් ඉතිරි වෙන්නේ නැහැ.

"එට්කා මාර්තුවේ..." 

මාර්තු මාසයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර අවසන්. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, කැබිනට් මණ්ඩලය ඒ ගිවිසුම දැක්කාද? නැහැනේ. එට්කා ගිවිසුමට අදාළව එක් රාජ්‍ය නිලධාරියෙක්ගේ ප්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයක් අටවලා තිබෙනවා. ගිවිසුම පිළිබඳ සංවේදී වෘත්තිකයන් පිරිසක් පසුගියදා ඒ නිලධාරියා හමුවීමට ගියා. ඔවුන් අත්සන් තැබීමට යෝජිත ගිවිසුම පිළිබඳව විමසුවාම ඒ නිලධාරියා කියනවා, 'මොකුත්ම ලේඛන දෙන්න බැහැ. මේ පාර ඉන්දියාව හරි Aggressive(ආක්‍රමණශීලී)' කියා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට මේ රටට රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩකඩ ලැබෙනවා. බුලත්විට කඩ පමණක් නොවෙයි, රූපලාවන්‍ය ආයතනත් ඔවුන් දමා ගනීවි. වෛද්‍ය, ඉංජිනේරු පමණක් නොවෙයි, සෑම වෘත්තියකටම ඔවුන් ලංකාවට පැමිණේවි. ටෙලිකොම් එක ඉන්දියාව ගත්තාම, විදුලිබල මණ්ඩලය කඩලා විකුණනකොට ඒවා ඉන්දියානු සමාගම්වලට ගියාම දැනට සේවයේ නියුතු ටෙලිකොම්, විදුලි බල මණ්ඩල සේවකයන් විශ්‍රාම ගියාට පසුව ඒ පුරප්පාඩු ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට නොවෙයි, ඉන්දියානුවන්ටයි.

මේ රටේ අවසානයේ ආරම්භය...

දැන් බලන්න, මීට වසර දෙසීයකට පමණ පෙර උඩරට වතුකරයට, ඉන්දියානු සම්භවයක් තිබෙන දෙමළ ජනයාව සුදු ජාතිකයන් විසින් රැගෙන ආවේ ආපසු යවන්න බලාගෙනයි. 'සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමෙන්' කොටසක් යැව්වා. නමුත් සියලුදෙනා ආපසු යවන්න බැරි වුණා. අද 'සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම හරියි' කියන මිනිස්සුත් මේ අපරාධය වෙන්නේ ඉඩ ඇරලා බලා ඉන්නවා. එට්කා ගිවිසුම අත්සන් කළා කියන්නේ, 'මේ රටේ අවසානයේ ආරම්භය එය බවට පත්වෙනවා' කියන එකයි.

69 ලක්ෂයේ ජනවරමට පස්ස හරවනවාට වඩා වැඩි දෙයක් 

ඒ විතරක්ද? දැන් හැඳුනුම්පත සැකසීම සඳහා අපේ සම්පූර්ණ ජෛව දත්ත පද්ධතියම දෙන්න යන්නෙත් ඉන්දියානු සමාගමකට. ඉන්දියාවේ 'අමුල්' එකට 'මිල්කෝ' එක සහ පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල්, ඉඩම් අක්කර  තිස්දාහක් පමණ ලබාදීමට නියමිතයි. ඇයි මිල්කෝ එක ඉන්දියාවටම දෙන්නේ? දෙන්නම ඕනේ නම් එම ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක දේශීය ව්‍යවසායකයෙකු  වන ආරියශීල වික්‍රමනායක මහතා වැනි අයෙකුට මිල්කෝ සමාගම දෙන්න බැරි ඇයි? එක පැත්තකින් අද අපේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියානු සමාගම් වළල්ලක් විසින් ගිලගනිමින් සිටිනවා. අනෙක් පැත්තෙන් එට්කා ගිවිසුම ගහලා ඉන්දියානුවන්ට රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩ හදලා දෙනවා. ඔය ටික ඔක්කොම කළාම ලංකාව කියා එකක් ඉතිරි වෙන්නේ නැහැ. අවුරුදු දෙසීයකට කලින් උඩරට වතුකරයට රැගෙන ආපු මිනිස්සු පදිංචි වුණා වගේ එට්කා ගිවිසුමෙන් පසුව රැකියාවට, වෙළඳාමට එන ඉන්දියානුවන් මෙහි පදිංචි වෙන්න බලනවා. සිසිර ජයකොඩි මන්ත්‍රීතුමෝ, කැලණිය හන්දියේ මේ රටේ මිනිස්සුන්ගේ කඩවලට වඩා ඉන්දියානු කඩ වැඩිවේවි. තමුන්නාන්සේලා අත  උස්සාගෙන ඉන්නේ රාජ්‍ය ඇමැති කට්ටක් දිහා බලාගෙන. ඒ විදිහටම දිනේෂ් ගුණවර්ධනලා අගමැතිකමක් දිහා බලාගෙන මේවාට අත උස්සගෙන ඉන්නවා. මේවා වෙන්න ඇරලා, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවානම් ඔබතුමාලා 69 ලක්ෂයේ ජනවරමට පස්ස හරවනවා නොවෙයි, ඊටත් වැඩි දෙයක් තමයි කරන්නේ.

අද රනිල් වික්‍රමසිංහට මේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එක ද ඔබතුමාලාගේ යුතුකම? හරීන් ප්‍රනාන්දු 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා කිව්වේ නිකම් ද? 'අපි රටේ ස්වෛරීත්වය රැක්කේ යුද්ධ කරලා; මම ඒකට සේනාධිනායක ලෙස නායකත්වය දුන්නා' කියපු රාජපක්ෂලා අද ලැජ්ජා නැතුව මේ නින්දිත පාවාදීමට කර ගහනවා. අපි දන්නවා, 'ඉන්දියාවේ සුරතල් කුක්කො මේ ඉන්දියානුකරණයට විරුද්ධව කටක් අරින්නේ නැහැ' කියලා. නමුත් අපි මේ ගැන සංවේදියි. අපි දන්නවා, 'සිදුවෙමින් පවතින්නේ කුමක්ද?' කියා. මේ විනාශය සිදුවූවාට පසුව අඬලා වැඩක් නැහැ. ඒ නිසා තමුන්නාන්සේලා එට්කා ගිවිසුම අත්සන් කරන්න ඉඩ දීලා නිහඬව හිටියොත් තමුන්නාන්සේලා තරම් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායක දෙයකට කර ගහපු වෙනත් පිරිසක් නැති වෙනවා.

තාන්නමාන්න ටික විතරක් රැකුණොත් ඇද්ද? 

දැන් බලන්න, තායිලන්තය සමඟ අත්සන් කරපු වෙළඳ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් කළේ Framework එකක්. අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ඒක බලලා, 'හරි ෂෝක්' කියලා අනුමත කළා. අන්තිමේදි අස්සන් කළාට පසුව පෙනෙනවා, 'වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසිදායකයි' කියා. ඒ ගැන අද කතිකාවක් තිබෙනවා ද? තමුන්නාන්සේලාගේ තනතුරු, තාන්නමාන්න ටික විතරක් රැකුණොත් ඇද්ද? මේ රටේ අනාගතය පිළිබඳව ඔබලාට වගකීමක් නැද්ද?

'හුටා අපි ඉන්නේ අපායේ නේද?'' 

මම මේ කියන්නේ 69 ලක්ෂයේ ජනවරමට අයිතිය තියෙන, පෙකණි වැල එතනින් කැපුණු පොහොට්ටු මන්ත්‍රීලාට. අඩුම තරමින් 'තමන් කළේ බරපතළ ප්‍රකාශයක්. බැහැපන් එළියට' කියා හරීන්ට කියන්න ඔබලාට කොන්දක් නැද්ද? මේක අපේ පෞද්ගලික කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි අර්ධ යටත්විජිත කොලනිය බවට පත් කරන්නයි මේ යන්නේ. සැලැස්ම දන්න හින්දයි හරීන්ගේ කටින් 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්' කියන එක පිටවුණේ. මේවා පොහොට්ටු මන්ත්‍රීලා දන්නේ නැහැ. රනිල් පොහොට්ටු මන්ත්‍රීවරුන් තියාගෙන ඉන්නේ අත උස්සන්න විතරයි. තමුන්නාන්සේලා යම් යම් වරප්‍රසාද ටිකක් නිසා 'ඕන කුණකට' කර ගහනවා. හරීන්ලා එහෙම නොවෙයි. කරන්න හදන දේ රනිල් එයාට කියනවා. පොහොට්ටු මන්ත්‍රීවරුන් අද ඇස් දෙක වහලා, අපායේ ගේට්ටුවෙන් ඇතුළට රැගෙන යන පිරිසක් බවට පත්වෙලා. අපාය ඇතුළෙදී ඇස් ඇරියාම තමයි තමුන්නාන්සේලා දන්නෙ 'හුටා අපි ඉන්නේ අපායේ නේද?' කියා.

මහජන නියෝජිතයෝ නොවෙයි, වෙන මොන යක්කු ද? 

මෑත ඉතිහාසයේ අපේ දූ දරුවන් දහස් ගණනින් දිවි පුදලා මේ රටේ ස්වෛරීත්වය රැකගත්තා. ඒ වගේම ඉතිහාසය  පුරා අපේ මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි දීලා මේ රටේ ස්වෛරීත්වය රැක ගත්තා. ඒ නිසා මේ අපරාධය සිදුවීමට ඉඩදී නිහඬව ඉන්නවා නම් 'සභාව තුළ ඉන්නේ මහජන නියෝජිතයෝ නොවෙයි වෙන මොන යක්කුද?' කියලයි මට කියන්න තියෙන්නේ.

70%කින් පඩි වැඩි කරගන්න ද මහ බැංකුව ස්වාධීන කළේ?

දැන් මෙතැනදී මහ බැංකුවේ පඩි වැඩි කර ගැනිල්ල ගැනත් කතා කළා. විෂය භාර ඇමතිවරයා කියනවා, 'අපි මහ බැංකුව ස්වාධීන කළා. එයාලාට අවශ්‍ය පරිදි පඩි වැඩි කරගන්න පුළුවන්. අපට මොකුත් මීට එරෙහිව කරන්න බැහැ' කියලා. ස්වාධීන කිරීමට අපි විරුද්ධ වුණේ මෙවැනි හේතු නිසයි. මම දැන් මුදල් ඇමතිවරයාගෙන් අහනවා, 'මහ බැංකුව ස්වාධීන කළේ ඔවුන්ට හිතුණු හිතුණු වෙලාවට පඩි වැඩි කරගන්නද? කියා. මේ රටේ මිනිස්සු තුන්වේල කන්න විදියක් නැතුව හාමතේ මැරෙද්දි මහ බැංකුවේ සෙට් එකට සියයට හැත්තෑවකින් පඩි වැඩි කරගන්නද මහ බැංකුව ස්වාධීන කලේ? ඒ අස්සෙ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සියයට හැත්තෑවකට වඩා වැඩියෙන් පඩි වැඩි කරගෙන තිබෙනවා. ඒක කළේ කවර පනතක්, ස්වාධීනත්වයක් අනුව ද? අද හැන්ද අතේ තියෙන එවුන් හිතෙන හිතෙන විදිහට බෙදාගෙන කන්නයි, හැන්ද අතේ නැති එවුන් හාමතේ මියැදෙන්නයි ඉඩ සැලසී තිබෙනවා. මේකද මේ රට රැගෙන යමින් තිබෙන මාවත?

නිවට, නියාලුවන් විදිහට ඉතිහාස පොතට නම එකතු කරගන්න එපා!

'මේ මහා පාවාදීමට ඉඩ දෙන්න එපා! කරුණාකරලා සංවේදීව මේ යන ක්‍රියාවලිය දිහා බලලා එය වැළැක්වීම සඳහා තමන් සතුව තියෙන හයිය පාවිච්චියට ගන්න. එහෙම නැතුව කොඳු බිඳගත් නිවට, නියාලුවන් විදිහට ඉතිහාස පොතට නම එකතු කරගන්න එපා!' කියා අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.