News Category
From Date
To Date
Maximum Number of Result

"එට්කා ගිවිසුමට ඉඩදී" නිහඬව හිටියොත් "මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ කළ පිරිස" බවට ඔබ සියලුදෙනා පත්වෙනවා! - විමල්ගෙන් මැතිසබයට බරපතළ සංවේදී ප්‍රකාශයක්

Feb 21, 2024 at 07:53 PM
|

ඉන්දියානුවන්ට මෙරට රැකියා වෙළඳපළ සහ වෙළඳාමට නිදහසේ පිවිසිය හැකි ආකාරයට සැකසෙමින් තිබෙන එට්කා ගිවිසුම අත්සන් තැබීමට ඉඩදී නිහඬව සිටියහොත් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ සිදුකළ පිරිස බවට වත්මන් මැති සබය පත්වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකට එක්වෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

"ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

මුදල් අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගෙනෙන මේ වෙලාවේ මම කැමතියි රටේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද, කියා මේ සභාව ඉදිරියේ අවධාරණය කිරීමට.

"ගැලවීමද? වැළලීමද?"

මට පෙර අදහස් දැක්වූ එක් පිරිසක් පෙන්වා දෙන්න උත්සාහ කළා, 'අපේ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වුණාට පස්සේ අපි දැන් ගැලවීමේ මාවතක යනවා' කියා. අපට නම් පෙනෙන්නේ, 'මේ යමින් තිබෙන්නේ ගැලවීමේ මාවතක නොවෙයි වැළලීමේ මාවතක' කියලා. පසුගියදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරමින් නිවේදනයන් නිකුත් කොට තිබුණා. එහි සඳහන් වුණේ 'මේ රටේ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලියේදී ජාතික ආරක්‍ෂාවට පවා බලපෑමක් සිදුවෙනවා. ඒ නිසා එම ක්‍රියාවලිය පිළිබඳව නැවත සිතා බලන්න' කියලයි.

'Sri Lanka is part of India actually'

මා මීට ඉහතදීත් මේ සභාවේදී මේ ගැන පැවසුවා. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පසුගියදා ඉන්දියාවේ සිදුකළ කතාවේදී කියනවා, 'ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා. ඒක වැරදීමකින් කිව්ව එකක් නොවෙයි. මනූෂ නානායක්කාර ඇමතිවරයා නම් ඒක සැහැල්ලු කොට සලකා කතා කළා.  මෙම ප්‍රකාශය, වෙමින් පවතින ක්‍රියාවලියට අනුකූලව, බොහොම දැනුවත්ව සිදුකළ ප්‍රකාශයක්. ඔහු පවසන්නේ 'Sri Lanka is part of India actually' කියලයි. මේක කවුරුත් එඩිට් කරපු එකක් නොවෙයි. මේ කියන්නේ 'ශ්‍රී ලංකාව නිසැක ලෙසම ඉන්දියාවේ කොටසක්' කියලයි. මේ ආණ්ඩුව කරමින් යන්නේ ඒක. කනගාටුව, 69 ලක්ෂයේ ජනවරමෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් 'දෙන දේ කාලා, වෙන දේ බලාගෙන' ඉන්න එක ගැනයි. අද 'දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමන්ලා - බොරළුගොඩ සිංහයෝ' මේ අපරාධය වෙන්න ඉඩ ඇරලා පූස් පැටව් වගේ බලාගෙන ඉන්නවා. රාජපක්ෂලාත් මේ අපරාධයට කර ගහලා.

"සියල්ල ඉන්දියාවට..." 

දැන් ටෙලිකොම් එක ඉන්දියානු සමාගමකට දෙන්න යනවා. විදුලි බල  මණ්ඩලය කෑලි කඩලා ඉන්දියානු සමාගම්වලට දෙන්න හදනවා. මන්නාරමේ සුනිත්‍ය විදුලි බල ව්‍යාපෘතිය අදානිට දෙනවා. එමගින් නිපදවනු ලබන විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ අවුරුදු පනහක් යන තෙක් රුපියල් පනහකටයි. සුළං බලයෙන්, හිරු එළියෙන් නිපදවනු ලබන විදුලි ඒකකයක් රුපියල් පනහකට මිලදී ගත යුතුද? සාමාන්‍ය අයකුගෙන්, වහලයක සවි කරන ලද සූර්ය පැනලයකින් නිපදවන විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 30-35කට. නමුත්  අදානිගෙන් මිලදී ගන්නේ රුපියල් පනහකට. ඒ විතරක් ද? හරීන් ප්‍රනාන්දුම ඉන්දියාවේදී කියනවානේ, 'ඔයාලාට අපි එයාපෝට් තුනක් දෙනවා. වරායවල් දෙනවා' කියා. මේ සියල්ලම දුන්නාම අපට මොනවාද ඉතිරි වෙන්නේ? මේ පාර්ලිමේන්තුවද? අවසානයේ ඒකත් ඉතිරි වෙන්නේ නැහැ.

"එට්කා මාර්තුවේ..." 

මාර්තු මාසයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර අවසන්. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, කැබිනට් මණ්ඩලය ඒ ගිවිසුම දැක්කාද? නැහැනේ. එට්කා ගිවිසුමට අදාළව එක් රාජ්‍ය නිලධාරියෙක්ගේ ප්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයක් අටවලා තිබෙනවා. ගිවිසුම පිළිබඳ සංවේදී වෘත්තිකයන් පිරිසක් පසුගියදා ඒ නිලධාරියා හමුවීමට ගියා. ඔවුන් අත්සන් තැබීමට යෝජිත ගිවිසුම පිළිබඳව විමසුවාම ඒ නිලධාරියා කියනවා, 'මොකුත්ම ලේඛන දෙන්න බැහැ. මේ පාර ඉන්දියාව හරි Aggressive(ආක්‍රමණශීලී)' කියා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට මේ රටට රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩකඩ ලැබෙනවා. බුලත්විට කඩ පමණක් නොවෙයි, රූපලාවන්‍ය ආයතනත් ඔවුන් දමා ගනීවි. වෛද්‍ය, ඉංජිනේරු පමණක් නොවෙයි, සෑම වෘත්තියකටම ඔවුන් ලංකාවට පැමිණේවි. ටෙලිකොම් එක ඉන්දියාව ගත්තාම, විදුලිබල මණ්ඩලය කඩලා විකුණනකොට ඒවා ඉන්දියානු සමාගම්වලට ගියාම දැනට සේවයේ නියුතු ටෙලිකොම්, විදුලි බල මණ්ඩල සේවකයන් විශ්‍රාම ගියාට පසුව ඒ පුරප්පාඩු ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට නොවෙයි, ඉන්දියානුවන්ටයි.

මේ රටේ අවසානයේ ආරම්භය...

දැන් බලන්න, මීට වසර දෙසීයකට පමණ පෙර උඩරට වතුකරයට, ඉන්දියානු සම්භවයක් තිබෙන දෙමළ ජනයාව සුදු ජාතිකයන් විසින් රැගෙන ආවේ ආපසු යවන්න බලාගෙනයි. 'සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමෙන්' කොටසක් යැව්වා. නමුත් සියලුදෙනා ආපසු යවන්න බැරි වුණා. අද 'සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම හරියි' කියන මිනිස්සුත් මේ අපරාධය වෙන්නේ ඉඩ ඇරලා බලා ඉන්නවා. එට්කා ගිවිසුම අත්සන් කළා කියන්නේ, 'මේ රටේ අවසානයේ ආරම්භය එය බවට පත්වෙනවා' කියන එකයි.

69 ලක්ෂයේ ජනවරමට පස්ස හරවනවාට වඩා වැඩි දෙයක් 

ඒ විතරක්ද? දැන් හැඳුනුම්පත සැකසීම සඳහා අපේ සම්පූර්ණ ජෛව දත්ත පද්ධතියම දෙන්න යන්නෙත් ඉන්දියානු සමාගමකට. ඉන්දියාවේ 'අමුල්' එකට 'මිල්කෝ' එක සහ පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල්, ඉඩම් අක්කර  තිස්දාහක් පමණ ලබාදීමට නියමිතයි. ඇයි මිල්කෝ එක ඉන්දියාවටම දෙන්නේ? දෙන්නම ඕනේ නම් එම ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක දේශීය ව්‍යවසායකයෙකු  වන ආරියශීල වික්‍රමනායක මහතා වැනි අයෙකුට මිල්කෝ සමාගම දෙන්න බැරි ඇයි? එක පැත්තකින් අද අපේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියානු සමාගම් වළල්ලක් විසින් ගිලගනිමින් සිටිනවා. අනෙක් පැත්තෙන් එට්කා ගිවිසුම ගහලා ඉන්දියානුවන්ට රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩ හදලා දෙනවා. ඔය ටික ඔක්කොම කළාම ලංකාව කියා එකක් ඉතිරි වෙන්නේ නැහැ. අවුරුදු දෙසීයකට කලින් උඩරට වතුකරයට රැගෙන ආපු මිනිස්සු පදිංචි වුණා වගේ එට්කා ගිවිසුමෙන් පසුව රැකියාවට, වෙළඳාමට එන ඉන්දියානුවන් මෙහි පදිංචි වෙන්න බලනවා. සිසිර ජයකොඩි මන්ත්‍රීතුමෝ, කැලණිය හන්දියේ මේ රටේ මිනිස්සුන්ගේ කඩවලට වඩා ඉන්දියානු කඩ වැඩිවේවි. තමුන්නාන්සේලා අත  උස්සාගෙන ඉන්නේ රාජ්‍ය ඇමැති කට්ටක් දිහා බලාගෙන. ඒ විදිහටම දිනේෂ් ගුණවර්ධනලා අගමැතිකමක් දිහා බලාගෙන මේවාට අත උස්සගෙන ඉන්නවා. මේවා වෙන්න ඇරලා, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවානම් ඔබතුමාලා 69 ලක්ෂයේ ජනවරමට පස්ස හරවනවා නොවෙයි, ඊටත් වැඩි දෙයක් තමයි කරන්නේ.

අද රනිල් වික්‍රමසිංහට මේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එක ද ඔබතුමාලාගේ යුතුකම? හරීන් ප්‍රනාන්දු 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා කිව්වේ නිකම් ද? 'අපි රටේ ස්වෛරීත්වය රැක්කේ යුද්ධ කරලා; මම ඒකට සේනාධිනායක ලෙස නායකත්වය දුන්නා' කියපු රාජපක්ෂලා අද ලැජ්ජා නැතුව මේ නින්දිත පාවාදීමට කර ගහනවා. අපි දන්නවා, 'ඉන්දියාවේ සුරතල් කුක්කො මේ ඉන්දියානුකරණයට විරුද්ධව කටක් අරින්නේ නැහැ' කියලා. නමුත් අපි මේ ගැන සංවේදියි. අපි දන්නවා, 'සිදුවෙමින් පවතින්නේ කුමක්ද?' කියා. මේ විනාශය සිදුවූවාට පසුව අඬලා වැඩක් නැහැ. ඒ නිසා තමුන්නාන්සේලා එට්කා ගිවිසුම අත්සන් කරන්න ඉඩ දීලා නිහඬව හිටියොත් තමුන්නාන්සේලා තරම් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායක දෙයකට කර ගහපු වෙනත් පිරිසක් නැති වෙනවා.

තාන්නමාන්න ටික විතරක් රැකුණොත් ඇද්ද? 

දැන් බලන්න, තායිලන්තය සමඟ අත්සන් කරපු වෙළඳ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් කළේ Framework එකක්. අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ඒක බලලා, 'හරි ෂෝක්' කියලා අනුමත කළා. අන්තිමේදි අස්සන් කළාට පසුව පෙනෙනවා, 'වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසිදායකයි' කියා. ඒ ගැන අද කතිකාවක් තිබෙනවා ද? තමුන්නාන්සේලාගේ තනතුරු, තාන්නමාන්න ටික විතරක් රැකුණොත් ඇද්ද? මේ රටේ අනාගතය පිළිබඳව ඔබලාට වගකීමක් නැද්ද?

'හුටා අපි ඉන්නේ අපායේ නේද?'' 

මම මේ කියන්නේ 69 ලක්ෂයේ ජනවරමට අයිතිය තියෙන, පෙකණි වැල එතනින් කැපුණු පොහොට්ටු මන්ත්‍රීලාට. අඩුම තරමින් 'තමන් කළේ බරපතළ ප්‍රකාශයක්. බැහැපන් එළියට' කියා හරීන්ට කියන්න ඔබලාට කොන්දක් නැද්ද? මේක අපේ පෞද්ගලික කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි අර්ධ යටත්විජිත කොලනිය බවට පත් කරන්නයි මේ යන්නේ. සැලැස්ම දන්න හින්දයි හරීන්ගේ කටින් 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්' කියන එක පිටවුණේ. මේවා පොහොට්ටු මන්ත්‍රීලා දන්නේ නැහැ. රනිල් පොහොට්ටු මන්ත්‍රීවරුන් තියාගෙන ඉන්නේ අත උස්සන්න විතරයි. තමුන්නාන්සේලා යම් යම් වරප්‍රසාද ටිකක් නිසා 'ඕන කුණකට' කර ගහනවා. හරීන්ලා එහෙම නොවෙයි. කරන්න හදන දේ රනිල් එයාට කියනවා. පොහොට්ටු මන්ත්‍රීවරුන් අද ඇස් දෙක වහලා, අපායේ ගේට්ටුවෙන් ඇතුළට රැගෙන යන පිරිසක් බවට පත්වෙලා. අපාය ඇතුළෙදී ඇස් ඇරියාම තමයි තමුන්නාන්සේලා දන්නෙ 'හුටා අපි ඉන්නේ අපායේ නේද?' කියා.

මහජන නියෝජිතයෝ නොවෙයි, වෙන මොන යක්කු ද? 

මෑත ඉතිහාසයේ අපේ දූ දරුවන් දහස් ගණනින් දිවි පුදලා මේ රටේ ස්වෛරීත්වය රැකගත්තා. ඒ වගේම ඉතිහාසය  පුරා අපේ මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි දීලා මේ රටේ ස්වෛරීත්වය රැක ගත්තා. ඒ නිසා මේ අපරාධය සිදුවීමට ඉඩදී නිහඬව ඉන්නවා නම් 'සභාව තුළ ඉන්නේ මහජන නියෝජිතයෝ නොවෙයි වෙන මොන යක්කුද?' කියලයි මට කියන්න තියෙන්නේ.

70%කින් පඩි වැඩි කරගන්න ද මහ බැංකුව ස්වාධීන කළේ?

දැන් මෙතැනදී මහ බැංකුවේ පඩි වැඩි කර ගැනිල්ල ගැනත් කතා කළා. විෂය භාර ඇමතිවරයා කියනවා, 'අපි මහ බැංකුව ස්වාධීන කළා. එයාලාට අවශ්‍ය පරිදි පඩි වැඩි කරගන්න පුළුවන්. අපට මොකුත් මීට එරෙහිව කරන්න බැහැ' කියලා. ස්වාධීන කිරීමට අපි විරුද්ධ වුණේ මෙවැනි හේතු නිසයි. මම දැන් මුදල් ඇමතිවරයාගෙන් අහනවා, 'මහ බැංකුව ස්වාධීන කළේ ඔවුන්ට හිතුණු හිතුණු වෙලාවට පඩි වැඩි කරගන්නද? කියා. මේ රටේ මිනිස්සු තුන්වේල කන්න විදියක් නැතුව හාමතේ මැරෙද්දි මහ බැංකුවේ සෙට් එකට සියයට හැත්තෑවකින් පඩි වැඩි කරගන්නද මහ බැංකුව ස්වාධීන කලේ? ඒ අස්සෙ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සියයට හැත්තෑවකට වඩා වැඩියෙන් පඩි වැඩි කරගෙන තිබෙනවා. ඒක කළේ කවර පනතක්, ස්වාධීනත්වයක් අනුව ද? අද හැන්ද අතේ තියෙන එවුන් හිතෙන හිතෙන විදිහට බෙදාගෙන කන්නයි, හැන්ද අතේ නැති එවුන් හාමතේ මියැදෙන්නයි ඉඩ සැලසී තිබෙනවා. මේකද මේ රට රැගෙන යමින් තිබෙන මාවත?

නිවට, නියාලුවන් විදිහට ඉතිහාස පොතට නම එකතු කරගන්න එපා!

'මේ මහා පාවාදීමට ඉඩ දෙන්න එපා! කරුණාකරලා සංවේදීව මේ යන ක්‍රියාවලිය දිහා බලලා එය වැළැක්වීම සඳහා තමන් සතුව තියෙන හයිය පාවිච්චියට ගන්න. එහෙම නැතුව කොඳු බිඳගත් නිවට, නියාලුවන් විදිහට ඉතිහාස පොතට නම එකතු කරගන්න එපා!' කියා අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.