ඇමරිකා ඩොලර් වෙනුවට ආසියානු මුදල්වලින් වෙළෙඳාම් කරන්න ඉරානය හා ශ‍්‍රී ලංකාව අතර එකඟතාවයක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දෙරටෙහි සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගිතාව පුළුල් කිරීම හා වෙළෙඳ සහ ආයෝජන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් එක් කරන උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය සඳහා ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරානයට ස්තූතිය පළ කළේය.
උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිය උත්පාදනයට අමතරව වියළි බිම් අක්කර 50,000 කට වාරි ජලය සැපයීම සඳහා ඝන මීටර් මිලියන 145 ක ජලය සපයයි. මෙම සාර්ථක ව්‍යාපෘතිය පිළිබඳව සතුට පළ කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, බලශක්තිය, ජලය, කෘෂිකර්මාන්තය, නැනෝ තාක්‍ෂණය, ඖෂධ සහ ජෛව තාක්‍ෂණය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ඉදිරි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරානය උනන්දු වන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉරානයේ බොරතෙල් හුවමාරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වීම පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය සතුට පළ කළේය.බොරතෙල් සඳහා ලංකාව ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක් වෙනුවට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට ඉරානය එකඟ විය. භාණ්ඩ හුවමාරු වෙළෙඳ ගිවිසුම යටතේ මේ වනවිට ඉරානයට ඩොලර් මිලියන 20ක තේ අපනයනය කර තිබේ. ග්‍රාමීය විදුලිබල සැපයුම් ව්‍යාපෘතිය සඳහා තවත් යුරෝ මිලියන 31ක ප්‍රදානයක් ලබාදීමට ද ඉරානය එකඟ වී තිබේ.
එක්සත් ජනපද ඩොලර් වෙනුවට ආසියානු මුදල්වලින් වෙළඳාම් කිරීමට කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන අමාත්‍යවරයා එකඟ වූහ. අමාත්‍ය අමීර්-අබ්දුල්ලාහියන් පැවසුවේ ඉරානය, ඉන්දියාව සහ චීනය සමඟ වෙළඳාම් කිරීමට බැංකු කටයුතු දැනටමත් සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකාව සමඟ ද එවැනිම විධිවිධාන සලසා ගත හැකි බවයි.
ආර්ථික අර්බුදයේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නොමසුරු සහය සම්බන්ධයෙන් ඉරාන රජය වෙත ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පැරණි සබඳතා ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සබඳතාවක් යනු අන්‍යෝන්‍ය විශ්වාසය, මිත්‍රත්වය සහ අවබෝධය මත පදනම් වූවක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී ඉරානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkosh), බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොජ්ටොබා අක්බාරි (Mojtoba Akbari), ඉරාන සහකාර අමාත්‍ය සෙයඩ් මව්සවි රසූල්(Seyed Mousavi Rasoul), රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා